Home Parenting පවුල් සංවිධානය ඔබට තවමත් ගැටලූවක්ද?

පවුල් සංවිධානය ඔබට තවමත් ගැටලූවක්ද?

by LADY.LK

පවුල් සැලසුම් ක‍්‍රමයක් යනු ලිංගිකව එක් වීමේ දි දරුවකු පිළිසිඳ ගැනීම වළක්වා ගැනීම සඳහා ගත හැකි ක‍්‍රියා මාර්ගයි.

මේවා ස්වභාවික ක‍්‍රම සහ කෘත‍්‍රිම ක‍්‍රම ලෙසද ස්ථිර හා තාවකාලික ක‍්‍රම ලෙස ද නම් කළ හැක.  පවුල් සැලසුම් ක‍්‍රම භාවිතයේදී   තමන්ට සුදුසු ක‍්‍රමය කුමක්දැයි සැමියා හා බිරිඳ   සාකච්ඡුා කොට තීරණය කිරීම ඉතා වැදගත්ය.  අඩු වයසෙන් විවාහ වී වසර කිහිපයක් දරු උපත කල් දමා ගැනීමට අවශ්‍ය අයට ස්වභාවික ක‍්‍රම පාවිච්චි  කළ හැකිය. එනම්  සරුකාලය නිර්ණය කොට ඒ අනුව සම්බන්ධතා පැවැත්වීමයි.  පිරිමි පක්ෂය විසින් අසඑයාර්අ්ක ශුක‍්‍රාණු යෝනි මාර්ගයෙන් පිටත පිට කිරීම හෝ කොන්ඩම් පාවිච්චි කිරීම  කළ හැකි ය.

ස්වභාවික ක‍්‍රමවල විශ්වාසවන්තභාවය අඩුය. විශ්වාසවන්තව පාවිච්චි කළ හැකි තාවකාලික ක‍්‍රමය නම් හෝර්මෝන් පෙති පාවිච්චි කිරීමය. නිතර අමතකවීම් වන අයට මෙම ක‍්‍රමය සුදුසු නොවේ.  හොර්මෝන් ක‍්‍රම භාවිතයට පෙර වෛද්‍යවරයකු හමු වී රෝග තත්ත්ව නැති බව සැක හැර දැන ගෙන අතුරු ආබාධ ගැනද දැනුවත්ව එය කළ යුතු ය.

එක් දරුවෙකු ලැබී දරුවන් අතර පරතරයක් ඇති කර ගැනීමට විවිධ ක‍්‍රම තිබේ. වඩාත් ප‍්‍රචලිත හා බොහෝ කාන්තාවන්ට සුදුසු ක‍්‍රමය වන්නේ ලූපය දැමීමයි. එය පුහුණු වෛද්‍යවරු හෝ සෞඛ්‍ය නිලධාරිනියන් සිටින සායනයකින් ඒ ගැන දැනුවත්ව දමා ගත යුතු ය.  ලූපය යනු කාන්තාවකගේ ගර්භාෂයට ඇතුළු‍ කළ හැකි ටී අකුරේ හැඩය ඇති කුඩා මෙවලමකි. වසර කිහිපයකින් නැවත දරුවන් අවශ්‍ය නම් එය ඉවත් කර ගැනීම කර ගත හැකිය. මෙහිදී හෝර්මෝන් වෙනස් වීම් සිදු නොවන බැවින් සිරුරට සිදු වන වෙනස් කම් අවමය. දින 90කට වරක් විදින හෝර්මෝන් එන්නතද දරුවන් අතර පරතරයට පාවිච්චි කළ හැකි ය. වසර පහකට තබා ගත හැකි හෝර්මෝන සහිත කුඩා කැප්සියුල් සමට යටින් ඇතුළ් කර ගැනීමද තවත් ක‍්‍රමයකි.

එල්. ආර්. ටී (Ligation and Resection of the Tubes) යනුවෙන් හැඳින්වෙන පැලෝපීය නාලවලට සිදු කරන සැත්කම ස්ථිර පවුල් සැලසුම් ක‍්‍රමයකි. ලැපොරොස්කොප් ක‍්‍රමයටද මෙය සිදු  කරනු ලබයි. එහිදී නාල අවහිර කිරීමක් සිදු වේ. පවුලට නැවත දරුවන් අවශ්‍ය නැත්නම් පමණක් එය සිදු කරගත යුතු ය. එහි දී වෙන් කරන පැලෝපීය නාල නැවත සැකසීම දුෂ්කර බැවිනි. පුරුෂ වන්ධ්‍යාකරණ සැත්කම පුරුෂයින් සඳහා  ඇති ස්ථිර ක‍්‍රමයයි.

ශ‍්‍රී ලංකාවේ පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය 2016 වන විට සංඛ්‍යාලේඛන මෙසේය.

65%ක් විවාහක අය කුමන හෝ පවුල් සංවිධාන ක‍්‍රමයක් භාවිතා කරයි. ස්ථිර ක‍්‍රම වලින් වඩාත්ම ඉහළ ප‍්‍රතිශතයක් ඇත්තේ ස්ත‍්‍රී වන්ධ්‍යාකරණ සැත්කමයි එය 14%කි. තාවකාලික ක‍්‍රම වලින් වඩාත්ම භාවිතා වන්නේ හෝර්මෝන් එන්නතයි එය 15%කි. 10.6%ක් ලූපය භාවිතා කරන අතර හොර්මෝන් පෙති භාවිතය 9%ක් පමණ වේ. හෝර්මෝන කැප්සියුල් ශරීර ගතකර ගැනීම  10%ක් පමණය. කොන්ඩම් පාවිච්චිය 7%කි.

විවාහක අය පමණක් නොව තරුණ තරුණියන්ද පවුල් සංවිධාන ක‍්‍රම පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වන අතර කොන්ඩම් පාවිච්චියෙන් ලිංගාශ‍්‍රිත රෝගද වැළකේ.

Related Articles