Home Health & WellnessPhysical Wellbeing සතියකින් ඔබේ බර කිලෝ 8ක් අඩුකරන රහස මෙන්න.

සතියකින් ඔබේ බර කිලෝ 8ක් අඩුකරන රහස මෙන්න.

by LADY.LK

ස්ථුලතාවය නිසා අද වන විට ලෝකයේ බොහෝ දෙනා පීඩා විඳිනවා. එය ශාරීරික මෙන්ම මානසිකවද ඔබව පීඩාවට පත් කරන්නක්. බොහෝ වෙලාවට ව්‍යායාම කිරීමට කාලයක් නැතිකම, වැරදි ආහාර රටාවන්, කාර්ය බහුලත්වය, වැනි හේතුන් නිසා ඇතිවන මේ ස්ථුලතාවය නැති කර සතියකින් ඔබේ බර කිලෝ 08 ක් අඩු කර ගත හැකි ආහාර සැලැස්මක් තමයි දැන් අපි ඔබට කියන්නට යන්නේ.

පළමු දිනය

මෙම ආහාර සැලැස්මේ පළමු දිනය ඉතා වැදගත් . මෙහි පළමු දිනය තුල පළතුරු ආහාර පමණක් ලබාගත යුතුයි. පළමු දිනයේදී කෙසෙල් හැරුණු විට ඔබ කැමති පළතුරු වර්ග වලින් අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ආහාරයට ගන්න. ඒ වගේම, ජලය වීදුරු 8 -12 ත් අතර පානය කරන්න. මෙම ආහාර සැලැස්මේ පළමු දිනයේදී එළවළු හෝ වෙනත් ආහාර වර්ගයක් අනුභව කිරීමෙන් වැලකි සිටීමට හොඳින් වගබලා ගන්න. පළමු දිනයේදී නිතර ඔබට කුසගිනි දැනෙනවා නම් එම අවස්ථාවක පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගෙන ජලය පානය කරන්න.

දෙවන දිනය

දෙවන දිනයේ දී ඔබ සිදු කල යුතු වන්නේ එළවළු පමණක් ආහාරයට ගැනීමයි. ඔබට අවශ්‍ය පරිදි පිසගෙන, තම්බා හෝ අමුවෙන් ඔබ කැමති එළවළු වර්ගයක් අවශ්‍ය ප්‍රමාණයකින් ආහාරයට ගන්න. නමුත් එළවළු සකස් කර ගැනීමේ දී කිසිම තෙල් වර්ගයක් භාවිතා කරන්නට එපා. තම්බා ගත් යම් එළවළුවක් උදෑසනම ආහාරයට ගැනීම ශරීරයට සුවදායක වනවා. අර්තාපල්, කැරට්, ගෝවා, බ්‍රාකෝලි සහ පිපිඤ්ඤා ඇතුළු එළවළු වර්ගයක් තම්බා හෝ අමුවෙන් ආහාරයට ගන්න. පළමු දිනයේ දී සේම දෙවන දිනයේදීත් ජලය වීදුරු 8 -12 ත් අතර පානය කරන්න.

තුන්වන දිනය

තුන්වන දිනය තුලදී ඔබ සිදු කල යුත්තේ එළවළු සහ පළතුරු යන දෙකම ආහාරයට ගැනීමයි. එළවළු අන්තර්ගතයෙන් අර්තාපල් ඉවත් කිරීමටත් පළතුරු අන්තර්ගතයෙන් කෙසෙල් ඉවත් කිරීමටත් වග බලා ගන්න. උදෑසන ආහාර වේල ලෙස පළතුරු ආහාර වේලක්ද, දිවා ආහාර වේල ලෙස එළවළු ආහාර වේලක් ද සන්ද්‍යා කාලයේ දී නැවතත් පළතුරු අහාර වේලක්ද ලබා ගෙන රාත්‍රී ආහාර වේල සඳහා එළවළු සහ පළතුරු මිශ්‍ර ආහාර වේලක් ලබා ගන්න. තුන්වන දිනය තුලත් ජලය වීදුරු 8 – 12ත් අතර පානය කිරීමසිදු කරන්න.

හතරවන දිනය

හතරවන දිනය කෙසල් ආහාරයට ගෙන කිරි පානය කල යුතු දිනයක්. හතරවන දිනයේදී ඔබ‍ට වෙනත් කිසිදු ආහාරයක් ලබා ගන්නට බැහැ. මෙදින කෙසෙල් ගෙඩි 10 පමණ ආහාරයට ගෙන කිරි වීදුරු තුනක් පානය කරන්න. ඔබට කුසගිනි සෑදේ යැයි පසුතැවිල්ලක් ඇති වනවා නම් මෙය කළමනාකරණය කර ආහාරයට ගන්න.

උදෑසන ආහාර වේල සඳහා කිරි වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. දිවා ආහාරය ලෙස කෙසෙල් ගෙඩි දෙකක් ලබා ගෙන කිරි වීදුරුවක් පානය කරන්න. සන්ද්‍යා කාලයේදීත් කෙසෙල් ගෙඩි කිහිපයක් ඔබට ආහාරයට ගන්නට පුළුවන්. රාත්‍රී ආහාර වේල ලෙසකෙසෙල් ගෙඩි කිහිපයක් අහාරයට ගෙන කිරි වීදුරුවක් පානය කරන්න.

පස්වන දිනය

ඔබට බත් වේලක් ආහාරයට ගැනීමට හැකි වන්නේ පස්වන දිනයේදීයි. දිවා ආහාර වේල ලෙස බත් කෝප්පයක ප්‍රමාණයක් ලබා ගන්න. ඒ වගේම, මෙදින තක්කාලි ගෙඩි හයත් හතත් අතර ආහාරයට ගන්න. තක්කාලි ආහාරයට ගැනීම මගින් ශරීරයේ යූරික් අම්ලය තැම්පත් වීම වේගවත් විය හැකි නිසා මෙදින ජලය වීදුරු 12 – 15ත් අතර පානය කරන්න.

හයවන දිනය

හය වන දින දිවා ආහාරය ලෙස බත් කෝප්පයක ප්‍රමාණයක් ලබා ගන්න. එමෙන්ම දෙවන දිනය මෙන් එළවළු ආහාරත් හයවන දිනය පුරාවට ලබා ගන්න. මෙදිනත් ජලය වීදුරු 8-12ත් අතර පානය කරන්න.

හත්වන දිනය

මෙම ආහාර සැලැස්මේ අවසාන දිනය වන්නේ හත්වන දිනයයි. මෙදින දිවා ආහාර සඳහා සහල් කෝප්පයක් පමණ ලබා ගෙන සිත්සේ ඔබට එළවළුත් ලබාගෙන පළතුරු යුෂත් පානය කරන්නට පුළුවන්.

බර අඩු කර ගැනීමට අවශ්‍ය නිසා ඔබ ප්‍රධාන ආහාර වේලක් මග හරිනවා නම් එය දැඩි ලෙස සෞඛ්‍යයට අහිතකර යි.

ඔබට සිතේ කිසි සැකයක් නොමැතිව මෙම ආහාර සැලැස්ම භාවිතා කරන්නට පුළුවන්. මෙය සෞඛ්‍යය ආරක්‍ෂිත අතින් ඉහළ ආහාර සැලැස්මක් වන අතර මෙය භාවිතා කිරීමෙන් සතියක කාලයක් ඇතුලත බර කිලෝ ග්‍රෑම් 4-5ත් අතර හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු කර ගන්නට පුළුවන්.

Related Articles