Home Health & WellnessBeauty Care දීප්තිමත් කෙස් කළඹක් ලබා ගන්න යෝගට් සත්කාරයක් කරමු

දීප්තිමත් කෙස් කළඹක් ලබා ගන්න යෝගට් සත්කාරයක් කරමු

by LADY.LK

 

හිස කෙස් කියලා කියන්නේ කාන්තා රුවට ලැබුණු අපූරු දායාදයක්.  හැම කාන්තිවක්ම කැමතියි දීප්තිමත්ව ඝනට හා දිගට වැඩුණු කෙස් කළඹකට. එය රැක ගැනීම වස් කාන්තාවන් විවිධ ෂැම්පුවර්ග සහ කන්ඩිෂනර් වර්ග භිවිතා කරනවා. ඒ වගේම තමයි මේවට අධික ලෙස මුදලක් වැය කරනවා.

හැබැයි ඒ වෙනුවෙන් ඔබට කළ හැක ස්වභාවාක සත්කාරත් තිබෙනවා. මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ ඔබට ගෙදරදීම කර ගත හැකි ප්‍රතිකාරයක් ගැනයි.

යෝගට් කියන්නේ හිසකෙස් වල වර්ධනය සදහා උපකාරී කරගත හැකි පෝෂණ ගුණයෙන් ඉහල ද්‍රව්‍යයකි.යෝගට් වල ඇති විටමින සහ ඛනිජ ලවණ මගින් හිස කෙස් වලට ඉතා හොද දිප්තියක් ලබා දෙන අතර හිස් කබලට අවශ්‍ය පෝෂණය ද නොඅඩුව සපයයි.පහත දක්වා ඇත්තේ යෝගට් ආශ්‍රයෙන් ඔබට සිදු කල හැකි සත්කාර 05ක් පිලිබදවයි.

  1. යෝගට් – යෝගට් තනිවම වුවද ඔබගේ හිසකෙස් වල ආලේපනය සදහා භාවිත කරන්නට ඔබට පුළුවන්. නැවුම් යෝගට්  කෝප්පයක් ගෙන ඔබගේ හිස් කබලේ සහ හිසකෙස් වල සම්පුර්ණයෙන්ම ආලේප කරන්න. මිනිත්තු 30ක් තිබෙන්නට හැර මදක් උණුසම් ජලයෙන් සෝදා හරින්න.
  2. යෝගට්,දෙහි සහ පැණි – පරිසරයේ ඇති විවිධ ද්‍රව්‍ය හා ගැටීම නිසා හිසකෙස් වලට හානි සිදුවෙන්නට පුළුවන්. මෙවැනි තත්වයක් යටතේ ඔබට සිදු කල හැකි ඉතා හොද සත්කාරයක් ලෙස මෙය සැලකේ. යෝගට් එකක් සමග දෙහි බින්දු කිහිපයක් සහ පැණි මේස හැන්දක් එකතු කරගන්න. මෙම මිශ්‍රණය හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
  3. යෝගට්, පැණි සහ ඔලිව් තෙල් – ඔබගේ හිසකෙස් වල පෝෂණය සදහා ඔලිව් තෙල් ඉතා වැදගත් වේ. යෝගට් කෝප්ප භාගයක්
    සහ පැණි මේස හැදි තුනක් සමග ඔලිව් තෙල් මේස හැදි දෙකක් මිශ්‍ර කරගන්න. ඒවා හොදින් මිශ්‍ර කර හිස් කබලේ සහ හිසකෙස් වල අලේප කර මිනිත්තු 30ක් තිබෙන්නට හැර සෝදා හරින්න. එමගින් ඔබට දීප්තිමත් කෙස් කලබක් ලබා ගන්නට පුළුවන්.
  4. යෝගට් පැණි සහ පොල්තෙල් – ඔබගේ හානි වූ හිසකෙස් සදහා මෙය ඉතා හොද සත්කාරයකි. මෙම ද්‍රව්‍ය මගින් ඔබගේ හිසකෙස්
    ඇතුලාන්තයෙන් පෝෂණය කරවන අතර ඔබට දීප්තිමත් කෙස් කලබක් ද ලබා දෙයි. පැණිමේස හැන්දක් සහ පොල්තෙල් මේස හැදි දෙකක් සමග යෝගට් මේස හැදි දෙකක් එකතු කරගන්න. ඒවා හොදින් මිශ්‍ර කර ඔබගේ හිසකෙස් වල සහ හිස්කබලේ ගල්වා මිනිත්තු කිහිපයක් තිබෙන්නට හැර සෝදා හරින්න.
  5. යෝගට්,ඔලිව් තෙල් පැණි සහ කෝමාරිකා – කෝමාරිකා වලින් හිසකෙස් වලට ලැබෙන්නේ අපමණ පොශ්නයකි. එය ඔලිව් තෙල් සහ පැණි යෝගට් සමග මිශ්‍ර වූ විට ඔබට වඩාත් හොද ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. කෝමාරිකා මේස හැදි දෙකක් සහ යෝගට් මේස හැදි දෙකක් සහ ඔලිව් තෙල් මේස හැන්දක් මිශ්‍ර කර හිසකෙස් වල ගල්වා මිනිත්තු 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about a yoget treatment for your hair. You can read the article and put your feedback on it. Hair ads a color to a female body, every women will like a thick and long hair.

Related Articles