කුරුලෑ කියන්නෙ බොහෝමයක් ගෑණු ළමයින්ට ජිවිතේ යම් කාලෙකදි ප්‍රශ්නයක් – හිසරදයක් වෙන දෙයක් බව දැන් හොයාගෙන තියෙනව. විශේෂයෙන්ම නව යොවුන් වියට එළඹෙන ගෑණු දරුවන්ට තියෙන ගැටළුවක් තමයි කුරුලෑ ඇවිල්ලා මුහුණේ තියෙන රූමත් බවට ගැටළු එන එක.
මේකට ඉතින් විවිධාකාර දේවල් කරනවා. ඇත්තටම මේකට හේතුව කායික විද්‍යාත්මකව නම් හෝමෝන වල ක්‍රියාකාරිත්වයක්. නමුත් ජ්‍යොතිෂ්‍යය අනුව මේකට හේතුව මොකක්ද ? මේ වෙනුවෙන් කල යුතු දෙයක් තියෙනවද ?
ඒ තමයි රාහු ග්‍රහයා
කුජ-කේතු 2 හිටියොත් කැළැල් සහිත මුහුණක්. දත් උල් දත්, ඒවිතරක් නෙමෙයි නපුරු ඇස් 2ක් හිමිවෙන්න ඉඩ වැඩියි එහෙම අයට.
ජ්‍යොතිෂ්‍යය අනුව හිතුවාම, කෙනෙක්ට ලස්සන වෙන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද දන්නවද ?
ඒ තමයි මල් පූජාව. තමන්ගේම ගෙදර, තමන් හිටවපු, සාත්තු කරපු මල් ගස් වලින් මල් කඩලා, පැන් ඉහලා පැහැදුනු සිතින් යුක්තව බුදුන්වහන්සේ ප්රමුඛ සද්ධර්මයට පූජා කරනව නම් පෙර කල අකුසල් ගෙවිලා ඔබට රූපසම්පන්න වෙන්න වාසනාව ලැබෙනවා.
හැකිතරම මල් පූජාව කරන්න. බෝධි පූජා කරන්න. උත්පලවණ්ණා තෙරණියගේ කතාව කියෙව්ව නේද ? ඒ ප්‍රාර්ථනාව මතකද ? එනිසා හැකි තරම් ඒ විදියට වැඩ කලොත් ඔබට රූමත් වෙන්න වාසනාව තියේවි.