Home LifestyleLiving අද දුන්නු වචනේ හෙට වෙනස් කරන මිනිස්සුන්ට ඔබත් අහුවුණාද?

අද දුන්නු වචනේ හෙට වෙනස් කරන මිනිස්සුන්ට ඔබත් අහුවුණාද?

by LADY.LK

අද කියන වචනේ හෙට වෙනස් කරන ජාතියේ මිනිස්සු ඔබට ඕනෑ තරම් මුණ ගැසී ඇති. ඇතැම් වෙලාවට ඔවුන් මේ විදිහට වචන වෙනස් කරන්න ඇත්තේ ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටපු  දේකට වෙන්නත් පුළුවන්.එහෙම වෙලාවට ඇත්තටම ඒ මිනිස්සු ගැන ඇති වෙන්නේ කේතියකටත් වඩා කලකිරීමක්.

මේ වගේ අය නිසා ඔබ දවස් ගානක් මාස ගානක් තිස්සේ  සැලසුම් කළ දෙයක් එක මොහොතින් කඩා ඉහිරිලා ගිය අවස්ථා ඕනෑ තරම් ඇති.  ඇත්තටම අපි ඒ ඉගෙන ගත්තේ ජීවිතේට හොඳ පාඩමක් කිලයි මට නම් හිතෙන්නේ. මොකද මිනිස්සු විශ්වාස කරන්න කලින් අපි ඒ ගැන දෙපාරක් හිතන්න පුරුදු වෙන්න ඕන.

මේකට සරලම උදාහරණයක් කියන්නම්. ඔබ යාළුවන් සමග හෝ පවුලේ අය සමග විනෝද චාරිකා යන්න  බොහෝ අවස්ථාවලදී සැලසුම් කරන්නට ඇති. ඒක සැලසුම් කරන්න පටන් ගත්තේ මාස ගානක්, සති ගානක් දවස් ගානක් ගත කරලා වෙන්නත් පුළුවන්. ඔයාගේ ඒ සැලසුමට එක හෙලා අත උස්සලා අපි කැමතියි කිව්ව යාළුවෝ ඔය අතර ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඔය අතරෙ ඉන්නවා යන්න ඔන්න මෙන්න තියලා අන්තිම මොහොතේ නහයෙන් අඬන පිරිසකුත්. අන්තිමට මේගොල්ලෝ ට්‍රප් එක යනවා කියන්නෙත් නෑ යන්නේ නෑ කියන්නෙත් නෑ. ඒ ගොල්ලෝ පාවිච්චි කරන්නේ යනවනම් යමු කියන වචනේ. හැබැයි ඔහොම කියන්නෙත් යන්න දවස් තුනකට විතර කලින්. ඔහොම ඉදලා ඉදලා යන්න දවසක් තියලා එයාලා කියන්නේ “ඒක්කෝ ඔයාලා යන්න. මං ඉන්නම්” කියලා. අන්තිමට මේ මිනිස්සු යන්නෙත් නෑ යන අයට යන්න දෙන්නෙත් නෑ.

මේ විදිහට වචන වෙනස් කරපු මිනිස්සු, එවැනි අවස්ථා ඔබ ඕනෑ තරම් හඳුනා ගෙන ඇති. මේ පුංචි උදාහරණයක් පමණක් . මීට වඩා බරපතල අවස්ථාවලදී වගකීමක් නැති මිනිසුන්ගේ වචන වෙනස් කිරීම් නිසා ඇතැම් විට ඔබට ලක්ෂ ගණන් වලින් පාඩු සිදු වී ඇති. ඒ තුළ සිත් රිදවීම, අමනාපකම්, ගහ ගැනීම්, බැණ ගැනීම් පමණක් නොවෙයි ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.

එම නිසා මතක තබා ගන්න ඔබේ කටින් පිටවන එක් පුංචි වචනයක් ඇති මහා විනාශයක් සිදු කරන්න. එම නිසා ඔබ මුවින් පිට කරන වචනවල වගකීම ඔබම භාර ගන්න. ඒ වචනවල ගරුත්වය රැක ගැනීමටත් කටයුතු කරන්න. ඔබ නොහිතා කරන මේ ක්‍රියාව නිසා වෙනත් පුද්ගලයන් දැඩි සේ අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්.

මේ කියන්නේ හදිසි අවස්ථාවකදිවත් ඔබේ තීරණය වෙනස් කර ගන්න එපා කියන එක නෙමෙයි. ඔබ කල් තියා එකග වී යමක් හදිසියේම වෙනස් කිරීමට සිදු වෙන වෙලාවලුත් තිබෙනවා එහෙම අවස්ථාවලදී  එය කිව යුතු හොඳම ආකාරයෙන් කියන්න පුරුදු වෙන්න. ඉන් කිසිවෙතකුත් අපහසුතාවයට ලක් නොකිරීමට වග බලා ගන්න. එවිට ඔබ නිසා ඇති වීහ්‍මට ගිය හානිය උපරිමයෙන් අඩුවේවී.

මේ කෙහොම කළත් තමන්ට යමක් කළ නොහැකි නම් බොරුවට වචන පාව්ච්චි කරලා මිනිස්සු අමාරුවේ දාන්න එපා. හැම තිස්සෙම පරාර්ථකාමී වෙන්න. තමන් ගැන වගේම අනුන් ගැනත් හිතන්නත වචනයක් දෙන්න කලින් දෙතුන් වතාවක් හිතන්න. එහෙම වුණොත් දිව දෙකේ මිනිහා කියන ලේබලය ඔබට කවදාවත්ම වදින එකක් නැහැ.ඒ වගේම තමයි එවැනි මිනිසුන්ගෙන් ඔබත් පරිස්සම් වන්න.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /]

 

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about human behavior . You can read the article and put your feedback on it. People now days  change the words they told  will meet you as much as you associate the society. Sometimes they have to change their words in ways that you can expect in a lot of things.

Related Articles