Home Parenting ඉංග්‍රීසි භාෂාව හුරුකරගන්න සුදුසු ම Cartoons කිහිපයක්

ඉංග්‍රීසි භාෂාව හුරුකරගන්න සුදුසු ම Cartoons කිහිපයක්

by LADY.LK

පුංචි දුවලා පුතාලා cartoon බලන්න හරිම කැමතියි කියන දේ හොඳටම දන්නේ අපේ අම්මලානේ. හැබැයි පොඩි දරුවොන්ට digital screens එතරම් සුදුසු නෑ කියන කාරණය නිසා පොඩ්ඩට cartoon බලන්න දෙන්න ඔබ එතරම් ප්‍රියතාවයක් දක්වන්නේ නැතුව ඇති. සමහරවිට වෛද්‍ය උපදෙස් මත මේ දේ සිදු කරනවා වන්නටත් ඉඩ තියෙනවා. එවැනි බලපෑමක් නොමැති සහ සාමාන්‍යෙන් cartoon නරඹන පොඩිත්තොන්ට තමන්ගේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න ගැළපෙන කාර්ටූන් කිහිපයක් ගැන විස්තර තමයි මේ ලිපියේ අඩංගු වෙන්නේ. පොඩ්ඩාට විතරක් නෙවෙයි cartoon එකක්  බලලා විනෝද වෙන පොඩ්ඩගේ අම්මත් මේ කියන cartoons වලට බොහොම කැමති වෙයි කියලා අපි හිතනවා.

ඉංග්‍රීසි ඉගෙනගන්න cartoon සුදුසු වෙන්නේ ඇයි?

මේ කියැවෙන cartoon නිර්මාණය වෙලා තියෙන්නේ සෙමෙන් සහ පැහැදිලිව වචන උච්ඡාරණය කරන ආකාරයටයි. විශේෂයෙන් ම ඉංග්‍රීසි බස සරල ලෙස යොදා ගනිමින් දෙබස් සකස් කරලා තියෙන නිසා වටහාගන්න ඉතාම පහසු වෙනවා. සමහර අවස්ථාවල දි සංකීර්ණ වචන කියැවුණත් දෙබස් මඟින් ම එහි වචනය පැහැදිලි කරලා දෙන නිසා ඒ සමබන්ධව ගැටළුවක් ඇති වෙන්නෙත් නෑ. ඒ වගේම මේ cartoon නැරඹීමේදි, එකම දේ නැවත නැවත කියවීම මඟින් මතකය දියුණු කිරීම ගැනත් අවධානය යොමු කරලා තියෙන බවත් ඔබට වැටහේවී. උපරිම විනාඩි 30ක පමණ කාලයකට සීමා වුණු කොටස් විදියට නිර්මාණය වෙලා තියෙන නිසා පැය ගණන් නැරඹීමේ අවධානමෙනුත් තොර වෙනවා. විශේෂම කාරණය තමයි මෙහි සඳහන් වෙන cartoon විනෝදජනක සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර ඒවා වෙන නිසා පුංචි දුව පුතා මේවා නැරඹීමෙන් යහපත් දෙයක් මිස අයහපත් දෙයක් ඉගෙනගන්න නම් පෙළඹෙන්න ඉඩක් නැහැ. 

Peppa Pig

ලෝකය පුරාම ඉන්න පොඩ්ඩොන්ගේ ආදරණීයම Pig Family එක සහ එයාලගේ යාලුවෝ ගැන ලස්සන කතා මාලාවක් තමයි Peppa Pig කියලා කියන්නේ. කුඩා දරුවෙක් විවිධ අවස්ථාවන්ට සහ සිද්ධීන්ට මුහුණ දී අත්දැකීම් ලබාගන්නා ආකාරය, එකිනෙකා හා නිසි ආකාරව ගනුදෙනු කරන ආකාරය, පවුල සහ හිත මිතුරන් සමඟ සබඳතාවය පවත්වාගන්නා ආකාරය ගැන පෙන්වමින් ඉතා සරල බසින් නිර්මාණය කර ඇති මේ cartoon මාලාව විවාදයකින් තොරව ලැයිස්තුවේ මුල් තැන ගන්නවා.

Ben and Holly

Magic, Elves, Fairies වගේ පොඩිත්තෝ ආසම කරන සංකල්ප යොදාගෙන නිමවා ඇති මේ කතාන්දරවල ප්‍රධාන චරිත වෙන්නේ Ben, Holly, king & queen Thistle, Nanny Plum, Daisy & Poppy, Ladybird Gaston, miss Jolly වගේ අයයි. තවත් අනු චරිත කිහිපයක් ම අඩංගුවෙන මේ කතා මාලවේ, Peppa Pig තරමටම සරලව සහ පැහැදිලිව ඉංග්‍රීසි බස භාවිතා කරලා තියෙනවා.

The Little Princess

කුඩා කුමාරිකාවක්, එයාගේ පවුල, සුරතලුන් සහ මාළිගාවේ ජීවත්වෙන අනෙක් පිරිස ගැන කතා කරන මේ cartoon පෙළත් මහ බ්‍රිතාන්‍යයේ නිර්මාණය වූවක් වෙනවා. ජීවයෙන්, කුතුහලයෙන් සහ දඟකාරකම්වලින් පිරුණු මේ කුඩා කුමාරිකාව පොඩ්ඩොන්ගේ ආදරය දිනා ගන්නවා නොඅනුමානයි.

Martha Speaks

Alphabet soup එකක් පානය කිරීමෙන් පසුව කතා කිරීමට ඉගෙනගන්නා බලු පැටියෙක් ගැන තමයි මේ cartoon එකෙන් කියවෙන්නේ. ප්‍රධාන වශයෙන් ම අලුත් වචන ඉගැන්වීමට මුල් තැන දෙන නිසා episode එකක් තුළ එකම වචනය කිහිප සැරයක් සඳහන් කරමින් එහි තේරුම් අවබෝධ කරවීමට සහ මතක තබා ගැනීමට ඉඩ සළසනවා.

Sesame Street

Big bird, Oscar, Grouch, Cookie monster, Count, Elmo වැනි Puppets, කුඩා දරුවන් සහ වැඩිහිටියන් යොදාගනිමින් නිර්මාණය කර ඇති මෙම අධ්‍යාපනික වැඩසටහන ඉංග්‍රීසි හෝඩිය, ගණන් කිරීම, කතා බහ වැනි දේ ඉගෙනීමට ඉතාමත් සුදුසු වෙනවා. 

Dora and Friends

ස්පාඤ්ඤ සම්භවයක් සහිත cartoon පෙළක් වුණත් ඉංග්‍රීසි බසින් කතා කරන ඩෝරා අධ්‍යාපනික වැඩසටහනක් විදියට හඳුන්වන්න පුලුවන්. සමාන පද, විරුද්ධ පද, නිවැරදි සහ වටහාගැනීමට පහසු උච්ඡාරණය කියන කරුණුවලට අවධානය යොමු කරමින් මෙම වැඩසටහන නිර්මාණය කරලා තියෙනවා.

Word Girl

මෙම වෙනස්ම ආකරයේ cartoon පෙළෙනුත් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ පොඩ්ඩොන්ගේ වාග් මාලාව දියුණු කිරීම සම්බන්ධවයි. සුපිරිවීර දැරිවියක් අලුත් වචන පාවිච්චි කරමින් නපුරට විරුද්ධව සටන් කිරීම ගැන මෙයින් කියැවෙනවා.

Curious George

කහ පැහැති තොප්පියක් පැළඳගත් පුද්ගලයෙක් සමඟ ජීවත්වෙන ජෝර්ජ් කියලා කියන්නේ හැම දේ ගැනම හරි කුතුහලයක් පෙන්වන, හැම තිස්සෙම කරදරේ වැටෙන පොඩි වඳුරු පැංචෙක්. නිවැරදි ව්‍යාකරණ භාවිතයක් සහිත මේ cartoon පෙළ ඔබේ පොඩ්ඩාට ඉංග්‍රීසි දැනුම විතරක් නෙවෙයි විනෝදයත් ලබාදෙනවා.

Sponge Bob Squuare Pants

ලොව පුරා පොඩිත්තොන්ගේ ආදරය දිනා ගත් ජනප්‍රිය ඇමෙරිකානු cartoon පෙළක් විදියට පෙන්වන්න පුලුවන් මෙහි ප්‍රධාන චරිත වෙන්නේ SpongeBob, Patrick, Mr. Crab සහ Plankton කියන අයයි. 

Related Articles