Home LifestyleEntertainment ආසියාවේ මුඩුක්කුව ලෙස හැඳින්වූ සිංගපූරුව සුර ලොවක් කළ අසහාය භාර්යාව ලී

ආසියාවේ මුඩුක්කුව ලෙස හැඳින්වූ සිංගපූරුව සුර ලොවක් කළ අසහාය භාර්යාව ලී

by LADY.LK

සිංගප්පූරුවේ මාතාව ක්වා ගෙඔක් චූ මැතිණිය ( MADAM KWA GEOK CHOO)

සිංගපූරු දේශය අද ලෝකයේ තිබෙන සංවර්ධිත රට වලින් එකක්. ස්වභාවික සම්පත් නැති මේ කුඩා රටට පෙර කීවේ “ආසියාවේ මුඩුක්කුව” කියලයි. ධනයෙන් ඒ වගේම සමාජ ආකල්ප වලින් ඔවුන් අද ලෝකයේ බොහෝ රටවල් අභිභවා ගිහින්. මේ සේරම සිද්ධ වුනේ එක්තරා මිනිසෙකුගේ තනි අධිෂ්ටානයක් නිසා බව ඔබ දන්නවා ඇති. ඒ තමයි එරටේ අසහාය නායක ලී ක්වාන් යු මැතිතුමා. එතුමාට මේ ආකාරයට උත්කෘෂ්ට අරමුණක් කරා යාමට ලැබුන ලොකුම රුකුල තමයි එතුමාගේ අසාමාන්‍ය භාර්යාව ලී මැතිණිය.
අයගේ චරිතය බලද්දී පුදුමාකාරයි, විශිෂ්ටයි

රැෆල්ස් ආයතනයේ (Raffles Institution) රැජිනගේ ශිෂ්‍යත්ව ලාභිනිය

1936 වසරේදී ලී මැතිණිය එවකට වයස 16 ක ශිෂ්‍යාවක් ලෙස රැෆල්ස් ආයතනයට සම්බන්ධ වෙන්වා. ඒ ජ්‍යෙෂ්ට කේම්බ්‍රිජ් විභාගයෙන් පළමු තැනට පැමිණිලා රැජිනගේ විශේෂ ශිෂ්‍යත්ව ලාභිනියක් ලෙසයි.

ඉගෙනීමට ඉතාම සමර්ථ ඇයව ලී ක්වාන් යූ ට හමු වෙන්නේ එහිදීයි. බොහෝ විෂයන්ට ඔහුට වඩා ලකුණු ගන්න ඇය ඔහුගේ ප්‍රධාන තරඟ කාරිය වෙනවා. පසුව දෙවන ලෝක මහා සංග්‍රාමය නිසා ඇගේ අධ්‍යාපන කටයුතු අතරමග නවතිනවා.

1946 වසරේදී නැවත කේම්බ්‍රිජ් සරසවියේදී හමුවන මේ යුවල එහිදී විවාහ පත් වෙලා නීති ක්ෂේත්‍රයෙන් පළමු පෙළ ගෞරව සාමාර්ථ සහිතව උපාධිය ලබා සමත් වෙනවා. 1950 දී සිංගප්පූරුව බලා එන ඔවුන් දෙන්නා නීති ආයතනයක වැඩ කරනවා.

රට ගොඩ ගැනීමේ සිහිනය

තරුණ ලී ක්වාන් යු ට තිබෙන නොනිදන සිහිනය තමයි තම රට මේ තිබෙන අගාධයෙන් කොහොම හරි උඩට ගන්න එක. චූ මහත්මිය මේ කටයුත්තට ඔහුට උපරිම සහයෝගය දෙන්න ප්‍රතිඥා දෙනවා. 1950 දී ඔවුන් ගේ නීති ආයතනය පටන් ගන්නේ දෙන්නගෙම නමින්.

නමුත් ලී ක්වාන් යු ගෙන් ලැබෙන සහයෝගය අඩුයි. ඇය තනිවම ව්‍යාපාරය ගෙනියමින් පවුලේ ආදායම තමන් විසින් උපයනවා. මේ අතර සැමියා දේශපාලනයට සම්බන්ධ වෙලා කරන කටයුතු වලටත් ලිපි ලිවීම වැනි කටයුතු වලින් හැම විටම දායක වෙනවා. ඔහුගේ හැම කතාවක්ම ලියන්නේ ඇය විසින් බව ප්‍රසිද්ධ රහසක්. වෙන එකක් තබා ඔහු ලියපු හැම පොතක්ම දෙදෙනා විසින්ම රචනා කළ බව සදහන්.

පවුලට උපයන්නී සහ වෙහෙසෙන්නී

සාමාන්‍ය සිංගපූරු පවුලක වැඩිමල් පුතා හැටියට ලී මහත්මයා කියන්නේ බිත්තරයක් සුද්ධ කර ගන්නවත් තරමේ දෙයක් කර ගන්න නොහැකි කෙනෙක් වුනා. මේ හොඳ තත්වයක් නෙවෙයි නමුත් ආසියාතික බිරිඳක් ලෙස ලී මැතිණිය ඔහුව හැම විටම පිටුපසින් සිටිමින් රැක බලා ගත්තා.

ඇය වරෙක මෙහෙම කිවුවා.

“I walk two steps behind my husband like a good Asian wife.”

“මම හැම විටම හොඳ ආසියාතික බිරිඳක් වගේ සැමියාට පියවර දෙකක් පිටුපසින් එන්නේ” කියල. ඇය ඔහුව පිටු දකිමින් තමා ඉස්මතු වෙන්න කොයිම වෙලාවකවත් හිතුවේ නැහැ.

ලී ක්වාන් යු වරෙක ප්‍රකාශ කළා මට පහසුවෙන් දේශපාලනය කරන්න හැකි වුනේ මගේ බිරිඳ අපේ නිවසේ ප්‍රධාන උපයන්නිය නිසා කියල. දරු තිදෙනාගේ කටයුතු, ඔහුගේ දේශපාලන කටයුතු සහ තම ව්‍යාපාරය තමයි ඇගේ ජීවිතය වුනේ.

ලී ක්වාන් යු ඔහුගේ ජීවන චරිතය පොතේ සදහන් කර තිබෙනවා ජනාධිපතිවරණ සමයේ සිදු වුන එක්තරා සිද්ධියක්. ඔහුගේ ශරීරය සිංගපූරුවේ අධික උෂ්නයට ඔරොත්තු දුන්නේ නැහැ. එම නිසා දේශපාලන වේදිකා වල කතා පවත්වද්දී ඇඟ දහදියෙන් නැහැවුනා. ලී මැතිණිය මේ වෙලාවේ ඔහුගේ පිහිටට ආවා. මුලින්ම ඇය කළේ ඇගේ මුදලින් ඔහුට බෙන්ස් කාර් එකක් අරගෙන දීමයි. එතනින් ඇය අදහස් කලේ දේශපාලනයට පැමිණීමට පෙර සිටම ඔහු ධනවත් බවයි. ඉන් පසු ඇඳුම් කට්ටල තුනක් හෝ හතරක් මැදගෙන වාහනේ දමාගෙන ඇය ඔහු යන තැනට ඔහු සමග පැමිණියා. එක කතාවක් ඉවර වෙද්දී ඇය ඔහුට ඇඳුම් මාරු කරලා වෙන තැනකට යන්න පහසුකම් සැලසුවා.

ජීවිතයෙන් සමු ගැනීම

ඇය ඔහුට වඩා වයසින් වැඩිමහල්. ලී කවන් යු මැතිතුමා සැලකුවේ එය ආශිර්වාදයක් ලෙසයි. ඒ ඔහුව බලා කියා ගැනීමට ශක්තිමත් කාන්තාවක් ඔහුට ඇවැසි වුනා. බොහොම ප්‍රේමනීය ලෙස පවුල් ජීවිතයක් ගෙවපු ඇය 2003 වසරේදී ශරීරයේ වම් කොටස පන නැති තත්වයට පත් වුනා. එතැන් සිට ලී මහතා ඇයගේ වම් අත ළඟ හිටගෙන ඇයව රැක බලා ගත්තා.

2008 වසරේදී ඔත්පල වුන ඇය 2010 වසරේදී වසර 62 ක විවාහ ජීවිතය සාර්ථකව නිමා කරමින් ජීවිතයෙන් සමු ගත්තේ සැමියාට පිරවිය නොහැකි අඩුවක් ජීවිතයට එකතු කරමින්.

රටක් වෙනස් කළ මාතාව

ඇගේ සැමියා හැම විටම ඇයව නොමද ප්‍රසංසාවට ලක් කළා. ඇය නැතිව මට මේ කිසිවක් කරන්න ලැබෙන්නේ නැහැ යන වචනය ඔහු නිතරම ප්‍රකාශ කළා. කාලය සමග ඔවුන් දෙදෙනා එක්කෙනක් වගේ එකට හදවතින් බැදී සිටියා. ඒ වගේම සිංගපූරුවේ වර්තමාන අගමැති තුමා ඇගේ වැඩිමහල් පුත්‍රයා. මුළු සිංගපූරු ජනතාවම ඇය රට වෙනුවෙන් කළ මෙහෙයට සදා ණයගැතියි.

අද දවසේ තරුණියන්ට ඇගෙන් ගන්න පුළුවන් ආදර්ශ බොහොමයි. ගැහැනියක් වුනාම පවුලේ භූමිකාව හොදින් රඟපානවා වගේම අධ්‍යාපනය, වුර්තිය පැත්තෙනුත් ඉහලට යන්න පුළුවන්. ඒ වගේම ආදරණීය මාතාවක් , බිරිඳක් ලෙස සැම විටම සැමියාගේ උසස් අරමුණු වලට උපකාර කළ යුතුයි කියන පණිවිඩ ඇය අපට ලබා දෙනවා.

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about the builder of singapore MADAM KWA GEOK CHOO .You can read the article and put your feedback on it. 

Related Articles