ලංකාව වටේම තියෙන්නේ මුහුද. ඉතිං මත්ස්‍ය සම්පතෙන් නම් අපට කිසිම අඩුවක් නැහැ. මේ නිසාම විවිධ රසයෙන් හදපු මාළු කරිවල රස අපි විඳලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ රසවත් මාළු කරියක් හදා ගන්න විදිහ ගැනයි. අවශ්‍ය කරන්නේ මෙන්න මේ ද්‍රව්‍ය…
කෙලවල්ලා, බලයා, මෝරා හෝ ගල් මාළු ග්‍රෑම් 500 (ලොකු මාළු) බැද කුඩු කරගත් තුනපහ කුඩු මේස හැඳි 02, බැද අඹරාගත් මිරිස් කරල් 15, අමුමිරිස් කරල් 4, රතුලූනු පෙති මේස හැඳි 2, ඉඟුරු පෙති 2, සුදුලූනු බික් 2, පොල් ගෙඩියක කිරි, රම්පේ, කරපිංචා, සේර, කුරුඳු, පොල්තෙල්, ලුණු සහ විනාකිරි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
සාදන ක්‍රමය
මාළු කෑල්ල හොඳට සෝදා තරමක පොඩි කෑලි වලට කපා ලුණු, විනාකිරි දමා හිඳෙන්න තම්බන්න.
මාළු මෙසේ තම්බා ගන්නේ බදිනවිට තෙල් ඉසීම වළක්වන්නත්, මාළු වලට ලුණු ඇඹුල් හොඳින් ඇල්ලීමත් සඳහාය) මෙසේ තම්බාගත් මාළු නිවුණාට පසු තෙල් ළිප තබා හොඳට රත් වූ පසු ටික ටික දමා මාළු කෑලි කරවෙන්න හොඳින් බැද ගන්න. පොල්කිරි වලට කළමනා සියල්ලත් ලුණු සහ විනාකිරිත් පදමට දමා බැදගත් මාළු එයට දමා පිස ගන්න. දැන් මිටිකිරි එක්කර හොඳට ගින්දර දමා ඉක්මනින්ම බොර හිටින්නට උයා ගන්න.
[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]
www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about how to make a fish fry . You can read the article and put your feedback on it.