Home FoodNutrition කෝමාරිකා බිව්වම ලැබෙන දේවල්

කෝමාරිකා බිව්වම ලැබෙන දේවල්

by LADY.LK

ගැස්ට්‍රයිටිස් තියෙන අයට ක්ෂණිකව ප්‍රතිඵල ලැබෙන පානයක් මේක.අපි බලමු කෝමාරිකා පානයෙන් ලැබෙන වාසි ගැන.

  • ඇගේ උෂ්ණ ගතිය නැති කරනවා.සමේ කුරුලෑ ඇතිවෙන්න බලපානවා ඇගේ තියෙන උෂ්ණත්වය.ඒවා නැති කරන්න කෝමාරිකා වලට පුළුවන්
  • ඇග සිසිල් කරනවා.
  • ආහාර ජීර්ණ පද්ධතියට හොද පානයක්.
  • කෙස් වලට ගොඩාක් හොදයි.

මේ වගේ ගුණ වලින් සමන්විත කෝමාරිකා පානය සතියට දවස් දෙකක් වගේ බොන්න පුළුවන් නම් හොදයි.සෙම තියෙන අය ටිකක් සැලකිලිමත් වෙන්න ඕන.සෙම වැඩිවෙන්න පුළුවන්.ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් එක දිගට දවස් හතරක් වගේ බොන්න ඕන..

අවශ්‍ය ද්‍රව්‍ය :
කෝමාරිකා ග්‍රෑම් 50 (පොත්ත ඉවත් කර මදය සූරා ගන්න )
දෙහි යුෂ මේස හැදි 1
වතුර කෝප්ප 2
අවශ්‍ය නම් සීනි තේ හැදි 1/2

සාදන ආකාරය :

සියල්ල බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කර රස බලන්න .

Related Articles