Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 12

පිනි වගේද ආදරේ – Episode 12

by LADY.LK

පිණි වගේද ආදරේ

දිනිති හෙට්ටිආරච්චි ලියයි

මම ගර්ල්ෆ්‍රෙන්ඩ් කිවුවෙ ඔයාට නෙමෙයි.

එහෙමනං…

බොරුවක් කිවුවෙ ඒ වෙලාවෙ ඔයාව බේරගන්න

අනතිමට කතාව නැවතිලා තියෙන්නෙ මෙතන. මේ තියෙන්නෙ අශේනිට කාවිංග දාපු මෙසේජ් එක. කාවිංග දාපු මෙසේජ් එකට අශේනි රිප්ලයි කරේ නෑ. මොකද එයාට සතුටු වෙනවද? දුක් වෙනවද? කියලා හිතාගන්න බැරුව හිටියෙ. එතකොටම කාවිංග කෝල් එකක් ගත්තා ෂෙනාලිට. ෂෙනාලි අශේනිට පෙන්නුවා කෝල් එක එන නම්බර් එක. එහෙම්මම හිනා වෙලා ෂෙනාලි කෝල් එක ආන්සර් කරා.

කියන්න මල්ලි

අක්ක මම අර කතාව කිවුවෙ බොරුවට

මොන?

ගර්ල්ෆ්‍රෙන්ඩ් කතාව

ආ… ඇයි ඒ?

එක්කෙනෙක්ව කලබල කරන්න

මාවද?

නෑ අනේ

එහෙමනං? අශේනිවද?

නෑ… නංගිව

ආ… ඒ මොකද?

නංගිව නිකං අවුස්සන්න හිතුණා.

පිස්සුනෙ ඔයාටත්

ඇයි?

මම නිකං බය වුණා…

ඇයි ඔයා බය වුණේ?

මොන සක්කරවට්ටමකට අහුවෙලාද දන්නෑනෙ.

මං එහෙම අහුවෙන්නෑ අක්කා.

හ්ම්ම්ම්…

ඔයාලා දෙන්න තාම යන ගමංද?

ඔව් අශේනිත් ඉන්නව මගෙ ළඟ

හ්ම්ම්ම් හරි මං තියන්නං

ඕකේ මල්ලි… බුදු සරණයි

බුදු සරණයි අක්කා.

එතන ඉඳන් දෙන්නා වෙන් වෙන තැනට යනකංම ගෑනු ළමයි දෙන්නා කතා කර කර ගියේ කාවිංග ගැන. කාවිංග ගැන කතා අතරේ කාවිංග ගැන අශේනිගෙ හිතේ පැහැදීම තවත් වැඩි වුණා. ඒ වගේම අශේනිට තවත් දෙයක් හොඳටම තේරුණා. ඒ තමයි ෂෙනාලි කාවිංග හුඟක් ආදරේ විත්තිය. ෂෙනාලිගෙ දැන් තියෙන ආදර කතාවත් නවතින්න ඔන්න මෙන්න තියෙන, රණ්ඩු ලෝකයක් නිසා අශේනිගෙ හිතට මේ ගැන තවත් විශ්වාසයි. ඒ හින්දා කාවිංග එක්ක මීට වඩා කතා කරන්න විදියක් අශේනි කල්පනා කරා. ඒ නිසාම එයා එදා රෑ ගෙදර ගිහින් කාවිංගට මෙසේජ් එකක් දැම්මා. ඒකෙ තිබුණෙ “මම ගෙදර ආවා” කියලා. ඒ මෙසේජ් එක හුඟක් කෙටි වුණත්, ඒ මෙසේජ් එක දාපු ගමංම කාවිංග අශේනිට කෝල් කරා.

දැන්ද ගෙදර ගියේ

ඔව්

මෙච්චර වෙලා

හ්ම්ම්ම්…

මෙච්චර වෙලා මොනවද කළේ?

රෑට කෑවා, උයන්න දේවල් ගත්තා, චිත්‍ර අඳින්න ඕන බඩු ගත්තා.

චිත්‍රත් අඳිනවද?

ඔව්…

ඒ කියන්නෙ අර තෑග්ග ඔයාටම අඳින්න පුළුවන්නෙ

එහෙම බෑ ඒක ඔයා අඳින්න

හරි…

මට සතුටුයි..

ඒ ඇයි?

කවුරුහරි මම ගෙදර ගියාද කියලවත් හිතන්න ඉන්නවනෙ.

ආ මං බැලුවෙ මොකෝ මෙච්චර පරක්කු කියලා

හ්ම්ම්ම්…

ෂෙනාලි අක්කනං ගෙදර ගිය ගමං කෝල් එකක් දුන්නා…

හ්ම්ම්ම්…

අනික ඔයා ගෙදර ගියාද කියලා හිතන්න අර චිත්‍රෙ තෑගි දෙන කෙනා ඉන්නවනෙ

කවුද?

දැන් ඔයා මට කියලා චිත්‍රයක් ඇඳගන්නෙ ඇයි?

මතක නැද්ද? මං ඒක වෙන කෙනෙකුට දෙනවා කියල කිවුවෙ බොරුවටනෙ

මතකයි මතකයි… සොරි මං ඇත්තමද කිවුවෙ කියල බලන්නයි ආයෙ ඇහුවෙ

අපෝ ඔයා හරිම කපටියි..

අශේනි එහෙම කියලා එක පාරටම කෝල් එක කට් කරා. කාවිංගට හිතාගන්න බැරි වුණා. කාවිංග ආයෙ ගනිද්දි ෆෝන් එක ඕෆ්. අශේනිගෙ හිතටනං සතුටුයි. මොකද කාවිංග එයා ගැන හිතනවා කියලා දැන් එයා දන්නවා. දැන් හොයාගන්න ඕන හෙට ඔෆිස් ගියාට පස්සෙ, කෝල් එක කට් කරේ ඇයි කියලා ඇහුවම කියන්න පොඩි බොරුවක් විතරයි. අශේනි ඒ ගැන හිත හිතම නින්දට ගියා.

ඊලඟ කොටසට…

Related Articles