Home LifestyleLiving ආයුවඩන රහස් 5ක්

ආයුවඩන රහස් 5ක්

by LADY.LK

අපි කොහොම කොයි විදිහට ජීවත් වුණත් දවසක අපි හැමෝටම මැරෙන්න වෙනවා. ඒක  තමයි ලෝක ධර්මතාවය. හැබැයි  ඒ දිනය දවසකින්  හරි පමා කරන්න පුළුවන් කමක් ලැබෙනවනම් අපි හරි කැමතියි.

මේ කියන්න යන්නේ ඒ දිනය පමා කර ගන්න පුළුවන් කුම කිහිපයක් ගැනයි.  මේ ගැන දිගු කලක් පර්යේෂණ කරපු විද්‍යාඥයො පිරිසක් ජීවිතය දිගු කරගන්න වෙනස් කරගත යුතු ජීවන චර්යා 5ක් හඳුනාගෙන තිබෙනව. මේ මගින් අපේ ජීවිතය හෘදයාභාධ නිසා අකාලයේ අහිමිවීම 80%න් අඩුකරගන්න පුළුවන් කයලයි ඔවුන් පවසන්නේ.

1. උදරය ලිහිල්ව තබාගැනීම
2. මත්පැන් පානය අවම කිරීම
3. දිනකට මිනිත්තු 40 වත් ඇවිදීම
4. ආහාරයට ගන්නා පළතුරු සහ එළවළු ප‍්‍රමාණය වැඩි කිරීම
5. දුම් පානය නතර කිරීම

දුම්පානය නතරකිරීමෙන් හෘදයාභාධ ඇතිවීමේ සම්භාවිතාව 36%න් ද, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමෙන් 25%න් ද අඩු කරගන්න පුළුවන්. ඉන අඟල් 38ට වඩා අඩු කරගන්න පුළුවන්නම් එය 13%ක පිටිවහලක්. දිනකට මිනිත්තු 40ක් බයිසිකල් පැදීම හෝ ඇවිදීම මගින් මේ අවධානම 7%න් අඩු කරගන්න ඔබට පුළුවන්. මත්පැන් පානය අවම කිරීම මේ සඳහා 8%ක අනුබලයක් ලබා දෙනව.

ස්වීඩනයේ හි පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණය සඳහා පුද්ගලයින් 20271ක් වසර 11ක් තිස්සේ  අධ්‍යනය කළ බව ස්ටෙක්හෝම්ස්හි කැරොලින්ස්කා ආයතනයේ මහාචාර්ය ඇග්නෙටා ඇකෙසන් මහතා පවසනවා. මේ සඳහා රටවල් කිහිපයක පර්යේෂකයින් සහභාගී වී තිබෙනවා.

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to live long. You can read the article and put your feedback on it.

Related Articles