Home LifestyleFashion තරුණ බව රැකගන්න මෙන්න ඔයාගේ කොණ්ඩෙටත් විසදුම්…

තරුණ බව රැකගන්න මෙන්න ඔයාගේ කොණ්ඩෙටත් විසදුම්…

by LADY.LK

ඉස්සර වගේ නෙවේ වර්ථමානයේ අපේ ගැහැණු උදවිය ගොඩක් කාර්යබහුලයි. මොකද අද ගොඩක් අය job කරනවනේ.කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩිය කියන්නෙත් ඔයා වයසට ගිහින් කියලනම් ඒකට දුක් වෙවී ඉදල වැඩක් නෑ.ඇයි මෙහෙම උනේ කියල හොයල බලන්න ඕනා.බොහෝ වෙලාවට ඔයාගේ කොණ්ඩෙ ගැන මීට වඩා හිතුවොත් මේකට විසඳුම් ලැබෙයි.අපි බලමු ඔයාගේ කොණ්ඩෙ ලස්සන කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් ගැන.

  • හෙම පීරුවොත් තරුණ බව ලැබෙයි.

සමහර අය කොණ්ඩෙ මැදින් බෙදලා පීරනවා.ඉතාමත් සුලු පිරිසකට ඒ විදිහ හරි ගියාට බොහෝ දෙනෙක්ට ඒක සුදුසු නෑ. ඒ වෙනුවට කොණ්ඩෙ පැත්තෙන් යන්තම් අපිළිවෙලට පීරුවොත් ඔයා ඊට වඩා ලස්සනට පෙනෙයි.හැබැයි මං මේ කිව්වෙ ගකොණ්ඩෙ ගොඩක් මුහුණ හරහා දාන්න කියල නම් නෙවේ.එහෙම උනොත් ඔයාව විකාරයක් වගේ පෙනෙයි.

A woman with wavy hair and off-the-shoulder top looks away toward a greenhouse

 

  • දිග කෙස්

අපේ ලංකාවෙ නම් ගොඩක් දෙනා දිග කොණ්ඩෙකට හුඟක් ආසයි.අපේ කෙල්ලන්ට අම්මලගෙන් බේරිලා කොණ්ඩෙ කපනවා කියන්නෙ කරන්න අමාරු දෙයක්. ඒ උනාට දිග කොණ්ඩයක් කියන්නේ වයස පාට පෙන්නන තවත් එක දෙයක්.ඔයාගේ ඉල ඇට මට්ටමට වඩා කොණ්ඩෙ දිග නම් මේ තත්වය තවත් වැඩියි.ඔයා දිග කොණ්ඩෙකට ගොඩක් ආසනම් ඉස්සරහින් ටිකක් කොටට කපල, පිටිපස්ස දිගට තියන්න.long layer කරන එක ගොඩක් හොඳයි.එතකොට ගොඩක් දෙනා කියයි ඔයා තරුණ වෙලා කියලා.

 

  • බෙහෙත් ඕන හිසකෙස්

ඔයාගේ කෙස් අග පැලෙනවනම් ඒ කොටස කපල දාන්න අමතක කරන්න එපා.මොකද කෙස් අග පැලුනාම කැතයි.අමුතුම අපිරිසිදු පාටකුත් එතකොට පේන්න ගන්නවා.ඒ වගේම ඔයාගේ කොණ්ඩෙ හිස්හොරි නම් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.හිස්හොරි මුහුණට වැටුනාම මුහුණෙත් බිබිලි දානවා.ඒ නිසා හිස්හොරි වඳ කර ගන්න මතක තියා ගන්න.

  • සිනිඳුකොණ්ඩෙට

මේ කියන්නේ ඔයාට අනාගතේදී වැදගත් වෙන දෙයක්.වයසට යද්දි ගොඩක් අයගේ කෙස් සිනිදු වෙනවා.දිග කොණ්ඩයක් ඔයාට තියෙනවනම් කොණ්ඩෙ අඩු බව හුඟක් දුරට පේන්න ගනියි. කොණ්ඩෙ ටිකක් කොටට කැපුවොත් ඒ ගතිය මඟ ඇරිල යයි.මං මේ කියන්නේ ඔයාගේ දිගට තියන කොණ්ඩෙ ගොඩක් කොටට කපන්න කියල නෙවේ. මොකද කොණ්ඩෙ කියන්නේ කෙල්ලෙක්ගේ ලස්සන රැදිල තියන ආභරණයක්. ඒ ලස්සන දිගු කල් ආරක්ෂා කර ගන්න විදි කිහිපයකුයි මම කිව්වේ…

A woman in a jean coat whips her long brown hair to the side outdoors

 

 

Related Articles