1.8K
අර්තාපල් අල ගෙඩියකින් සිහින් පෙත්තක් කපාගෙන අඳුරු වී ඇති ස්ථානයේ තබන්න. විනාඩි 15 ක් පමණ තැබීමෙන් පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. අල ගෙඩියක් ග්‍රේට්කර යුෂ වෙන් කරගෙන එම යුෂ මුහුණේ ආලේපකර තැබීමෙන් ද කළු ලප කැළැල් ඉක්මනින් ඉවත්කරගත හැකියි.
මුහුණ මත කළු ලප ඇතිවීමෙන් ඔබේ සුන්දරත්වය නැතිවී යනවා. හිරු එළියට නිරාවරණය, හෝමෝන අසමතුලිතා, ගර්භනිය තත්ත්වය, යම් යම් ඖෂධ, විටමින් ඌනතා, නින්ද නොමැතිකම සහ අනවශ්‍ය මානසික ආතතිය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවිය හැකියි. නිවෙසේදීම කළ හැකි සරල ප්‍රතිකාර මඟින් ඔබේ මුහුණ මත ඇති කළු ලප, කැළැල් ඉක්මණින්ම ඉවත් කරගන්න පුළුවන්.
ලෙමන් යුෂ

පුළුන් කැබැල්ලකට ලෙමන් යුෂ ස්වල්පයක් දමා කළු ලප ඇති ස්ථානයේ පිරිමදින්න. ලෙමන් යුෂ සමට උරාගත් පසු සාමාන්‍ය වතුරෙන් සෝදා හරින්න. කළු ලප අඩු වී යන තුරු දිනපතා සති 2 ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
අර්තාපල්

කෝමාරිකා

කෝමාරිකා පත්‍රයකින් යුෂ වෙන්කරගෙන මුහුණේ ආලේපකර අඳුරු පැහැ වී ඇති තැන් විනාඩි කිහිපයක් ඇඟිලි තුඩුවලින් හොඳින් සම්භාහනය කරන්න. පසුව විනාඩි 15 ක් පමණ එය වියළෙන තුරු සිට සෝදා හරින්න.
සුදුහඳුන්
සුදුහඳුන් කුඩු මේස හැඳි 1 කට ග්ලිසරින් සහ රෝස වතුර ස්වල්පයක් එක්කර තලපයක් ආකාරයට සාදා ගන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 15 ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

කහ
කහ කුඩු මේස හැඳි 1 කට කිරි මේස හැඳි 2 ක් සහ ලෙමන් යුෂ තේහැඳි 1 ක් එක්කර හොඳින් මිශ්‍රකරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේපකර හොඳින් වියලුනු පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
ලූනු

ලූනු ගෙඩියක් සිහින්ව කපා පොඩිකර යුෂ වෙන් කරගන්න. පසුව පුළුන් කැබැල්ලක් එහි පොඟවා කළු ලප ඇති තැන්වල ආලේපකර සමට හොඳින් උරාගත් පසුව සෝදාහරින්න.