Home Health & WellnessPhysical Wellbeing දිනක් තුල ලොව පුරා වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන

දිනක් තුල ලොව පුරා වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන

by LADY.LK

ගතවූ පැය 24 තුළ ලෝකය පුරා නව කොරෝනා රෝගීන් 106,000 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එය වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස සැලකේ.

මෙවැනි තත්ත්වයක් තුළ මෙම වසංගත තත්ත්වය අවසන්වීමට තව බොහෝ කාලයක් ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අනතුරු ඇගවීමක් කර ඇත.

මෙම අනතුරු ඇඟවීම සිදු කරන ලද්දේ ඪයේ දිනය වන විට ලොව පුරා සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ඇති අවස්ථාවකය.

ජෝන්ස් හොප්කින්ස් සරසවියේ දත්ත අනුව ලොව පුරා පුද්ගලයින් 326,000 කට වැඩි පිරිසක් කොරෝනා වයිරසයෙන් මිය ගොස් ඇත.

අමෙරිකාව වෛරසයෙන් දරුණුම පීඩාවට පත්වූ රට වන අතර මේ වන විට මිලියන 1.5 කට වඩා වැඩි සංඛ්‍යාවක් රෝගීන් වාර්තාවෙයි. මරණ 92,000 කි.

Related Articles