Home LifestyleFashion කෝපි ගාලා ලස්සන වෙමු

කෝපි ගාලා ලස්සන වෙමු

by LADY.LK

සම දීප්තිමත් කරවන හා කුරුලෑ පාලනය කරන කෝපි ෆේස් පැක්

මෙම ෆේස් පැක් එක සමේ සෞඛ්‍යය සඳහා හොඳයි. එය සම එල්ලා වැටීම වළක්වනවා. අඳුරු පැල්ලම් ද මකමින් සම්පූර්ණ මුහුණ සඳහාම ඒකාකාරී දීප්තියක් ලබා දෙමින් සම පෝෂණය කරනවා.

අවශ්‍ය අමු ද්‍රව්‍ය –

කෝපි කුඩු මේස හැඳි 01ක්
කහ කුඩු තේ හැන්දක්
යෝගට් මේස හැඳි 01ක්
ක්‍රමය-කැටිති වලින් තොර පේස්ට් එකක් ලබා ගැනීම සඳහා බඳුනකට සියලුම අමුද්‍රව්‍ය දාලා හොඳින් මිශ්‍ර කරන්න.
එය ඔබේ මුහුණ පුරා ආලේප කර විනාඩි 20 ක් වියළීමට තබන්න.ඉන් පසුව සීතල වතුරෙන් සෝදා හරින්න.

වයස්ගත වීම වළකන කෝපි ෆේස් මාස්ක් :සමට ස්වාභාවික තෙතමනය සහිත දිලිසීමක් ලබා ගැනීමට සහ සමේ රැළි, වියළි බව සහ අඳුරු පැල්ලම් වගේ වයසට යාමේ සලකුණු අඩු කිරීමට අවශ්‍ය නම් මෙම පිළියම භාවිතා කරන්න.

Related Articles