ලස්සනට ඉන්න කව්ද අකමැති. හැබැයි එහෙමයි කියලා පුද්ගලයකුගේ ලස්නන මිනුම් කරන්න නම් බැහැ. මොකද ලස්සන කියනදේ සාපෙක්ෂ දෙයක් නිසා. නමුත් ප්‍රියමනාප බව නම් අපට බැලූ බැල්මටම මිනුම් කරන්න පුළුවන් ඔය කියන ලස්සනට ප්‍රිය මනාප බව එකතු වුණාම තමයි අපි කියන්නේ ” එයා හරිම ලස්සනයි” කියලා.
නමුත් ඔබේ ප්‍රියමනාප බව ඔබේ ලස්සන පුංචිම පුංචි කුරූලෑවක් නිසා නැති වෙලා යන්නත් පුළුවන්. ඔබ කුරූලෑ නිසා පීඩා විදින කෙනෙක් නම් දැනටමත් ඔබ පුරුදු වෙලා ඇත්තේ වෙළඳ පොලේ තිබෙන ඉතාමත් මිල අධික රූපලාවන්‍ය දුව්‍ය භාවිතා කිරීමට. නමුත් එවැනි ආලේපන මගින් ඔබේ සමට දැඩි ලෙස හානි සිදුවන බව ඔබ නොදන්නවා වෙන්නට පුළුවන්.
එයට පිළියමක් ලෙස රුව රකින කුරුලෑ නසන ස්වභාවික ශක්තියක් තක්කාලි ගෙඩිකයක පවතින බව ඔබට නිකමටවත් හිතෙන්නට නැතුව ඇති. ඔබත් කුරුලෑවලින් පීඩාවිදින තරුණියක් නම් කරන්න තියෙන්නේ බොහොම සුළුදෙයක්. එහෙනම් මෙන්න මේ පිවර ටික අත්හදා බලන්න
මධ්‍යම ප්‍රමාණයේ තත්කාලි ගෙඩියක් ගෙන දෙකට පලා එක් පළුවක් ගෙන එය කුරුලෑ ආසාදිත ස්ථානයේ තක්කාලි යුෂ හොදින් ආලේප වන පරිදි අතුල්ලන්න. ටික වෙලාවකට පසුව මද උණුසම් ජලයෙන් මුහුණ සෝදා පිරිසිදු කර ගන්න.
තක්කාලි යුෂ කියන්නේ විටමින් හා ලයිකොපීන් ප්‍රතිඔක්සිකාරක වලින් පිරිපුන් දියරයක්. ඉතින් මෙමගින් සමේ ආරක්ෂාව වැඩි කරලා , සමේ සෞඛ්‍ය සදහා ඉතාම වැදගත් දෙයක් වන කොලජන් නිෂ්පාදනය ඉහල දමනවා. ඒ වගේම තමයි කුරුලෑ ඇති වීම නිසා හානි වී තිබෙන මතුපිට සම නැවත යථාතත්වයට පත් කිරීමද මේ තුළින් සිදු වෙනවා.
ඒ වගේම තමයි ඔබ විසින් සිදු කරන මෙම සත්කාරය මගින් කුරුලෑ නිසා මුහුණේ ඇති වී තිබෙන රත් පැහැ ගතියත් නැත්තටම නැති කර දමනවා.