සාමාන්‍ය විදියට අපි කිසිදේකට ඉක්මණින් කරන්න කියන්නෙ නෑ. හැමදේම වෙන ක්රමානුකූල භාවයක් තියෙන නිසා. නමුත් ඉක්මණින් වෙන දේවල් තියෙනව. බොහෝදෙනෙක් හිතන්නෙ අඩුවෙන් කෑවාම බර අඩු වෙනව කියල. එහෙම වෙන්නෙ නැහැ.
කෑම අඩුවෙන් කෑවත් යම් කෙනෙක්ගෙ මෙටබොලිසම්/ ශරීරයේ ක්‍රියාකාරිත්වය/ පරිවෘත්තිය ක්‍රියාකාරිත්වය හෙමින් නම් එයාගෙ බර අඩු වෙන්න සෑහෙන කාලයක් ගත වෙන්න ඉඩ තියෙනව. ඇත්තම කිව්වොත් කෑම වේල් 3ක් වෙනුවට, කෑම වේල් 5ක් විතර ඒකියන්නෙ පොඩි කෑම වේල් 5ක් විතර ගන්නව නම් ඒ කෙනාගෙ බර අඩු වෙන්න ඉඩ තියෙනවා, මොකද කෑම වේල් ගාන වැඩි වෙන නිසා ඒවට අදාල එන්සයිම, පරිවෘත්තිය ක්‍රියාවලි සිද්ධ කරන්න වෙන නිසා.
ඔබ ආහාරයට පොල්තෙල් එකතු කරගන්නවා නම් ඒක හොඳ වෙනවා, ශරීයේ ක්‍රියාකාරිත්වය ඉක්මණ් කරගන්නට. පොල්තෙල් වල තියෙන මේද අම්ල ආහාර පරිවෘත්තියෙදි කීටෝන බවට පත් වෙනවා. ඇත්තටම මේ කීටෝන වල බර අඩු කරගන්නට උවමනා කරන ද්‍රව්‍ය අන්තර්ගතයි, ඒකියන්නෙ වේගයෙන් ෆැට් අඩු කරන්නට/ බර අඩු කරගන්නට මේ කීටෝන වල ක්‍රියාකාරිත්වය බොහොම වටිනව. විද්‍යාත්මකව කරල තියෙන පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා පොල්තෙල් වල තියෙන මේද අම්ල මගින් සිරුරේ තියෙන ශක්තිය වැය කරන වේගය 5%කින් විතර ඉහල යවන බවත්, ඒ අනුව දවසකට කැලරි 120කට වඩා වැය කරන්න හැකියාව තියෙන බවත් ( ජිම් වගේ යන කෙනෙක්ගෙන් අහල බලන්න කැලරි 120ක්ට කොයිතරම වෙලාව යනවද කියල, ඒක තරමක් දැනෙන ප්‍රමාණයක්).
තව වැදගත් දෙයක් තමයි අර්තාපල්. තැම්බූ අල හෝ හොඳින් පුළුස්සන ලද අල තමයි අපිට බර අඩු කරගැනීමෙදි අපිට වැදගත් වෙන්නෙ. අල වල තියෙනවා ඉතා වැදගත් වෙන ඛනිජ ලවණ, පෝෂණ ගුණ වගේම ඇමයිනෝ අම්ලත්. අර්තාපල් වල තව විශේෂයෙක් තමයි ඇඟට ලබාදෙන ශක්තිය. මේ තුලින් බර අඩු වෙන්න මේද දහනයෙදි වගේම දවස පුරා වෙහෙසන්නට අවශ්‍ය ශක්තිය ලබාදීමක් සිදු වෙනවා.
ඊලගට අපි කියන්නෙ කැෆේන් ගැන. කැෆේන් ගන්න හොදම ප්රභවය කෝපි බොන එකයි. දන්නව ඇතිනෙ. එක කෝපි කෝප්පයකට පුලුවන් විවේකයෙන් ඉන්නකොට ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය 3% ඉදන් 4% දක්වා වැඩි කරන්නට. ශරීරයේ උණුසුම වැඩි කරලා ඒතුලින්ම මේද දහනය ඉක්මණ් කරන්නට කැෆේන් වලට පුලුවන්.
ඊලග ලිපියකින් අපි බලමු තවත් බර අඩු කරගන්නට දේවල් ගැන.