Home LifestyleLiving වැටෙන් නැතුව ටිකක් බොන්න- බියර්

වැටෙන් නැතුව ටිකක් බොන්න- බියර්

by LADY.LK

බියර් කියන්නේ ලෝකයේ තිබෙන පැරණිතම සහ ජනප්‍රියම ඇල්කොහොල් අඩංගු පානයයි. එය ජලය සහ තේ හරුණු විට  ලෝකයේ වැඩිම දෙනෙක් පාරිභෝජනය කරන  පානය ලෙස ද හඳුන්වනවා.

සාමාන්‍යයෙන් අපිට නිතරම උපදෙස් ලැබෙන්නෙ ශරීරය නිරෝගීව පවත්වා ගැනීම සඳහා එළවළු පලතුරු ආහාරයට ගන්න කියලා. ඒ වට්ටෝරුට ඇල්කොහොල් වර්ග ඇතුලත් නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

නමුත් බියර් වර්ග පානය කිරීම හරහාත් ශරීරයට පෝෂණය ලබාගැනීමට හා ලෙඩ රෝග වලින් මිදීමට හැකියාව ලැබෙන බව කිව්වොත් ඔබ නිසැකවම පුදුමයට පත් වේවි . බියර් වර්ග පානය කිරීමෙන් ශරීරයට වැඩි ප්‍රතිලාබ රැසක් ලබාගත හැකියි.

මේ පිලිබඳ සිදු කල පරීක්ෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ අකාලයේ සිදුවන කායික හා මානසික පිරිහීම් නැති කරන්න, බර අඩු කිරීම හා හෝමෝන තත්වය පාලනය කිරීම වැනි ප්‍රතිලාබ රැසක් බියර් මගින් ලබාගත හැකි බවයි. නමුත් වැදගත් කරුණක් ලෙස පවතින්නේ එය පමණ ඉක්මවා ගැනීමෙන් වැළකීමයි

බියර් නිපදවීමට සඳහා බහුල වශයෙන් බාර්ලි, තිරිඟු, ඉරිඟු හෝ සහල් යොදා ගනු ලබනවා. එසේම ලෝකයේ බොහෝමයක් බියර් නිපදවන්නන් බියර් රස ගැනීවීම සඳහා බීර මල් සාරය යොදා ගනු ලබනවා

බියර් පානය කිරීමෙන් ඔබට ලැබෙන සෞඛ්‍යමය වාසි කීපයක් පහතින් කියවන්න

එය ඔබේ හදවත සුරකියි

සාමාන්‍ය වශයෙන් බියර් පානය කිරීමෙන් හෘදයාබාධ ඇතිවීමේ අවධානම 25-40% ප්‍රමාණයකින් අවම කරයි

කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි

ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම යහපත් තත්වයක පවත්වාගෙන යන්න බියර් වලට පුළුවන

අස්ථිවල ශක්තිමත් බව වැඩි කරයි

මාංශ පේශි සහ අස්ථි අතර සම්බන්ධයට වැදගත් වන  සිලිකන් විශාල ප්‍රමාණයක් බියර්වල අඩංගුව ඇති නිසා ඔබේ අස්ථිවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

වකුගඩු වල ගල් ඇති වීමේ අවධානම අඩුකරයි

බියර් පානය කිරීමෙන් වකුගඩු වල ගල් ඇති වීමේ  සම්භාවිතාව 40%කින් අඩු කරයි.

 

දියවැඩියාව අවධානම අඩුකරයි

නිරන්තරව බියර් පානය කිරීම, දෙවන කාණ්ඩයේ දියවැඩියාවෙන් ඔබව ආරක්ෂා කරයි.

මතක ශක්තිය වර්ධනය කරයි

බියර් පරිභෝජනය කිරීමෙන් මානසික ආතතිය දුරකරන අතර එය වයස්ගත වන විට ඇතිවන මතක ශක්තිය ගිලිහී යාම වලකයි.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about benefits of beer. You can read the article and put your feedback on it.

Related Articles