Home Health & WellnessMental Wellness & Psychology ඔබත් කේන්තිකාරියක්ද ?

ඔබත් කේන්තිකාරියක්ද ?

by LADY.LK

අපි හැමෝටම කේන්තිය – තරහව එක එක ආකාර වලට එන්න පුලුවනි. එක එක හේතු නිසා, සිද්ධීන් නිසා ඇති වෙන්න පුලුවනි. ඇත්තටම තරහ එන්නෙ ඇයි ? තරහ ආවාම අපි ඒක පාලනය කරගන්නෙ කොහොමද ? ඔබ දන්නවද තරහ නිසා මොලයේ නියුරෝන මැරෙන බව ? ඒකියන්නෙ තරහ කියන්නෙ ඒ තරම හොද දෙයක් නෙමෙයි.

තරහ එන්න මූලික වෙන්නෙ හේතු 2ක්.

1 –  කැමති දේ නොලැබීම – සිද්ධ නොවීම
2 – අකමැති දේ ලැබීම – සිද්ධ වීම

ඇත්තටම තරහ නිසා ඔබට බොහෝම සිත් තැවුල් ඇති වෙලා ඇති නේද ? මතක තියාගන්න පිරිමි තරහ අරගෙන දඟලනව වගේ නෙමෙයි, ගෑණු අය තරහ අරගෙන හැසිරීමෙදි ඒක බොහෝම අශෝභන විදියට අනිත් අයට පේන දෙයක්.
එතකොට තරහක් ආවාම – දුකක් වේදනාවක් එක්කම මොකක්ද අපි කරන්න ඕන ?

Image: rawpixel

පොදුවේ අපිට තරහ එන්නෙ වේදනාව එක්ක අපේම කෙනෙක් නිසා නේද ? ගෙදර අය, යාළුවො එක්කයි. ඒ වෙලාවට හොඳම දේ තමයි වාද කරන්න යන්නෙ නැතිව, නිහඬව පැත්තට වෙන එක. තමන්ගෙ කාමරයට ඇවිල්ලා  දොර වහගෙන පාඩුවේ ඉන්න. එතකොට අනවශ්‍ය විදියට වචන කියලා හිත් රිදීම වැඩි කරගන්න එක නොවී තියෙනවා. ඒවගේම ඒ තරහවත් ඒකට අදාල දේවලුත් හැමදේම පැයක් 2ක් ඇතුලත අපිට ආයෙ මතක් වෙනවා. හිතෙන්න ගන්නවා. සමහරවිට තමන්ගෙ පැත්තෙනුත් වෙච්ච වැරදි ගැන හිතන්න පුලුවනි නිහඬව පාඩුවෙ ඉන්නව නම්.

අනිත් කාරණය තමයි, ඔයා වරදක් නොකර නම් ඒ ප්‍රශ්නය ඇති උනේ,

වෙන කෙනෙක්ගෙ දුර්වලතාවයක් නිසා, ඇයි ඔයා තරහ ගන්නෙ ? ඒක නිතර හිතන්න. වෙන කෙනෙක් කරන දේකට ඔයාගෙ හිතේ සතුට – සැනසීම නැති කරගන්න එපා. එයාගෙ තරහ එයා ගාව තියාගත්තාවෙ, ඒ තරහට වැරදි සිද්ධ කරගන්න එක ඔයා කරගන්න එපා.
ඉවසන්න පුරුදු වෙන්න. “ ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය, මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය “ කියල කියනවනෙ. ඒක ඇත්තටම ඇත්ත.

තරහක් – වේදනාවක් ආවාම නිහඩව ඒ සිද්ධි ගැන හිතන්න. කල්පනා කරන්න. තමන්ගේ හිතේ සැනසීම නැති වෙන්න ඉඩ දෙන්න එපා. ඒ ඉවසීම එක්ක ටික දවසකින් හුරු උනාම, ඔයාටම දැනේවි ඔයා තුල විශේෂ ශක්තියක් තියෙනව කියල ඕනම දෙයක් හොඳින් දරාගන්න.
තේරුනාද ?

Related Articles