Home FoodRecipes කොස් කොත්තුව

කොස් කොත්තුව

by LADY.LK

කොස් කියන්නේ ඉතාමත් රසවත් ආහාරයක්. කොස් තම්බලා වගේම කොස් ව්‍යංජනයටත් ගොඩාක් අය ඉතාමත් කැමතී..ඒ වගේම තමයි කොස් කොත්තුවත් ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි.ඔන්න අද අපි කියලා දෙන්න යන්නේ කොස් කොත්තුවක් හදාගන්න විදිහ ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය:-

කුඩාවට කපා ගත් හොදින් පැසුණු කොස් මදුලු ග්‍රෑම් 500

ලියාගත් කැරට්. ලීක්ස්, ගෝවා ග්‍රෑම් 100 බැගින්

පොල් තෙල් ස්වල්පයක්

ලියා ගත් රතු ළූණු ගෙඩි 5

ලියා ගත් සුදු ළූණු බික් 5

ලියා ගත් මාළු මිරිස් කරල් 2

ලුණු

ගම්මිරිස් කුඩු

මිරිස් කඩු

කරපිංචා කිනිති කිහිපයක්

රම්පේ

සාදන ක්‍රමය:-

කුඩාවට කපා ගත් හොදින් පැසුණු කොස් මදුලු සෝදා භාජනයකට දමා වතුර ස්වල්පයක් හා ලුණු අවශ්‍ය පමන දමා තම්බා ගන්න. පසුව තෙත හිදෙන්න වෙනම බදුනකට දමන්න.

අවශ්‍යනම් කොස් ඇට තම්බලා මෙයට එක් කර ගත හැක .

ඉන් පසු භාජනයක් ලිප තබා පොල් තෙල්, සුදු ළූණු දමා බැදෙන්න හරින්න. එයට රතු ළූණු, රම්පෙ, කරපිංචා දමා හොදින් ‍කළවම් කරන්න. මෙයට කපා ගත් කැරට් එක් කර කළවම් කරන්න. කැරට් තැමිබීගෙන එන විට ලියා ගත් ගෝවා, මාළු මිරිස්, ලීක්ස් සමග ගම්මිරිස්, ලුණු හා මිරිස් කුඩු අවශ්‍ය පමණ එක්කර යොදින් කළවම් කරන්න.

දැන් මෙයට තම්බා ගත් කොස් ටික ටික එක් කරමින් හොදින් කලවම් කරන්න කොස් ඇටද එකතු කරන්න. අඩිය කරවීම වළකින ලෙස කලවම් කිරීම වැදගත්. මද වේලාවකින් පදමට ආවම ලිපෙන් බා උණුවෙන් ආහාරයට ගන්න.

ඔබට නිවසේ ලිප මත ඉඩකඩ තිබේනම්, කොත්තු තැටිය වගේ උපකරණයක්ද භාවිතා කල හැක.

-ප්‍රවීන සුපවෙදිනි ශාන්ති මායාදුන්න.-

Related Articles