Home Health & WellnessPhysical Wellbeing ඔබටත් ව්‍යායාම අඩුද ? පරිස්සම් වෙන්න

ඔබටත් ව්‍යායාම අඩුද ? පරිස්සම් වෙන්න

by LADY.LK

අද වර්තමානයේ බොහෝමයක් කාන්තාවන්ට ව්‍යායාම ඉතාම අඩුයි. ඔවුන් ඇවිදින්නේ ගෙදර සහ කාර්යාලයේ හෝ සුපර්මාකට් එකේ වෙන්න පුලුවනි. අනිත් සියලු තැන් වලට වාහන මගින් යන නිසා ඇත්තටම ශරීරයේ මේද තැන්පත් වීම වගේම හොදම ව්‍යායාමක් වන ඇවිදීමෙන් ලැබෙන වටිනාකම් ඔවුන්ට ලැබෙන්නෙ නැහැ.

අතීතයේ කාන්තාව වර්ණනා කරන්නෙ සිහින් ඉඟ සහ පුළුල් උකුල ගැන කියල. නමුත් ඒ තත්වය අද බොහෝමයක් කාන්තාවන්ට නැති වීම නිසා හෘදයාබාධ, අධිරුධිර පීඩනය වැනි රෝගී තත්වයන් වලට පහසුවෙන් ගොදුරු වෙන්න ඉඩ වැඩියි. ඒවගේම මේව හදුනාගත්තොත් ඒ වෙනුවෙන් බොහෝම මිලක් වැය කරන්නත් වෙනවා වියදම් වලට. ඒවට අමතරව ඇති වෙන්න පුලුවන් තවත් අවදානමක් තමයි කොදු ඇට පෙල ආශ්‍රිත පිළිකා තත්වය. මේ තත්වය ඇති වෙන්න හේතු වෙන්නෙ කාන්තාවන්ගේ අලස ජිවන රටාව.
ඉණ ප්‍රදේශයේ ගැටිත්තක් විදියට ආරම්භ වන මෙම තත්වය අවසානයේ නිසි ප්‍රතිකාර නැති උනොත් එක්තැන් කරන්න පවා ඉඩ තියෙනවා. කොන්ද දිගා අරින්න වගේම ඇවිදීමත් ඉතාම අපහසු වෙනවා මේ තත්වයට ගොදුරු උනොත්.

ඉතින් එවන් අවදානමකට පෙර සූදානම කෙබදු විය යුතුද ?

මෙම රෝගී තත්වයද බොහෝමයක් රෝග මෙන් මුල් අවස්ථා වල හදුනාගත්තොත් සුව කරගන්නට පුලුවන්. නමුත් කාලයක් ගිහින් නම් කරන්න පුලුවන් වෙන්නෙ රෝගය තරමකට පාලනය විතරයි.
මෙම තත්වය ඇති නොවන්නට නම් ශරීරයේ මහත ඇති  නොවෙන්නට ආහාර පාලනය වගේම නිසි ව්‍යායාමත් අනිවාර්ය කල යුතුමයි.
එවගේම අධිකව මස් වර්ග කන එකත් නතර කිරිම වඩා සුදුසුයි. අධික ලුණු සහිත ආහාර වලින්ද වැලකීම වඩා හොදයි. ඒවගේම කෑම වේලට අනිවාර් පලා වර්ග 2ක්වත් එකතු කරගන්නට කටයුතු කරන්න.

මේ තත්වය තවදුරටත් පවුලේ වෛද්‍යවරයා ලවා පරික්ෂා කරගන්න. සාමාන්‍ය ලෙස ඇග වෙහෙසවා වැඩ කරන්න. අනවශ්‍ය අවදානමකට යන්න එපා. ජිවිතය හොදින් ගත කරන්න.

Related Articles