Home FoodRecipes තිබ්බටු හාල්මැස්සන් බැදුම

තිබ්බටු හාල්මැස්සන් බැදුම

by LADY.LK

මේක නම් හරිම ආස කෑමක් ගොඩක් ගුණයි .ගොඩක් අය හදාගන්න කම්මැලි වුණත් තිබ්බටු බැදුම ඉතාමත් රසයි ඒ වගේම ගොඩක් ගුණයි මෙහෙම කියනවට එක පාරක් හරි හදලා කාලා බලන්නකෝ .අවශ්‍ය ද්‍රව්‍ය සහ සාදාගන්නා ආකාරය පහතින්

අවශ්‍ය දේවල්

තිබ්බටු 200g ( තලලා සෝදලා පිරිසිදු කර ගත් )
හාල්මැස්සෝ 100g
ලොකු ලූණු ගෙඩි 1 සිහින්ව කපා ගත්
අමුමිරිස් කරල් 2 සිහින්ව කපා ගත්
කරපිංචා ඉත්තක්
කෑලි මිරිස් අවශ්‍ය තරමට
ලුනු රස අනුව
තෙල් මේස හැදි 1

මුලින්ම සෝදා පිරිසිදු කර ගත් හාල්මැස්සන් ටික ලිපේ තියා රත් වු පෑන් එකට දාලා සම්පූර්ණයෙන්ම වතුර හිදෙනකන් හැන්දෙන් කලවම් කරන්න ඊට පස්සෙ තෙල් ටික දාලා බැදෙන්න අරින්න හාල්මැස්සන් ටික හොඳින් බැදුනට පස්සෙ ඉතුරු සියලු කලමනා එකතු කර හොඳින් කලවම් කරන්න දැන් වතුර කෝප්ප කාලක් විතර එකතු කර පියන වහලා වතුර හිදෙනකන් උයාගන්න එච්චරයි හරිම රසයි

Related Articles