Home #Bosslady කාන්තාවන්ගේ දිනය සමරන්න ඔෆිස් එකේ කරන්න පුළුවන් දේව

කාන්තාවන්ගේ දිනය සමරන්න ඔෆිස් එකේ කරන්න පුළුවන් දේව

by LADY.LK
Birthday Cake

කාන්තාවන්ගේ දිනය කියන්නෙ සුවිශේෂී දවසක්. ඒක සුවිශේෂී වෙන්නෙ අපි හැමෝගෙම ජීවයට කාන්තාවක් සම්බන්ධ නිසා විතරක් නෙමෙයි. මේ සමාජයේ ලස්සන කරන කාන්තාවට අපෙන් නිසි තැන සහ නිසි ගෞරවය ලැබෙනවාද කියන කතාවත් එක්ක. ඒ නිසාම කාන්තා දිනය වෙනුවෙන් දියුණු සමාජයේ වැඩි අවධානයක් යොමු වීම සුබවාදී දෙයක් විදියට දකින්න පුළුවන්. ඒ වගේම කාන්තා දිනය වෙනුවෙන් නව තේමාවක් සමග ලොව පුරාම, විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල කාන්තාව විඳින දුක් ගැහැට වලින් කාන්තාවන් මුදවා ගැනීම සම්බන්ධයෙනුත් විවිධ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. මේ සටහන සම්බන්ධ වෙන්නේ ඊට වඩා වෙනස් සැමරීමක් ගැන. සාමාන්‍යයෙන් කාන්තා දිනයට ඔබේ කාර්යාල පරිශ්‍රයේදි දෙන්න පුළුවන් වැඩි අවධානයක් ගැන තමයි මේ කතාබහ.

සැරසිලි

විශේෂ උත්සවයක අනිවාර්‍ය අංගයක් විදියට සැරසිලි දකින්න පුළුවන්නෙ. ඉතිං ඔයාලටත් ඔයාලගෙ ඔෆිස් එක කාන්තා දිනය වෙනුවෙන් ලස්සනට සරසන්න පුළුවන්. මේ සැරසීම් අනිත් සැරසිලිවලින් වෙනස් වෙන ප්‍රධාන කාරණා කිහිපයක්ම තියෙනවා. සාමාන්‍යයෙන් කාර්යාලයක් මොකක්හරි උත්සවයකට සරසද්දි ඒ වෙනුවෙන් වැඩිපුරම ඉදිරියට එන්නෙ කාන්තාවො. නමුත් මේ සැරසීම කරන්න ඕන පුරුෂ පාර්ශවය විසින්. ඒ වගේම සාමාන්‍යයෙන් කාර්යාල සැරසිලි කරන ඇස් කඩාගෙන යන දිලිසෙන වර්ණ වෙනුවට ඇස නිවන රෝස වගේම, ලා දම් පැහැ වර්ණ පාවිච්චි වෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ඉතිං ඒ අතරින් පතරට කාන්තාව ගැන තියෙන විශේෂ වැකි වුනත් ප්‍රින්ට් කරලා එල්ලන්න පුළුවන්.

ඩ්‍රෙස්කෝඩ්

මේකත් සැරසිල්ලත් එක්කම යන දෙයක්. ඒ තමයි ඔෆිස් එකේ හැමෝටම කාන්තා දිනයට ඩ්‍රෙස් කෝඩ් එකක් දෙන එක. මේක කාන්තාවෝ විතරක් කරන දෙයක් නෙමෙයි. පුරුෂ පාර්ෂවයත් මේකට සහභාගි වෙන්න උවමනායි. ඒ අනුව ඔෆිස් එකේ හැමෝම ළා දම් හෝ රෝස පැහැ ඇඳුම් අඳින්න පුළුවන්. එහෙමත් නැතිනම් කාර්යාලයේ පුරුෂ පාර්ශවය ළා රෝස සහ කාන්තා පාර්ශවය ළා දම් වර්ණ අඳින්න පුළුවන්. මේ දේ නම් හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ටිකක් කලින් ප්ලෑන් කරන එක හොඳයි. මොකද හැමෝටම ඒ පාටින් ඇඳුම්​ හොයාගන්නත් පුළුවන් වෙන්න එපැයි.

දෙන්න තෑග්ගක්

හැමෝම හැම වෙලේම ආසා දෙයක් තමයි තෑගි කියන්නෙ. ඉතිං කාන්තා දිනයටත් දෙන්න ලස්සන තෑග්ගක්. හෑන්ඩ්මේඩ් සබන් කැට, චොකලට්, මල්, කාඩ්, ඕනමන්ට්ස් වගේ බොහෝමයක් දේවල් තෑගි විදියට දෙන්න පුළුවන්. ඒ වගේම හැමෝටම එකම තෑග්ගක් වෙනුවට තෑගි ගොඩක් දෙන්නත් පුළුවන්. ඒ තෑගි මාරු වෙලා යද්දි ඒ ඒ අයට තමුන්ට ඕන තෑගි මාරු කරගන්නත් පුළුවන් වෙනවානෙ.

සෙෂන් එකක්

ඔෆිස් එක ඇතුළෙ කාන්තාවන්ට විතරක් වෙන් වුනු සෙෂන් එකක් ලෑස්ති කරන්න පුළුවන්. කාන්තාවන්ට මේකප් සෙෂන් එකක්. එහෙමත් නැත්තං කාන්තාවන්ට අදාල දෙයක් ගැන වර්ක්ෂොප් එකක්. වෙනස් විදියකට හිතුවොත් කාන්තාවන්ට පොඩි ඩාන්සින් සෙෂන් එකක්. එයාලගෙ දේවල් කතාකරගන්න වෙලාවක් නොලැබෙන තැනක් නම් කාන්තාවන්ටම වෙන්වුනු බ්‍රේන්ස්ටෝමින් සෙෂන් එකක්. මේ දේවල් එයාලට ලොකු උත්තේජනයක් ලබාදේවි.

ටැලන්ට් ෂෝ

කාන්තාවන්ගේ නොයෙක් හැකියාවන් එළිදක්වන්න පොඩි වේදිකාවක් හදලා දෙන්න. මේ වේදිකාව උඩ ඔවුන්ගේ හැකියාවන් අගය කරන්න. ඒ වගේම ඒ අතරින් ජයගන්න අයට තෑගි දෙන්න. මේ දේවල් පොඩි මහන්සියකින් කරන්න පුළුවන් දේවල් වුනත් සමාජයේ වගේම පවුල ඇතුළේ වැඩි බරක් අදින කාන්තාවන්ට මේක ලොකු අස්වැසිල්ලක් වේවි.

Related Articles