Home LifestyleFashion අත් යට කළු වෙලාද? මෙන්න විසඳුම

අත් යට කළු වෙලාද? මෙන්න විසඳුම

by LADY.LK

ගොඩක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අත් යට කලු වීම. එහෙමත් නැත්තම් කිහිලි කලු පැහැයට හැරීම. ඉතින් මේ නිසා ගොඩක් කාන්තාවන් අත් නැති ඇඳුම් අඳින්නත් දක්වන්න ඉතාමත් මැලිකමක්. ඔන්න ඉතින් අද අපි කියලා දෙනවා ඔබට ගෙදරදිම කරන්න පුළුවන් බොහොම ස්වභාවික සත්කාර කීපයක් .
යෝගට් සහ කහ  

  • යෝගට් මේස හැඳි දෙකකට කහ මේස එකතු කරලා mix කරගන්න
  • ඊටපස්සේ අත් යට ආලේප කරලා විනාඩි 20කින් සෝදන්න
  • මේකෙන් ඔයාගේ අත්යට අවපැහැය නැති කරනවා විතරක් නෙමෙයි විසබිජත් නැති කරනවා

අර්තාපල්

  • අර්තාපල් සිහින් පෙති කපාගෙන අත් යට ගාන්න
  • එහෙම නැත්නම් අර්තාපල් පෙති විනාඩි 15 ක් හෝ 20 ක් අත යටින් තියලා ඊටපස්සේ සෝදන්න.
  • මේ සත්කාරය දිනපතා කරනවානම් ඉක්මනින් හොඳ result එකක් ගන්න පුළුවන්

කෝමාරිකා

  • රෑට නිදාගන්න කළින් කෝමාරිකා Gel අත් යට ආලේප කරන්න
  • ඊටපස්සේ උදේට සෝදලා ඉවත් කරන්න

එකපාරක් දෙපාරක් කරලා මේ දේවල් කම්මැලිකමට අතඇරලා දාලා ඉන්න එපා. ටික දවසක් මේක එක දිගට කරගෙන යන්න එතකොට ඔයාටම ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. ඉතින් මේ දේවල් කරන ගමන්ම ඔයාට පුලුවන් හොඳ ඩියොඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්න. වෙළඳ පොළේ ඕන තරම් තියනවා. නමුත් ඔබ පාවිච්චි කරද්දි ප්‍රමිතිය ගුණාත්මක බව ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. ඉතින් ඒ හැම දේමත් එක්ක ලස්සනට ඉන්න මෙන්න මේ පුංචි ක්‍රම ටිකක් හදා  බලන්න.

Related Articles