Home LifestyleFashion කුරුලෑවලට මෙන්න විසදුම

කුරුලෑවලට මෙන්න විසදුම

by LADY.LK

කුරුලෑ ඇති වීම මානසික වදයක් කර ගන්න තරුණයින් හා තරුණියන් සමාජය තුල සිටි.ඒ නිසා කුරුලෑ පිලිබදව කතා කරන්නට අපි සිතමු.

කුරුළෑ නැති කිරීමට කලාදුරු අල පිරිසිදු ඇල්වතුරෙන් අඹරලා ගාන්න. මේක අත් බේතක්. කුරුලෑ මූණපූරාම තියෙනව නම් ඉතින් මූණපූරාම ගාන්න. හැබැයි මේ බේත බොහොම පිරිසිදුව සකස් කරගන්න ඕනෑ. අපිරිසිදුව කළොත් නම් කුරුළෑ තිබ්බටත් වැඩිය මතුවෙනවා. ඒක අමතක කරන්නත් එපා.. කුරුළෑ මූණෙ හැමතැනම නැතුව තැන් තැන්වල විතරක් තියෙනව නම් ඒ තැන්වල විතරක් ගෑවම ඇති. මූණපූරාම ගාන්න ඕනි නෑ…

ආපසූ සෝදනවිට පැය බාගයක් විතර තියලා ඇල්වතුරෙන්ම සෝදන්න. සතියකට දෙවරක් විතර මාසයක් මේ ප්‍රතිකාරය කරන්න. තෙල් සහිත, උෂ්ණ අධික කෑම ගැනීමෙන් වළකින්න. තක්කාලි අච්චාරු, අන්නාසි, දෙල්, බල මාළු, හරක් මස් වගේ ආහාර උෂ්ණයි. මලබද්ධයටත් කුරුළෑ එනවා. පලතුරු එළවළු වැඩියෙන් කන්න. වතුර වැඩියෙන් බොන්න.

Related Articles