Home LifestyleLiving ඔයාගෙ Body Fat එක කීයද ?

ඔයාගෙ Body Fat එක කීයද ?

by LADY.LK

බොඩි ෆැට් එක කිව්වාම ඇඟේ තියෙන මේද ප්‍රමාණය තමයි මූලිකව ගණන් බැලෙන්නෙ. එක ගන්නෙ ඇඟේ ප්‍රතිශතයක් විදියට. දැන් අපි බලමු ඒ ගැන.

යම් කෙනෙක්ගේ බොඩි ෆැට් එක 30-35% හෝ ඊට වැඩි නම් ඔබ ඉන්නෙ අවදානම් අවදියෙ. ඒකියන්නෙ හෘදයාබාධ, අධික ස්ථුල තාවයට යන්න පුලුවන් තත්වෙක තමයි ඉන්නෙ. මීට වඩා වැඩි උනොත් විවිධ ලෙඩ රෝග ඇති වෙන්න ලොකු අවදානමක් තියෙන බව හිතේ තියාගන්න. ඒ ගැන හිතලා ගුණදායක ආහාර වගේම ව්‍යායාම කිරීම වටිනවා.

25-30% අතර නම් ඒත් අවදානම් අවදියට බොහොම ලගයි. නමුත් මේ ප්‍රමාණය ලොකු අවදානමක නෙමෙයි. කොහොමත් කාන්තාවන්ගෙ සිරුරේ ෆැට් එක වැඩියෙන් තැන්පත් වෙනවා පිරිමි අයට වඩා.

20-25% මේ අගය නම් තරමක් හොදයි කියන්න පුලුවන්. තරමක ෆැට් එකක් තියෙනවා නමුත් ගැටළුවක් ඇති වෙන්න ඉඩ අඩුයි. ඇඟ බොහෝවිට හොද ප්‍රමාණයක තියෙනවා.

15-20% මේ අගයේ තියෙනවා නම් ෆැට් එක සාමාන්‍ය විදියට හොඳ සෞඛ්‍ය තත්වයක ඉන්නවා කියන්න පුලුවන්. ගානට ෂේප් වෙච්ච, ටෝන් වෙච්ච ශරීරයක් තියෙනවා මේ අගයේ වගේ නම්. ජිම් ගිහින් හරියට ඩයට් එක අනුගමනය කරන අයටත් මේ ප්‍රමාණයේ ෆැට් තියෙනව නම් බොහොම වටිනවා.

10-15% මේ ප්‍රමාණයේ ෆැට් නම් ඇගේ ෆැට් එක බොහොම අඩුයි. මීට වඩා පහලට ගියොත් ඇඟ දුර්වල වෙනවා. මේ ප්‍රමාණයට ෆැට් එක අඩු වෙන අයගේ සික්ස් පැක් වගේ මාංශ පේශි සහ බඩ අවට ලස්සනට පේනවා. කොහොම උනත් මේ තරමට එන්න සෑහෙන මහන්සි වෙන්න ඕන ගෑණු ළමයි විදියට නම්. වැදගත්ම දේ මේ ප්‍රමාණයට වඩා අඩු නොවෙන්න ඉන්න ඕන.

අනවශ්‍ය විදියට ෆැට් ඇඟේ තිබ්බොත් ඔයා කැත වෙනවා. ඒනිසා ඒ ගැන හිතලා ව්‍යායාමත්, හොද ආහාරත් අරගෙන ගෑණු ළමයෙක් විදියට ලස්සනට පිලිවෙලට ඉන්න.

Related Articles