Home Health & WellnessPhysical Wellbeing ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න සරලව

ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න සරලව

by LADY.LK
ඔබත් එකපාරටම ලෙඩ වෙන කෙනෙක්ද ? ඒකියන්නෙ වැස්සට පොඩ්ඩක් තෙමුනත් හෙම්බිරිස්සාව එහෙම හැදිලා උණ හැදෙනවද ? එහෙම නම් ඒකට ප්‍රධානම හේතුවක් වෙන්නෙ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමයි. එහෙම නම් කරන්න ඕන ඒක වැඩි කරගන්නට කටයුතු කරන එකයි. ඕනෑම දෙයක් දරා ගැනීම අතින් ගැහැණු අය පිරිමින්ට වඩා දියුණුයි.

මෙතනදි ඔබේ ආහාර වේල බොහෝම වැදගත් වෙනවා. ආහාර වේලට එළවළු අවම වශයෙන් 2-3ක්වත් තියෙන එක වටිනවා. පලතුරුත් කන්න ඕන. හැබැයි වැඩියෙන්ම කන්න ඕන එළවළු කියල මතක තියාගන්න. ඒකියන්නෙ බත් කන ප්‍රමාණයටම කන්න ඕන දේ තමයි එළවළු. පලතුරු ඊට වඩා අඩුවෙන්. තමන්ගෙ ගෙදර හදන නැත්නම් ඕගනික් (කාබනික) ක්‍රමයට හදන එළවළු – පළතුරු නම් වඩාම හොදයි කෑම කන්නට.
ඒවගේමයි මත්පැන් වගේම සිසිල් බීමත් පාලනය කරනව නම්. නොබී ඉන්න තරමට හොදයි. සිසිල් බීමත් ඇත්තටම ඇඟට ගුණ නැහැ.
ව්‍යායාම දවසකට 2කට වරක්වත් කරනව නම් ඒකෙන් ශරීරයේ ක්‍රමවත් බව ඇති කෙරෙනවා. දවසකට වරක්වත් කිලෝමීටර් 2-3ක් ඇවිදින්න කටයුතු කරන්න.
මේ කාලයේ වැඩිය ඉර එළියට නිරාවරණය නොවී ඉන්න බලන්න. ඒවගේම හමුවෙන අය නිසා තමන් හිතට පීඩනයන් ඇති කරගන්න එපා.


හදිසියෙ ඔබට උණ තත්වයක් හෝ උණ ඇති වෙන තත්වයක් ආවොත් මේ දේ කරන්න.

1. කැස්ස ගතියක්/ සෙම තියෙනව නම් මඳ උණු – ලුණු වතුරින් උගුර හෝදන්න. දවසට 2-3ක්වත් කරන්න. මේ ක්‍රමය කිරීම මගින් උගුර ආශ්‍රිතව තියෙන පීඩාකාරි බැක්ටිරියා වර්ග ඉවත් කරන්න හේතු වෙනවා. අසනීප කාලයේම විශේෂයෙන්ම සෙම වගේ අසනීප තියෙන කාල වල කරන්න. අසනීපය සුව උනාට පසුව සතිකට 1-2 වතාවක් කරාම ඇති. දිනපතා කල යුතු නෑ.
2. පුලුවන් නම් රතුළූණු ගෙඩි 2-3ක් කන්න. රතුළූණු කියන්නෙ විෂබීජ නාශකයක්. එනිසා කෑම ඇඟට ගුණයි. මෙතනදි වැදගත් වෙන්නෙ රතුළූණු වල සැර මොලයට දැනෙන්නට කන එකයි. ඒකියන්නෙ ඔබට සෙම තියෙනව නම් සමහරවිට 2 හෝ 3 වෙනි ගෙඩිය කන විටයි සැර දැනෙන්නට පටන් ගන්නෙ. හොඳට හපලා කන්න එහෙමයි කරන්න ඕන.
3. ලෙඩ ගතිය දැනුනාම වෛද්‍යවරයෙක් ලවා බෙහෙත් ගන්න ඕන. ඒ ගන්න අතර කෑම තරමක්වත් කන්න බලන්න. කෑම කන්න අමාරු උනොත් ඔබේ ලෙඩේ සුව වෙන්න කල් යන්න පුලුවන් නිසා.

මේ කරුණු කාරණා ගැන අවදානමත් වෙලා නිරෝගී දිවියක් ගත කරන්න !

Related Articles