Home LifestyleAstrology කටක ලග්නයේද ඔබ ?

කටක ලග්නයේද ඔබ ?

by LADY.LK

අපි ලග්න 12න් මේ වෙනකොට මිථුන ලග්නය දක්වා ලග්න 3ක පොදු ලක්ෂණ කතා කරල අවසන්.
අද අපි කතා කරන්නෙ කටක ලග්නය ගැනයි.
කටක ලග්නයේ ලග්නාධිපති වෙන්නෙ චන්ද්‍රයායි. ඒකියන්නෙ සදු. මේ සදු තමයි සිතිවිලි වලටත් අධිපති වෙන්නෙ. චන්ද්‍රයාව සැලකෙන්නෙ අම්මා විදියටයි. එනිසා සදුගේ බලය හරි වැදගත් ජිවිතයේ හැම කාරණාවකදීම.

කටක ලග්නයෙන් උපන් ගැහැණු ළමයි දාර්ශනික දේ හොයන්නට දක්ෂයි. එයාල බොහෝවිට ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තේ ගුණාංග හොයනව.
ලග්නයට ගුරු උච්ච වී බලපෑම් ඇති කලහොත් එය එසේම වෙයි. ඒවගේමයි ගුරු නීච නම් ඒකෙදි වෙනම ප්‍රතිඵල එන්නත් පුලුවනි.
* කටක ලග්න අයට රහස් සඟවා ගැනීමට එතරම් හැකියාවක් නැත. හිතට එන දේ නොපැකිලව විවෘතව කියන ලක්ෂණ ඇත. අන් අයට අධිකව අනුකම්පාවක් කරන අය වෙති. එසේම ඉක්මණින් කෝපයට පත්වන අතර එතරම් කාලයක් එම කෝපය සිතේ තිබෙන්නෙ නැත.

කටක ලග්නයේ ගැහැණු ළමයින්ට විවාහයෙදි වැදගත්ම වෙන ග්‍රහයා තමයි සෙනසුරු. ඒකට හේතුව සෙනසුරු විවාහ ස්ථානය වන 7 වැන්නේ අධිපති වීමයි.
 කටක ලග්නයේ අය ජිවිතය පුළුල් විචාරයකින් බලන්නා වූ විශේෂයෙන්ම ඉතාම ප්‍රතිපත්තිගරුකව ජිවිතය ඉදිරියට ගෙනියන්නාවූත් සුභාවිත ලක්ෂණ තියෙන අය තමයි. හැබැයි වෙලාවකට හරිම චංචලයි.
කටක ලග්නයෙන් උපන් ගැහැණු ළමයි ප්‍රේම සම්බන්ධතා සම්බන්ධව ඉතාම සංවේදී අය වෙති. ඒ වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට මොවුන්ගේ හිත් පසුබට වෙන්නෙත් නෑ.

__ කටක ලග්නයේ දුර්වලතා __
* බොහෝවිට තමාගේ අධික ස්නේහවන්ත ගතිය නිසා පාඩු තමන්ටම සිද්ධ වෙන්න පුලුවන්. අධික කරුණාව, අධික අනුකම්පාව අවාසියට හේතු වෙන්න ඉඩ තියෙනවා ඒ ගැන හිතන්න.
රහසක් රකින්න අමාරුයි. වෙන අයට  උපදෙස් දුන්නද තමාගේ ජිවිතයේ බොහෝ දේවල් වල වැරදි තියෙනවා වෙලාවකට. බොහෝ වෙලාවට පොඩි ප්‍රශ්න නිසා විශාල ප්‍රශ්න ඇතිවිය හැක. ඉක්මණින් කෝපය ඇතිවී වැඩි කාලයක් නොපැවතුනද කෝපය පාලනය කරගැනීමට අපහසුය.

අපි ඊළග දවසක අනිත් ලග්නයෙන් මුණගැහෙමු.

Related Articles