Home Health & WellnessPhysical Wellbeing බඩේ ගල් තියන අයට නිට්ටාවටම සුව වෙන්න දේශීය බෙහෙතක්

බඩේ ගල් තියන අයට නිට්ටාවටම සුව වෙන්න දේශීය බෙහෙතක්

by LADY.LK

අවශ්‍ය ද්‍රව්‍ය :-
උයන කැකිරි ග්‍රෑම් 250
රතු කැකුලු සහල් කාල් බාගයයි
තැබිලි වතුර මිලිලීටර් 300 ක් පමණ.
පිසිය හැකි නැවුම් මැටි මුට්ටියක්
මුට්ටියේ කට වසා ගැට ගැසිය හැකි පිරිසිදු රෙදි කඩක්

ඉහත සදහන් දෑ අතරින් සහල් සහ කැකිරි හොදින් සෝදාගන්න ( සහල් නිවුඩ්ඩ සහිත වියයුතුය)

සෝදාගත් සහල් මුට්ටියට දමන්න.

ඉන් පසුව කැකිරි ගෙඩිය අගල් දෙක පමණ කැබලිවලට කපා සහල් දැමු මුට්ටියටම දමන්න.

ඉන්පසුව තැබිලි වතුර මුට්ටියට එක්කරන්න.
කිසිදු අයුරකින් ලුනු මේ සදහා නොයොදන්න.

සකස් කරගත් මුට්ටියේ කට පිරිසිදු සුදු රෙදි කඩකින් ගැට ගසා ලිප තබා මද ගින්දරේ පිස ගන්න.

බත් කැද සිදී ගියපසු ලිපෙන් බා උනුසුම පහව යන තෙක් තබන්න.

මුට්ටියෙහි ඇති තැම්බුනු කැකිරි කැබලි සියල්ල අනුබව කරන්න ( අනුබවය සදහා කිසිදු දෙයක් බාහිරව එක් කර නොගන්න)

මුට්ටියෙහි සකස් වී ඇති බත කිසිලෙසක අනුබවයට නොගන්න.

එම බත සිවුපා සතුන්ට කෑමට නොදෙන්න. කුරුල්ලන්ට කෑ හැකි පරිදි උඩකින් දමන්න.

කැකිරි කැබලි අනුබවයෙන් පසු මිනිත්තු 40 ක් ගතවන තුරු කිසිදු ආහාරයක් අනුබව නොකරන්න සහ කිසිදු දියර ජාතියක් හෝ ජලය පානය නොකරන්න. මිනිත්තු හතලිහක් ගතවු පසු හොදින් නටවා නිවාගත් ජලය වීදුරුවක් පානය කර ඔබට අවශ්‍ය අනෙකුත් දෑ අනුබව කරන්න.

මෙම ප්‍රතිකර්මය දිනකට දෙවරක් සිදු කල යුතුය.

සැම දිනකම උදෑසන අවදි වු පසු තේ පිටි කෝපි කිසිවක් පානය කිරීමට හා ආහාර අනුබවයට පෙර උදෑසන 7 ට කලින් ( උදෑසන අවදි වු පසු වතුර වීදුරුවක් පානය කර මෙම කැකිරි අනුබවය කරන්න)

සවස 7 සහ 8 අතර ( මෙම අවස්තා වේදී කැකිරි අනුබවයට පැයකට පෙර වතුර වීදුරුවක් පානය කොට අනෙක් සියලු කෑම බීම අත් හල යුතුය . )

මෙම ප්‍රතිකර්මය දින 21 ක් අකන්ඩව සිදු කල යුතුය.

ප්‍රතිකර්මය කිරීමට පෙර ඔබ එක්ස්රේ එකක් ගෙන ගල් ප්‍රමාණයන් තහවුරුකර ගන්න.

දින 21 ප්‍රතිකර්මයෙන් පසු නැවත එක්ස්රේ එකක් ගෙන සංසන්දනය කර ප්‍රතිපල බුක්ති විදින්න.

ලද ප්‍රතිපලය ගැන දැනුවත් කිරීමට කාරුණික වන්න.

  • මෙම ප්‍රතිකාරය වකුගඩු රෝග පවතින රෝගීන්ටද ගුණ දෙන ප්‍රතිකාරයකි. ඔවුන් මෙම ප්‍රතිකාරය දිනකට එක් වරක් බැගින් දින දෙකකට වරක් මාස තුනක් සිදු කිරීමෙන් යහපත් ප්‍රතිපල උදාකර ගත හැකිය.
    උපුටා ගැනීමකි

Related Articles