Home Lifestyle Online order කරලා grocery items ගෙන්නවා ගන්නවා නම් මේ දේවල් ගැනත් හිතන්න

Online order කරලා grocery items ගෙන්නවා ගන්නවා නම් මේ දේවල් ගැනත් හිතන්න

by ladylk

Online order කරලා grocery items ගෙන්නවා ගන්නවා නම් මේ දේවල් ගැනත් හිතන්න

කොරෝනා අවධානම පැතිරුණු මුල් අවධියේ ඉඳලම කඩවල් වලට නොයා online order කරලා නිවසට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන්නවා ගන්න අපි බොහෝ දෙනෙක් පුරුදු වුණා. මෙය ඉතාම පහසු කටයුත්තක් වගේ පෙනුනට අපිට ඍජුව නොදැනෙන පොඩි පොඩි ගැටළුකාරී තත්ත්වයන් කිහිපයකුත් සමහරවිට ඔබට අත්විඳින්න වෙලා ඇති. මේ නිසා, බොහොම අරපරිස්සමින් විය හියදම් කරන්න සිදු වෙලා තියෙන කාලයක online order කරලා groceries ගෙන්වා ගැනීමේදී ඔබ සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න lady.lk අපි තීරණය කළා.

ළඟම සහ හොඳම තැනක් තෝරාගන්න

තමන්ගේ නිවසට ආසන්නම සහ විශ්වාසවන්තම වෙළඳසැල තෝරාගැනීම ඔබට විශාල පහසුවක් වෙන්නට ඉඩ තියෙනවා. භාණ්ඩ හෝ බිල්පත සම්බන්ධ ගැටළුවක් ඇත්නම් එය විසඳාගන්න මෙය විශාල සහයෝගයක් වේවි. ඒ විතරක් නෙවෙයි නිතර යන එන තැනක් නිසා, සෞඛ්‍යාරක්ෂිත බව ගැන ඔවුන් දක්වන සැළකිලිමත්කම ගැන අවබෝධයක් ලබා ගන්නත් එය උපකාර වන්නට ඉඩ තියෙනවා. ඒ වගේම එහි සේවය කරන්නන් පෞද්ගලිකව දැන හඳුනාගෙන තිබීමේ වාසියත් මෙහිදී ඔබට හිමිවෙනවා.

Customer service කොහොමද?

Online order කිරීමට මූලිකවම හේතු වන්නේ, නිවසේ සිට ඇනවුම් කරන grocery items නිවසටම ලැබීම කියන කාරණයයි. හැබැයි ඒ ගෙන්වන ද්‍රව්‍ය හෝ බිල්පත ගැන ගැටළුවක් තියෙනවා නම්, නැවත වෙළඳසලට නොයා ගැටළුව විසඳාගන්න පුළුවන් සුහද පාරිභෝගික සේවාවක් තිබීමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ නිසා ඇනවුම ලබාදීමට කලින් ආයතනයේ පාරිභෝගික සේවාව ගැන හොඳින් දැනුවත් වී සිටීම ඔබට පහසුවක් වනවා නොඅනුමානයි.

List එකක් අනිවාර්යයි

සාමාන්‍යයෙන් අපි supermarket එකකින් මිලදී ගැනීම් කරනකොට ගෙදරින් list එකක් හදාගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ විදියටම Online order කරන්න කලිනුත් තමන්ට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හදාගන්න අමතක කරන්න එපා. එහෙම නොවුනහොත් අනවශ්‍ය දේවල් පවා order කරලා නොදැනීම ඔබගේ සාක්කුව හිස් වෙන්න ඉඩ තියෙනවා.

දැනටමත් තියෙන දේවල් order කරන්න එපා

භාණ්ඩ ලැයිස්තුවක් හදාගන්න කලින් නිවසේ ළඟ දැනටමත් තියෙන දේවල් ගැන දැනුවත්වීම අවශ්‍යයයි. ඉතින් pantry cupboards වගේම fridge එකත් හොඳින් සෝදිසි කරලා බලලා තමයි list එකක් හදන්න පටන්ගන්න වෙන්නේ. මෙයින් අපේක්ෂා කරන්නේත් අනවශ්‍ය මිලදී ගැනීම් සහ භාණ්ඩ නාස්තිය වළක්වා ගැනීම මයි.

විකල්ප වලට යන්න

ඔබට මිලට ගැනීමට අවශ්‍ය භාණ්ඩය නැත්තම්, ඒ වෙනුවට විකල්පයක් සොයාගන්න. උදාහරණයක් විදියට වෙනදාට මිලට ගන්නා සහල් වර්ගය නැති නම් ඒ හා සමාන වෙනත් සහල් වර්ගයක් තෝරාගන්න පුළුවන්කම තියෙනවා. දෙතැනකින් හෝ දෙවරකට මිලට ගැනීමේදි ගෙවීමට සිදුවන අපහසුතාවලින් වැළකීමට මෙය උපකාරයක් වේවි.

ඇති පමණට විතරක් ගන්න

භාණ්ඩ නාස්තිය සහ වියදම් අවම කර ගැනීම සඳහා තමන්ට අවශ්‍ය තරමට පමණක් ඇණවුම් කිරීමට උත්සහ කරන්න. නිතරම සහ වැඩියෙන් භාවිතා වන භාණ්ඩ වැඩිපුරත්, අනික්වා අඩුවෙනුත් මිලට ගැනීමට වගබලා ගැනීමෙන් මේ දේ ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා.

හොඳම දේ අරගන්න

Supermarket එකකින් හෝ වෙනත් කඩයකින් ඔබ යමක් මිලට ගන්නකොට හොඳින් පරික්ෂා කරලා ගත්තත් online ක්‍රමයට ගෙන්වා ගන්නකොට ඒ දේ කරන්න බෑ. මේ නිසා මීට කලින් ඔබ හොඳම තත්ත්වයේ එළවලු, පළතුරු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලට ගත් විශ්වාසවන්ත වෙළඳසැලෙකින් ම online order කරනවා නම් එය සෑහෙන ලාභදායක වෙන්නට ඉඩ තියෙනවා.

Offers ගැනත් හොයලා බලන්න

ද්‍රව්‍ය කිහිපයක් එක pack එකක් වශයෙන් මිලට ගැනීමේදී සිදු කෙරෙන මිල අඩු කිරීම්, මුල් ​ම වරට මිලට ගන්නා පාරිභෝගිකයින්ට ලබාදෙන offers සහ වෙනත් වාසිදායක වට්ටම් ගැන සොයා බලා ඇනවුම් කිරීම ඔබට වාසිදායක වන නිසා ඒ කාරණ ගැනත් මතක තියාගන්න.

දෙවරක් තෙවරක් පරීක්ෂා කරන්න

Order place කිරීමට පෙර දෙවරක් හෝ තෙවරක් භාණ්ඩය, ප්‍රමාණය, සහ brand එක වගේ කරුණු ගැන පරීක්ෂා කර බලන්න. අඩුවෙන් මිල නියම කර ඇති සමහර ආහාර ද්‍රව්‍ය වල කල් ඉකුත්විමේ දිනය ඉතා ආසන්න බවට යොදා ඇති දැන්වීම් වැනි දෑ ඔබට මඟහැරී තිබෙන්නට ඉඩ ඇති නිසා ඒ ගැනත්, වෙනත් ආයතනික කොන්දේසි වැනි දේවල් ගැනත් හොඳින් පරීක්ෂා කර බලා ඇනවුම භාර දෙන්න වග බලා ගන්න.

Related Articles