Home Health & WellnessBeauty Care මුහුණ සුදු වුණාට වැඩක් නැහැ අතපය අවපැහැ නම්

මුහුණ සුදු වුණාට වැඩක් නැහැ අතපය අවපැහැ නම්

by LADY.LK

නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම තරුණියකගේ හීනයක්. හැබැයි හීන දුටු පමණින් තමන්ට දිදුලන සමක් අයිතිකර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක් ම තමයි.

ඔබට දිදුලන සමක් අවශ්‍ය නම් හෝ උපතින්ම සුන්දර සමක් හිමි වුවද එය එලෙසම දිගු කලක් රැක ගැනීමට නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැපකිරීමක් කරන්න වෙනවා.

තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. විශේෂයෙන්ම බොහෝ දෙනා තමන්ගේ මුහුණේ පැහැය ගැන සිතනවා. ලස්සන පැහැපත් මුහුණක් කියන්නේ සෑම කාන්තාවක්ම බලාපොරොත්තු වන දෙයක්. ඒ නිසා සියලුම සත්කාරයන් මුහුණට ලබාදෙන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. මුහුණ ගැන එතරම් සැලකිලිමත් වුවත් ඔවුන්ට තමන්ගේ අත්වල සහ කකුල්වල සුන්දරත්වය ගැන, පැහැපත්බව ගැන සිතන්න අමතක වෙනවා. එහෙමත් නැතිනම් අමතක කරලා බොහෝ දෙනකුගේ මුහුණේ තියෙන පැහැපත් බව අත්වල සහ කකුල්වල දක්නට නැත්තේ ඒ නිසයි.

පිරිසුදුකම ඉතා වැදගත්

පිරිසුදුකම කියන්නේ රූමත් බව රැකගන්න හොඳ මාර්ගයක්. මුහුණ පමණක් නොව අත්, කකුල් වගේම සෑම බාහිර අවයවයක්ම පිරිසුදුව තබා ගැනීමෙන් සමෙහි නිරෝගීබව රැක දෙනවා. සම අවලස්සන කරන වියළිබව, කොරළ, ඉරි තැලීම්, දද සහ කුෂ්ඨ ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස බලපාන්නේ අපිරිසුදුකමයි.

දෑත්, දෙපාවලටත් Sun Cream
කෙනකුගේ වියපත්බව ඉක්මනින්ම පෙන්නුම් කරන්නේ අත්වලින්. අත් අවලස්සන වෙන්නේ ඇයි? ඒ ඔබේ දෑත් නිතරම හිරු එළියට නිරාවරණය වන නිසයි. සමෙහි තද බව, ඇදෙනසුලුබව සහ සමෙහි කොලජන් විනාශ කරන්නට හිරු එළිය සමත්. රිය පදවනවා නම් මේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. ඊට අමතරව වායුසමනය කළ කාමරවල ගතකරන අයටත් මේ ගැටලුවට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම දවසේ බොහෝ වතාවක් ඔබ දෑත් සෝදනවා ද? එවිටත් සම වියලි බවට පත්වෙලා සම ඉක්මනින් රැලි ගැසෙනවා. එළියට යන හැම විටම අත් දෙකේ වගේම කකුල් දෙකේත් සන් ක්‍රීම් Sun Cream  එකක් හොඳින් ආලේප කරන්න. දෑත් සෝදන සෑම වාරයකටම පසු සමේ තෙතමනය රකින මොයිස්ච(ර්)රයිසර් (Moisturizer)  එකක් ආලේප කරන්නත් අමතක කරන්න එපා.

ජලය දිව්‍ය ඖෂධයක්

ජලය කියන්නේ සමට දිව්‍ය ඖෂධයක්. සාමාන්‍යයෙන් සමෙහි තෙතමනය රඳා පවතින්නේ සිරුර තුළ පවත්නා ජලය මතයි. එමෙන්ම සමෙහි ඇදෙනසුලු ස්වභාවය රඳා පවතින්නේ සමෙහි ජල මට්ටම මතයි. ජලය අඩුවීම සමඟ සමෙහි රැලි වැටීම් හා කොරළ ස්වභාවයන් ඇති වීමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම නිතර නිතර අයිස් වතුර පානය කරන්නත් එපා. එය සම වියැළීමට ප්‍රධාන හේතුවක් වෙනවා. හැකි සෑම විටම සාමාන්‍ය ජලය පානය කරන්න. කැෆේන් සහිත පාන වර්ගත් නිතර නිතර පානය කිරීම සුදුසු නැහැ.

නිතර නිතර උණුසුම් ජලය ස්නානය කරන, නිතරම උණුසුම් ජලය පානය කරන අයකු නම් ඔබටත් සම වියැළීමේ අවදානම තිබෙනවා.

ඔබේ සමට ඇතිවන හානි වළක්වා ගන්න විටමින් ඛ් සහා ඡ් වලට පුළුවන්. විටමින් ජ, ඡ් බහුලව ඇති බ්ලූබෙරි, දොඩම්, දෙහි, ලෙමන්, නාරං වැනි පලතුරු වර්ග ආහාර වේලට එකතු කරගන්න. ඒ වගේම කෙඳි සහිත ආහාර, ඔමේගා 3 බහුල ආහාරත් ආහාර වේලකට එකතු කර ගන්න අමතක කරන්න එපා.

Related Articles