Home #Bosslady කාන්තා ඔබට නිවසේදීම ආරම්භ කළ හැකි ස්වයං රැකියා අවස්ථා කීපයක්

කාන්තා ඔබට නිවසේදීම ආරම්භ කළ හැකි ස්වයං රැකියා අවස්ථා කීපයක්

by LADY.LK

බොහෝ කාලයක් නිවස තුළම ගෙවෙන මේ කාලයේදී තමන්ගේ නිදහස් වෙලාව ප්‍රයෝජනයට ගන්නට වගේම අපේ ඇඟ හොර වෙන්නට නොදෙන්නට හොඳ අදහසක් තමයි මේ. ඒ තමයි තමන්ට විශ්වාස, කාලය අපතේ නොයන, අතටත් මුදලක් ගෙනෙන ක්‍රියාවක නියැලීම. ඉතිං මේ වෙනුවෙන් කරන්නට ඕනෑ තරම් වැඩ තිබුනත් ගෙදර දොර වැඩත් බලාගෙන කරන්නට හැකි විදියේ ව්‍යාපාර අවස්ථා කිහිපයක් අරගෙනයි අපි මේ සටහන ඔබ වෙත ගෙන එන්නෙ. කාන්තාවක් විදියට අපේ හැකියාවන් එළියට ගන්න පුළුවන්, ලාලිත්‍යය ඒ තුළට ඔබ්බවන්න පුළුවන් ව්‍යාපාර කරනවානම් ඒ ඇතුළෙ සාර්ථක වෙන්නට තියෙන ඉඩ වැඩියි. එනිසා හැමෝම කරන ප්‍රසිද්ධ දේවල්ම නැතුව වෙනස් විදියට හිතන්න ඉඩකුත් අපි මේ සටහනේ අන්තිමට දීලා තියෙනවා. ඒ ඔස්සේ ඔයාලට පුළුවන් වෙයි අපි මෙතන නොකියපු ව්‍යාපාර කිහිපයක් ගැනත් ඔළුවට අදහසක් අරගන්නට. 

පතොක් පැළ

මේ දවස්වල ප්‍රසිද්ධම දෙයක් විදියට පතොක් පැළ හඳුන්වන්න පුළුවන්. පතොක් පැළ කියන්නෙ ස්වභාවයෙන්ම ඇසට සනීප දසුනක්. කොහොමත් පොඩි ඉඩක් වෙන් කරලා මේසය උඩ තියාගන්න පුළුවන් නිසාත්, යම් සාත්තුවක් කරලා දවස ගානෙ බලාගන්න පුළුවන් නිසාත්, ලොකු මුදලක් වියදම් නොවෙන නිසාත් පතොක් පැළයක් ලඟ තියාගන්න ගොඩක් දෙනෙක් වෙහෙසෙනවා. ඉතිං සිමෙන්තිවලින් හදපු ලස්සන බඳුන්වලට තමුන්ගේම අනන්‍යතාවයක් එක්ක ලස්සන හැඩ කිරීමක් කරලා පතොක් පැළ අලෙවිකරන ව්‍යාපාරයක් ගෙදර ඉඳන්ම කරන්න ඔයාලටත් පුළුවන්. දැනටත් ප්‍රසිද්ධ ඒ වගේ ව්‍යාපාර දිහා බලලා ආදර්ශයක් ලබාගන්නත් පුළුවන්. 

ළමා ඇඳුම්

මහන්න පුළුවන් හැකියාවක් තියෙනවානම් හොඳින් ලාබ උපයන්න පුළුවන් විදියක් තමයි ළමා ඇඳුම් කියන්නෙ. සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා තමුන්ගෙ ළමයින්ව ලස්සනට තියන්නට හැකි උපරිමය කරන නිසා ඒ වෙනුවෙන් සාධාරණව ව්‍යාපාරයක් කරගෙන යන්න ළමා ඇඳුම් ව්‍යාපාරයකට පුළුවන්. මුලින්ම ඔයාගේ හැකියාව පෙන්වන්නට ෆේස්බුක් පිටුවක් හදාගෙන ඒ ඇතුළෙ විවිධ මෝස්තර කිහිපයක් එළිදක්වලා මේ ගැන හොඳ ප්‍රචාරණයක් ලබාගන්නටත් හැකියාව තියෙනවා.

ආභරණ

බොහොමයක් දෙනෙක් දැන් රත්තරන් සහ සාම්ප්‍රදායික ආභරණ වලින් බැහැර වෙලා තමුන් අඳින් ඇඳුමට ගැලපෙන්නට ලස්සන කරාබු සහ මාල පැළඳීම සාමාන්‍ය දසුනක්. මේ වගේ අයට තමුන්ගේ හැකියාවෙන් ආභරණ නිපදවන ව්‍යාපාරයක් අරඹන්න ඔයාටත් පුළුවන්. මේ වගේ දේවල් සිද්ධ කරන නොයෙක් ආකාර යූටියුබ් තුළ ඇති තරම් තියෙන නිසා ලොකු අපහසුවක් වෙන්නෙත් නෑ. ඒ වගේම මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරද්දි නිරූපණ ශිල්පිනිය විදියට තමුන්ටම ඉන්නට පුළුවන් නිසා ලැබෙන ආකර්ෂණයත් ඉහළයි.

අන්තර්ජාල නිදහස් රැකියා

මේ වගේ ව්‍යාපාරයක් වෙනුවෙන් ආයෝජනයක් කරන්නට නොහැකි ඔබට, කරන්නට හැකි පහසුම දේ වෙන්නේ අන්තරජාලයෙන් උවමනා තරම් සොයාගත හැකි ෆ්‍රීලාන්ස් රැකියා අවස්ථායි. උදාහරණයක් විදියට ඔබේ හැකියාව ඇත්තේ ලිවීමට නම් අන්තර්ජාලයෙන් උවමනා තරම් ලිවීම් ආශ්‍රිත රැකියා සොයාගන්නට හැකියි. ඒ වගේම ටයිපින් අවස්ථා, ග්‍රැෆික් ඩිසයින්, ෆොටෝ එඩිට්, වීඩියෝ එඩිට් වැනි නිදහස් රැකියා බොහොමයක් අන්තර්ජාලයේ පවතිනවා. ඔබට පහසුවෙන්ම සොයාගන්නට හැකි ෆේස්බුක් ගෘප්ස් පවා තිබෙනවා.

ආලේඛ්‍ය චිත්‍ර

මේකත් ඔබේ හැකියාව හොඳින් පෙන්වන්නට අවස්ථාවක්. ඒ තමයි ඔබට පෝට්‍රේට් චිත්‍ර එහෙමත් නැත්නම් පුද්ගල ආලේඛ්‍ය චිත්‍ර අඳින්නට හැකි නම් මේ ව්‍යාපාරය පහුසවෙන්ම අරඹන්නට හැකියි. ඒ වගේම මේක වෙනස් විදියෙ තෑග්ගක් නිසා ඔබේ චිත්‍ර ලස්සන නම් ගැණුම් කරුවන් සොයාගැනීමත් අපහසු වෙන්නේ නැහැ. ආරම්භයක් විදියට සමාජයේ ප්‍රසාදයක් හිමි චරිතවල චිත්‍ර කිහිපයක් ඇඳලා නිරූපණය කිරීමෙන් වැඩි අවධානයක් දිනාගන්නත් පුළුවන්. මේ චිත්‍ර කලාව ඩිජිටල් චිත්‍ර විදියට වගේම සාම්ප්‍රදායික වර්ණ හෝ කළු සුදු චිත්‍ර විදියටත් දැනටමත් බොහෝ දෙනෙක් සිදු කරගෙන යනවා. මේ වසංගතයක් පැතිර යන මොහොතේ බොහෝ දෙනෙක් තෑගි සොයන්නට යනවා වෙනුවට මේ විදියේ වෙනස් තෑග්ගක් දෙන්නට පෙළඹෙන නිසා ගොඩක් පහසුවෙන් මේ ව්‍යාපාරය ජයගන්නත් පුළුවන්.

කේක් ඇතුළු පේස්ට්‍රි ආහාර

අපි මෙතනදි කේක් ඇතුළු පේස්ට්‍රි ආහාර කියලා සුවිශේෂයෙන්ම කියන්නෙ මේ දේවල් හදන්නට පහසු වීම සහ විශේෂ අවස්ථා වලදී තොග වශයෙන් ලබා දිය හැකි වීම නිසායි. නැතිනම් ගෘහණියකට ඇති ගෙදර දොර වැඩ අතරේ දිනපතා මෙවැන්නකට වෙලාව යොදවන්නට අපහසු නිසා කලින් සිදු කරන ඇනවුමකට අනුව පහසුවෙන්ම නිවෙස්වල සිදු කරන උත්සව අවස්ථාවලට පේස්ට්‍රි නිෂ්පාදන වගේම, උපන්දින වෙනුවෙන් විශේෂයෙන්ම සකසන පුද්ගලයාට අනන්‍ය ලෙසින් වෙනස් කරමින් සකසා ගත හැකි විශේෂ කේක් නිෂ්පාදනයේදී ඇති නිදහස ඉතා ඉහළයි. නිදහස වගේම ඉල්ලුමත් ඉතා ඉහළ නිසා හොඳ ආදායමක් උපයාගන්නත් පුළුවන්.

වෙනස් හැඩයක්

වෙනස් අනන්‍ය හැඩයක් හිතන්න. ඒ ඔස්සේ හිතන්න. වෙනස් පිරිසක් ගැන හිතන්න. චිත්‍ර අඳින්න ආසා පිරිසක් තෝරාගෙන ඔවුන්ට චිත්‍ර ආම්පන්න (පින්සල්, තීන්ත පැලට්, වතුර දිය කරන උපාංග) නිපදවනන්ට ඔබට හැකියි. කාර්යාලයට ගෙනයන වතුර බෝතලය වෙනස් ලෙසින් මැටිවලින් සාදා ඔබට අනන්‍ය ලක්ෂණයක් සමග ප්‍රසිද්ධ කළ හැකියි. ඔබට සම් ගැන දැණුමක් තිබෙනවා නම් මුදල් පසුම්බි, ඔරලෝසු පටි, බෑග් ඇතුළු සම් නිෂ්පාදන සිදු කළ හැකියි. යූටියුබ් හී ඕනෑතරම් ටියුටෝරියල් සොයාගත හැකි නිවසේදී නිපදවන සබන් වුවත් වෙනස් හැඩයක් ව්‍යාපාරයක් ලෙසින් වර්ග කළ හැකියි. මේ විදියට ඔබෙන් භාන්ඩය මිළදී ගන්නාගේ වෙනස් අවශ්‍යතාවලට අවැසි විදියට ව්‍යාපාර අදහස වෙනස් කරගන්නත් ඔයාට පුළුවන්.

Related Articles