Home Health & WellnessPhysical Wellbeing හිතාමතා හදාගන්න ලෙඩ..

හිතාමතා හදාගන්න ලෙඩ..

by LADY.LK

“නීරෝගීකම පරම සැපතයි” කිව්වට අද නං ලෙඩක් දුකක නැතුව ඉන්න මනුස්සයෙක් හොයා ගන්න එක හරියට කණ කැස්බෑවා විය සිදුරෙන් හඳ දකිනවා වගේ දෙයක්.අහන අහන හැමෝටම මොකක් හරි ලෙඩක්.මේ හුගාක් ලෙඩ වලට මුල අපේ කෑම තමයි.

කෑම වැඩිපුර ගත්තොත් ඉස්මුරුත්තාව. මොනා හරි නරක් වෙච්ච දෙයක් කැවුනොත් ඉතිං දවසම toilet එකේ තමා.තෙල් වැඩිපුර තියෙන කෑම ගත්තොත් ඕනවට වඩා මහත් වෙනවා.සීනි වැඩිපුර ගත්තොත් සීනි හැදෙනවා.උෂ්ණාධික කෑම ගත්තාම ශරීරය උෂ්ණ වෙනවා.එ් නිසා යටි පතුල් පැලෙනවා.ගොඩක් දෙනා අකමැතිම කුරුලෑ එනවා. දහඩිය ගඳ එනවා.දහඩිය බිබිලි,කුෂ්ඨ දානවා

Image: www.livestrong.com

 

එතකොට අපිට වෙලාවට කන්න බැරි උනොත් බඩේ දැවිල්ල. ඔය වගේ තුන් හතර වතාවක් කෑම ගන්න පරක්කු උනනොත් ඉතිං Gastritis නැත්තං අම්ල පිත්ත රෝගය හැදෙනවා.Gastritis හැදුනාම ඉතිං බඩ රිදෙනවා.වමනේ දානවා. කලන්තේ හැදෙනවා. බඩ අජීර්ණ ගතියක් එනවා. හිසේ කැක්කුම එනවා. අන්තිමට විජලනෙත් හැදෙනවා. මේක හැදුන කෙනා දන්නවා මේ ලෙඩේ අමාරුව. අපි මේ හැම ලෙඩක්ම හදා ගන්නේ හිතාමතාමයි.අනේ ඉතිං මෙච්චර ලෙඩ කන්දරාවක් හැදෙන්නේ මේ කෑම නිසානම්,ශරීරෙට ගුණ කෑම හරි වෙලාවට ගත්තනං මේ ලෙඩ මුකුත් නෑනේ.අනිත් විශේෂම දේ තමයි ඔයාලා සතුටින් ඉන්න ඕන. මානසික පීඩනයත් මේ සමහර ලෙඩ වලට හේතුවක්නේ…
-Dilki Balasooriya

Related Articles