Home Health & WellnessPhysical Wellbeing ලොවම කැළඹූ කොරොනා

ලොවම කැළඹූ කොරොනා

by LADY.LK

ලොවම කැළඹූ කොරොනා
කුමක්ද මේ ලොවම කළඹා ඇති කොරෝනා වෛරසය? ලෝක
සෞඛ්‍ය සංවිධානයට අනුව කොරෝනා වෛරස් ප්‍රභේද ගණනාවක්
ඇති අතර එම වෛරස් එක් වෛරස් පවුලටක අයත් වේ. එම
වෛරස් හරහා පුද්ගලයකුට සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවේ සිට පසුගිය
කාලයේ ඇතැම් රටවල් වේගයෙන් පැතිරී ගිය ‘සාර්ස්’ (තීව්‍ර ස්වසන
ආසාදනය) හා ‘මර්ස්’ (මැදපෙරදිග ස්වසන ආසාදනය) වැනි දරුණු
රෝග තත්ත්වයන් වැළඳිය හැකිය. මෙම රෝග වෛරස් සත්ත්වයන්
හා මිනිසුන් අතර පැතිර යන ඒවා ලෙස හඳුනාගෙන ඇත.
චීනයේ මෙම දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරස්
නිවුමෝනියා රෝගයට ගොදුරු වූ බවට සැක කෙරෙන චීන ජාතික
කාන්තාවක් හා චීනයේ වූහාන් නගරයේ වෛද්‍ය විද්‍යාලයක ඉගෙනුම
ලබන ශ්‍රී ලාංකීය සිසුවියක් අංගොඩ ජාතික බෝවන රෝග
විද්‍යායතනය වෙත මේ වන විට ඇතුළත් කර සිටින අතර ඔවුනගේ
රුධිර හා කෙල සාම්පල රෝගී තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇතැයි සෞඛ්‍ය
බලධාරීහු පවසති.
මෙම කාන්තාවන් දෙදෙනා මෙරට පැමිණි අවස්ථාවේදී කටුනායක
ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය ඒකකය විසින් සිදු කරන ලද
පරීක්ෂාවකදී කොරෝනා වෛරස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්නුම්
කරන බවට මතු වූ සැකයක් මත ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන
රෝග විද්‍යායතනය වෙත යවා තිබෙන බව ඔවුහු කියා සිටිති.
මෙරට පැමිණි තවත් චීන ජාතිකයෙකු නව කොරෝනා වෛරස්
රෝගයට ගොදුරු වී ඇති බවට සැක කර කටුනායක ගුවන්
තොටුපලේ සිට අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත ඉකුත්
සතියේදී ඇතුළත් කර ඇතත් පරීක්ෂන්වලදී එම චීන ජාතිකයාට
කොරෝනා වෛරසය ශරීරගත වී නොමැති බව තහවුරු වීම
හේතුවෙන් රෝහලින් මුදා හැරි බව වම විද්‍යායතන ආරංචි මාර්ග
පවසයි.
දැනට රෝහල්ගත කර ඇති කාන්තාවන් දෙදෙනා බෝවන රෝග
විද්‍යායතනයේ විශේෂිත ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම දිනවල චීනයේ පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරු
වූවන් 1975 දෙනකු ඉකුත් සෙනසුරාදා වන විට හඳුනාගෙන තිබූ අතර
ඊයේ (26ද) වන විට රෝගීන් 56 දෙනකු මිය ගොස් තිබිණි. කොරෝනා
වෛරසය පැතිරෙන බව හඳුනාගත් චීනයේ නගර 18 ක් ඊයේ වන
විට වසා දමා තිබිණි. මෙම නගරවලට ගමන් ගන්නා සියලු ප්‍රවාහන
සේවාවන් නවතා දමා තිබූ අතර මාර්ග බාධක යොදා එම නගරවලට
කිසිවෙකු යෑම හා පිටවීම අවහිර කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා
පවසයි.
චීනය හැරුණු විට තවත් රටවල් 12 කින් පමණ ඊයේ වන විට
රෝගීන් වාර්තා වී තිබේ. මෙසේ කොරෝනා වෛරස් රෝගයට
ගොදුරු වූ රෝගීන් හඳුනාගෙන තිබූ රටවල් වනුයේ කැනඩාව, ප්‍රංශය
ජපානය ඔස්ටේ්‍රලියාව ,මැලේසියාව ,නේපාලය ,
සිංගප්පූරුව , දකුණු කොරියාව තායිවානය , තායිලන්තය , ඇමරිකා
එක්සත් ජනපදය හා වියට්නාමය වශයෙනි. මෙසේ සෙසු රටවලින්
වාර්තා වී ඇති රෝගීන් අතර චීන ජාතිකයන් මෙන්ම චීනයේ වූහාන්
නගරයේ සංචාරය කර සිය මවුරටට පැමිණි එම රටවල වැසියන්ද
වේ.

Related Articles