Home Health & WellnessPhysical Wellbeing කාන්තාවන් විසින් නොසලකා හරින දරුණූ රෝගවල ලක්ෂණ

කාන්තාවන් විසින් නොසලකා හරින දරුණූ රෝගවල ලක්ෂණ

by LADY.LK

කාන්තාවක් අසනීප වුණාම ඒ වෙනුවෙන් උනන්දු වෙනවා ටිකක් අඩුයි. මොකද ගෙදර දොරේ වැටකටයුතු සහ දරුවන්ගේ සැමියාගේ වැඩකටයුතු හෝ රැකියාවක් නිසා ඇතිවන කාර්ය බහුලත්වය තමයි මේකට හේතුව. නමුත් ඔබ නොහිත ඉතාමත් සුළු අසනීප තත්වයකින් වුණත්  ඔබේ ශරීර අභ්‍යන්තරයේ හටගෙන තිබෙන  අදරුණු අසනීප තත්වයන් ගැන ඉඟි ලබා දෙන්න පුළුවන්.  ඔබ එම තත්වයන් ගණනකට නොගත්තාට ඒ තළ ඇති අවධානමනම් බතාමත් භයානකයි. එම නිසා මෙවැනි රෝගී තත්වයන් ඔබට පවතිනවානම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු වෙත යොමු වීමට පියවර ගන්න.

මුත්‍රා පිටවන ප්‍රමාණය වැඩි වීම

මුත්‍රා පිටවන ප්‍රමාණය වැඩි වීමෙන් හෙළි වන්නේ වකුගඩු සහ මුත්‍රා පද්ධතියේ රෝගයක් වෙන්නත් පුළුවන්. සමහර විට හෝර්මෝන අසමතුලිතතාවයක් හෝ යෝනි මාර්ගයේ ඇති වූ දිලීර ආසාදනයක ප්‍රතිඵලයක් වෙන්නත් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් දිනකට වාර 4ත් – 10ත් අතර ප්‍රමාණයක් මුත්‍රා පිට කිරීම සාමාන්‍යයි. නමුත් ඊට වඩා වැඩි වාර ගණනක් ඔබට මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය දැනෙනවා නම්, වෛද්‍යවරයෙකු හමු වීම වැදගත්ය.

අසාමාන්‍ය ලෙස බර අඩු වීම

කාන්තාවන් ගොඩාක් කැමතියි බර අඩු කර ගන්න. ඒත් කෙටි කාලයකදී විශාල ප්‍රමාණයකින් බර අඩු වීම කියන්නේ සතුටු වෙන්න හොඳ කාරණයක් නම් නෙවෙයි. මෙය දියවැඩියාවේ හෝ පිලිකාවක රෝග ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා.ඔබටත් එවැනි තත්වයක් පවතිනවානම් වහාම වෛච්‍යවරයකු හමු වන්න, ඉක්මනින්ම වෛද්‍යවරයෙකු හමු වීමට යන්න.

අනවශ්‍ය තැන් වල, අනවශ්‍ය ලෙස වැවෙන රෝම

කාන්තාවන්ගේ සමේ අසාමාන්‍ය ලෙස රෝම වැවෙනවා නම් ඒකට පිළියම රෝම ගලවලා දාන එක නෙවෙයි. මොකද මෙහෙම රෝම වැවෙන්නේ කාන්තාවකගේ සිරුරේ පිරිමි හෝමෝන (ටෙස්ටෙස්ටරෝන්) වැඩි පුර තිබෙන නිසායි. කාන්තාවකගේ පෙනුම අවලස්සන කිරීම නෙවෙයි මෙහි ගැටළුව. මේ තත්වය නිසා කාන්තාවකගේ දරුවන් ලැබීමේ හැකියාව අඩු විය හැක. එමෙන්ම පරිවෘත්තීය ක්‍රියාවලියේ අක්‍රමවත් බව, ගර්භාෂයේ රෝග සහ පියයුරු පිළිකා  පවා ඇති වන්නට පුළුවන්.

ආර්තවහරණයෙන් පසුවත් රුධිරය පිට වීම

ආර්තවහරණය කියන්නේ කාන්තාවකගේ මාස් ශුද්ධිය අවුරු 40හෝ 50වූ පසු නැවතීමයි. නමුත් ඇතැම් කාන්තාවන්ගේ ආර්තවහරණයෙන් පසුවත් අක්‍රමවත් ලෙස රුධිරය පිට වෙනවා. මෙයට හේතු විය හැක්කේ ගර්භාෂ පිළිකා, ගර්භාෂයේ ඇති ගෙඩි හෝ ගැබ් ගෙලේ ඇති වූ රෝගී තත්වයන් විය හැක.

පියයුරු වල වෙනස්කම්

පියයුරු වල ඇති ගැටිත්තක්, වේදනාවක් හෝ යම් දියරයක් ශ්‍රාවය වීම හෝ පියයුරු වල සමේ යම් රැලි වැටීමක් හෝ රතු වීමක් වැනි වෙනස්කමක් පියයුරු පිළිකාවක් හඟවන රෝග ලක්ෂණයක් විය හැකියි. එමෙන්ම එය හෝර්මෝන වල අසමතුලිතතාවයක් පෙන්වන ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.

බහිස්ස්‍රාවයේ වෙනසක්

බහිස්ස්‍රාවය කියලා හඳුන්වන්නේ මළ සහ මුත්‍රා. මේවායේ වර්ණයේ වෙනසක් වී අත් නම් (කොළ වර්ණය), අප්‍රසන්න ගන්ධයකින් යුක්තයි නම් ඒ ගැන සැලකිලිමත් වන්න. මෙය රෝග රැසක රෝග ලක්ෂණයක් වෙන්න ඉඩ තියෙනවා.

මාස් ශුද්ධියේදී පිටවන රුධිර ප්‍රමාණය සාපේක්ෂව අධික වීම

මෙසේ වන්නේ දේශගුණික වෙනසක් නිසා හෝ අධික ලෙස වෙහෙසීම නිසා වෙන්නත් පුළුවන්. ඒත්, මෙය ගර්භාෂය සම්බන්ධ රෝගී තත්වයක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්. මෙය දිගටම සිදු වීමෙන් නීරක්තිය ඇති වෙන්න පුළුවන්. දින හතකට වඩා රුධිර පිට වීම සිදු වෙනවා නම්, රුධිර වර්ණය දිගටම දීප්තිමත් රතු පැහැයක් ගන්නවා නම්, මාස් ශුද්ධිය ඇති වීමේ චක්‍රය අක්‍රමවත් නම් වෛද්‍යවරයෙකු ඉක්මනින් මුණ ගැසිය යුතුය.

Related Articles