Home LifestyleFashion මුහුණ පිරිසිදු කරන ස්වබාවික සත්කාර

මුහුණ පිරිසිදු කරන ස්වබාවික සත්කාර

by LADY.LK

ලස්සන වෙන්න කවුද අකමැති. ඔබ ලස්සන වෙන්න කියලා හිතාගෙන මොන මොන සත්කාර කළත් ඊට කලින ඔබේ මුහුණ පිරිසිදු කර ගන්න එක ඉතාමත් වටිනවා. ඔබේ සමේ රැදෙන දුහුවිලි, අපද්‍රව්‍ය සම අවර්ණ කරන අතර සමේ විවිධ තත්වයන් ඇති කරනවා. ඒ නිසා මුලින්ම සම පිරිසිදු කරගන්න අවශ්‍ය වෙනවා. සම පිරිසිදු කිරිමේදී සබන් භාවිතා කරන්න එපා.ඒ සදහා වු ස්වභාවික සත්කාර කිහිපයක් බලමු.

සාමාන්‍ය සමට
නැවුම් කිරි පුළුන් කැබැල්ලක ආධාරයෙන් මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න.

තෙල් සහිත සමට
කඩල පිටි, කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.

වියළි සම
බිත්තර කහමද, මී පැණි හා කුඩු කරගත් ආමන්ඩ් ඇට කහ හා නැවුම් කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට සෝදා එය ඉවත් කරන්න.

මිශ්‍ර සම
පිපිඤ්ඤා හා මී කිරි මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. ඊලගට එය සෝදා ඉවත් කරන්න

Related Articles