Home Parenting ලියුකේමියාව වළකන මවුකිරි

ලියුකේමියාව වළකන මවුකිරි

by LADY.LK

මවු කිරි වැඩි කාලයක් දීමෙන්  බිලිදුන්ට ළමා වියේ දී ලියුකේමියාව ඇති වීමේ අවදානම අඩුවන බව මෑතක දී පර්යේෂණයකින් අනිවරණය වී ඇත. අවම මාස 6 ක කාලයක් මවු කිරි දීමෙන් බෝතල් වලින් කිරි දීම හා සාපේක්ෂව දරුවන්ට ලියුකේමියාව ඇතිවීමේ අවදානම සියයට 19 කින් අඩුවන බව එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.

ළමාවියේ දී සෑදෙන පිළිකා අතරින් වඩාත්ම පොදු තත්වයක් වන ලියුකේමියාව ළමාවියේ දී සෑදෙන පිළිකා අතරින් සියයට 30 ක අගයක් ගනී. මාස 6 ක කාලයක් යනතෙක් දරුවන්ට දීමට වඩාත්ම සුදුසුම ආහාරය මවුකිරි දීම යැයිද එසේ වුවත් මවුපියන් බිලිඳුන්ට බොතල් වලින් කිරිදීමට පුරුදුව ඇතැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති. ඊශ්‍රාලයේ හයිෆා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ  පිරිසක් මෙම පර්යේෂණය සිදු කළහ‍. පොදු ස්ථාන වල දරුවන්ට මවුකිරි දීමට සුදුසු පරිසරයක් ඇති කල යුතු බවත් මවුකිරි දීමෙන් ඇති යහපත් ප්‍රතිලාභ පිළිබඳව මවුවරුන් දැනුවත් කල යුතු යැයි ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

මවුකිරි දීමේ වඩාත්ම ඵලදායී කරුණ නම් එමගින් දරුවා ගේ සිරුරට ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරන රසායන ද්‍රව්‍ය ඇතුළත් වීමයි. එසේ ම මවු කිරි දීමෙන් දරුවන් අධික තරබාරු වීම, පපුවේ හා කන් වල ආබාධ ඇති වීම, විජලනය ආදී රෝග රැසකින් ද වැළකෙන බව මෑතක දී කරන ලද පරීක්ෂණ රැසකින් අනාවරණය වී ඇත.

වැඩි කාලයක් මවු කිරි දීමෙන් දරුවන්ගේ බුද්ධි මට්ටම, මතක ශක්තිය, අධ්‍යපනය ලැබීමේ හා වැඩිවියට පත් වන විට වැඩි ආදායම් ලබන බව මීට පෙර කරන ලද පරීක්ෂණයක දී අනාවරණය විය. මෙම පර්යේෂණයේ ප්‍රතිඵල තහවුරු කර ගැනීම සඳහා ඉදිරියටත් මෙම පර්යේෂණය කරගෙන යන බව ද පර්යේෂකයෝ පවසති.

Related Articles