Home Health & WellnessPhysical Wellbeing වැඩි කාලයක් ජිවත් වෙන්න කැමතිද ?

වැඩි කාලයක් ජිවත් වෙන්න කැමතිද ?

by LADY.LK

ගොඩක් කල් ජීවත් වෙන්න අපි ඕන කෙනෙක් කැමති. වයස 20දි 25දි නැත්නම් 30දි වගේ අපිට හිතේවි 60ක් 65ක් හිටියාම හොදටම ඇති කියල. නමුත් අපි හැමෝම වගේ ජිවිතේට හරි කැමතියි. එනිසා වයස 100දි උනත් තව ජිවත් වෙන්න කැමති. ඒ ඒ කාලයට අනුව අපිට ඒ ඒ විදියට ජිවිතේට අනුව හැඩගැහිලා කරන්න හිතෙන දේවල් කරන දේවල් සෑහෙන්න තියෙන නිසා.

A woman in a sports bra stretching on a dock at Sanctuary Cove
වැඩියෙන් ජිවත් වීම, ඒවගේම සෞඛ්‍ය සම්පන්නව ජිවත් වීම ගැන හිතනකොට මූලික දේ තමයි තමන්ගෙ ශරීරයත් මනසත් හොඳින් පවත්වාගෙන යාම. ඒ අතර මනා ආහාර වගේම ව්‍යායාම කියන දේවල් වැදගත්ම වෙනව. ජිවිතේ කරන ව්‍යායාම අතරින් හොඳම ව්‍යායාමය මොකක් කියලද ඔබ හිතන්නෙ ?  අපිට කරන්න පුලුවන් හොඳම ව්‍යායාමය තමයි ඇවිදීම. ගෑණු අයගෙ ශරීරයේ මේදය ඒකියන්නෙ ෆැට් එක වැඩියෙන් තැන්පත් වෙනව. ඒනිසා තමයි ගොඩක් ගෑණු ළමයි අවුරුදු 18දී කෙට්ටුවට හිටියට වයස 30 – 35 වයස් වලදි ක්‍රමිකව මහත් වෙලා ඉන්නෙ. ඒක සමහර අයට වදයක්. ඒක නැති කරගන්න පුලුවන් බොහෝම හොද එක ක්‍රමයක් තමයි ඇවිදීම.


දවසකට කිලෝමීටර් 5ක්වත් ඇවිදින්න පුලුවන් නම් ඒක ඇගට බොහෝම හොදයි. දුවන්න පුලුවන් නම් තව හොදයි. ඊටත් වඩා වටිනවා පීනන්න පුලුවන් නම්. පිහිනීමෙන් ශරීරය මනාවට ෂේප් කරන්න පුලුවනි. ඒකියන්නෙ ක්‍රමානුකූල කරන්න. ඇවිදින එකත් එහෙමයි. හොදට ඇවිදින කෙනෙක්ගෙ ඇගේ මාංශ පේශි  ක්‍රියාකාරිත්වය වැඩි වෙලා හොදට රුධිරය ගමන් කරනවා. කන කෑම හොදින් දිරවනවා වගේම රෑට හොදට නින්ද යන්නත්, ඇඟේ ශක්තිය තියෙන්නත් හේතුවක්..

අපි බලමු තව ඉස්සරහට මේ වගේ දේවල් ගැන..

Related Articles