Home Health & WellnessPhysical Wellbeing කොලෙස්ටරෝල් හා බැඳුනු කරුණු

කොලෙස්ටරෝල් හා බැඳුනු කරුණු

by LADY.LK

අපි පහුගිය ලිපියකින් කොලස්ටරෝ්ල් ගැන බොහෝමයක් කතා කලා. කොලස්ටරෝල් කියන්නෙ මොකක්ද වැදගත්කම හා ඒකෙන් එන රෝග අවදානමත් ඒවායෙන් වැලකෙන විදිය ගැනත් කතා කලා. අද වටින කියන ආහාර වර්ග කීපයක් ගැන කතා කරමු.

කරපිංචා 
කරපිංචා සාමාන්‍ය විදියට භාවිත කරනවනේ ආහාර රසවත් කිරීමට. ඒවගේමයි ආහාර වල විෂබීජ නසන්නත් කරපිංචා වටිනවා. කරපිංචා වල ඇති ගුණ නිසා එය ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සර්ප දෂ්ඨ කිරීමකදී වුනත් කරපිංචා කැඳ ලෙස ලබා දීමෙන් විෂ නැසීමේ හැකියාවක් පවතිනවා. මෙතනදි අපිට ගොඩක් වටින කොලෙස්ටරෝල් නැති කිරීමේ හැකියාවත් කරපිංචා වල තියෙනවා.
කරපිංචා කිනිති කිහිපයක් ගෙන එය මද රස්නේ වතුර එකකට දමා ඊට සුදු ලූණු බික් දෙකක් දමා වසා තබා උදෑසන පානය කරන්න. එය කොලේසටරෝල් නැසීමට උදව් වෙනවා. එසේම කරපිංචා දළු සම්බෝලයක් ලෙසත්, කරපිංචා ලුණු මිරිසක් ලෙසත් හදාගන්න පුළුවන්. ඒ වගේම කරපිංචා කැඳ ගුණදායක වගේම රසවත් පානයක්. මේ ආහාරයට විවිධ ක්‍රම වලට කරපිංචා ඔබේ ආහාරයට එක් කර ගැනීම මගින් ඔබට කොලේසටරෝල් වලින් මිදිය හැකියි.
සුදු ළූණු 
සුදු ලූණුත් ආහාර රස ගැන්වීමට යොදන දෙයක් වුනත් එහි ඇති ගුණයත් ඉතා විශාලයි. විශේෂයෙන්ම සුදු ළූණු වලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර අධි රුධිර පීඩනය පාලනය කරනවා. හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග රැසකට සුදු ළූණු ගුණදායකයි. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් නැසීමේ ගුණයත් සුදු ළූණු වල තියෙනවා. සුදු ළූණු තම්බා හෝ පුච්චා ආහාරයට ගත හැකියි. ඒ වගේම සුදු ළූණු රසවත් ව්‍යංජනයක් ලෙසත් සකසා ආහාරයට ගත හැකියි.

ගොරකා
ගොරකා ආහාරයකට අවශ්‍ය ඇඹුල් රස දෙනවා.  නමුත් ඇඹුල් රසය ගැනීමට වඩා ගුණ රැසක් ගොරකා වල ඇති බව ඔබ දන්නවද ? ගොරකා ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව පාලනය කරන අතර දියවැඩියාව පාලනයටත් උදව් වෙනවා. පිළිකා සෛල වර්ධනය වීම වැළක්වීමත් සිදු වෙනවා. ඒ වගේම රුධිර පීඩනය පාලනය කර ගැනීමටත්, කොලෙස්ටරෝල් පාලනයටත් ගොරකා හොඳ ඖෂධයක්. කොලෙස්ටරෝල් පාලනය සඳහා ගොරකා චූර්ණයක් වශයෙනුත් දැන් වෙළඳපළේ ඔබට මිලදී ගන්න පුළුවන්. කෑම වලට යොදන ගොරකා කැබැල්ල අද සිට විසි නොකර ආහාරයට ගැනීමට පුරුදු වන්න.
උළුහාල්
උළුහාල් මගිනුත් ආහාර සුවඳවත් කරන අතර ඒ මගින් ශරීරයේ විවිධ රෝග වලටත් සුවදායක වෙනවා. උළුහාල් වලින් ශරීරය සිසිල් කරනවා. උළුහාල් වලට කොලෙස්ටරෝල් නැති කිරීමේ හැකියාවත් පවතිනවා. උළුහාල් ආහාර වලට එකතු කර ගැනීමට අමතරව පානයක් ලෙසත් ලබා ගැනීමෙන් අධිකව පවතින කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර ගත හැකියි. උළුහාල් ඇට කිහිපයක් පෑන් එකක දමා රත් වන විට එයට වතුර කෝප්පයක් එකතු කරගන්න. මද වේලාවක් එය තැම්බෙන්නට තබා වතුර පෙරා ගන්න. එයට මී පැණි බින්දු කිහිපයක් එක්කර මද රස්නෙන් පානය කරන්න. මෙය කොලෙස්ටරෝල් නැති කර ගැනීමට හොඳ ඖෂධයකි.
වට්ටක්කා
වට්ටක්කා අපි නිතර ආහාරයට ගන්නා රසවත් හා ගුණවත් එළවළුවක්. වට්ටක්කා වලින් ලැබෙන ගුණයන් රැසකි. විටමින් A, B, ෆයිබර්, පොටෑසියම්, සින්ක් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් ඇතුළත් වෙනවා.  කොලෙස්ටරෝල් වලටත් වට්ටක්කා ඉතා ගුණ දායකයි. වට්ටක්කා වගේම වට්ටක්කා ඇට වලත් කොලෙස්ටරෝල් නැසීමේ ගුණය හා වෙනත් ගුණයන් රැසක් පවතිනවා. නිතර වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඔබට රෝග රැසකින් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා.

 [dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about most precious foods to avoid cholesterol . You can read the article and put your feedback on it.
In the last article we talked about a lot of cholesterol issues . what is Cholesterol we talked about the
importance and the dangers of disease and how to avoid them. Let’s talk about some of the most precious foods today.

Related Articles