Home Health & WellnessMental Wellness & Psychology ලස්සන වෙන්න සිතිවිලි ලස්සන කර ගමු

ලස්සන වෙන්න සිතිවිලි ලස්සන කර ගමු

by LADY.LK

ගුරුළුගෝමී පඩිවරයා විසින් ධර්මප්‍රදීපිකා ග්‍රන්ථයේ සඳහන් කර ඇති ආකාරයට පරිපූර්ණ කාන්තාවක් සතුවිය යුතු අංග පහක් පෙන්වා දෙයි. ඒ අනුව  නිරෝගී දිගු කෙස් වැටියක්, පිරිපුන් සිරුරක්, නිරෝගී දත් දෙපළක්, සමේ පැහැපත් බව සහ වයසට වඩා අඩු වයසක් දිස්වීම් ඒ පරිපූර්ණ විය යුතු පංචාංගයන් අතර වේ.  නමුත් අදවනවිට  බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ  සමේ පැහැය පිළිබඳව පමණි. එකී පැහැය වැඩි කර ගැනීමේ අරමුණින්  අදවනවිට තරුණියන් නොකරනා දෙයක් නැත.

අතීතයේදී නම් මේ පංච කල්‍යානයන් වර්ධනය කර ගැනීම සඳහා  ස්භාවික ක්‍රම භාවිතයට ගත්තත් අද වනවිට ඒ සියල්ල වෙනස් වී  කෘතීම ක්‍රම වලින් රුව වඩවා ගැනීමට බොහෝ දෙනා පෙළඹී තිබේ. නමුත් මෙම කෘතිම ක්‍රම වල පවතින  අහිතකර තත්වයන් නිසා බොහෝ දෙනා නොදැනුවත්වම විවිධ රෝගාභාධයන්ට ලක් වූ අවස්ථා ඕනෑ තරම් තිබේ.
සනුද්ර බව කාන්තාවට සේම පිරිමියාටත් පොදු වූ සාධකයකි. . වරක් දුටු විට නැවත හැරී බලන්නට තරම්, සිත විනිවිද දුවන සිතුවිල්ලක් පහල වන කාන්තාවන් සේම පිරිමින්ද ලොව සිටින බව අමතක නොකළ යුතුය.

සමේ පැහැය ගැන පමණක්  උනන්දුවන බොහෝ දෙනාට  සුන්දරත්වය වැඩිදියුණූ කර ගත හැකි ක්‍රම කිපයක් ගැන පැරණි පොත්පත්වල සදහන් වනවා. ඒවා ඔබ බාහිරින් කරන ප්‍රතිකාරවලට වඩා වෙනස්වේ. ජීවිතයේ වටිනාකම් හා සබැඳුණු  මේ දෙවල්වලින් ඔබට නිසැක වශයෙන්ම සුන්දරත්වයට පත්විය හැකිය.
පහන් වූ ඇවතුම් පැවතුම් සමග වර්ධනය වන ගුණ කදම්භය රූ සපුව සුන්දරත්වයට පත් කරයි. එ් වගේම . මානසික ප්‍රසන්නතාවය, සිතේ පවතින සතුට මුසු සන්සුන්බව,  යහපත් සෞඛ්‍ය හුරුපුරුදු වර්ධනය කරගෙන නිරෝගී බව ආරක්ෂා කර ගැනීම, තම රූපය වඩ වඩාත් සුන්දර කර ගැනීමට හේතු කාරක වේ. එසේම මේ ආකාර වලට තම රූපය ඔප මට්ටම් වන විට, එය ලෞකික සැප සම්පත් උරුම වීමටද ප්‍රබල ලෙස හේතුවන ආකාර ගැන තවදුරටත් ඉපැරණි වෛද්‍ය ග්‍රන්ථවල විස්තරවේ.  රූපලාවන්‍ය ලෙස ඒවායේ විස්තර කරන්නේ යහපත් කාන්තාවක, පුරුෂයෙකු ලෙස යහපත් ගුණ වගා කරගනිමින් පිටතින් පමණක් නොව ඇතුලාන්තයෙන්ම සුන්දර වන ආකාර ගැනය.

Related Articles