Home Health & WellnessPhysical Wellbeing ඔබටත් Drive කරද්දි නින්ද යනවද?

ඔබටත් Drive කරද්දි නින්ද යනවද?

by LADY.LK

රථය පදවන විට විඩාව හා ඒකාකාරී බව නිසා රියැදුරන්ට නින්ද යෑම රථවාහන අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වෙනවා. මේ හේතුව වැළැක්වීමේ අරමුණින් Hoffman and Krippner යන පරමාණු ඉන්ජිනේරු සමාගම Guttersberg Consulting ආයතනය හා එක්ව Smart Steering Wheel එකක් නිපදවලා.

දැනට Sensofoil යන කේත නාමයෙන් හඳුන්වන මෙම උපාංගය සැබැවින්ම සුක්කානමක් නොවේ. එය ඕනෑම රථයක සුක්කානම මත සවිකිරීමට හැකි සංවේදක පටලයකි.

ඉතාමත් සිහින් ඊයම් කොළ වැනි අමුද්‍රව්‍යකින් නිපදවා ඇති මෙය සුක්කානමේ කවරයට යටින් සවිකර ඇති අතර ඉදිරි නිෂ්පාදන අවධිවලදී සුක්කානමට උඩින් සවිකළ හැකි කවරයක් ලෙසද නිපදවීමට මොවුන් බලාපොරොත්තු වෙනවා.

මෙම සංවේදක පටලය මඟින් සුක්කානම මතට යෙදෙන පීඩනය හා දෑත සුක්කානම මත රඳවා ගන්නා ආකාරය හඳුනා ගෙන එම රටාවෙන් සැලකිය යුතු ලෙස රියැදුරා බැහැර වෙයි නම් හෝ සැලකිය යුතු ප්‍රමාණයෙන් සුක්කානම මත යෙදෙන පීඩනය අඩුවෙයි නම් හෝ සුක්කානම මත දෑත් හැසිරවීම අවම වේ නම් රථය නැවැත්වීමට උපදෙස් ලෙස අනතුරු ඇඟවීමේ නාදයක් නිකුත් කරන ලෙස තමා මෙය නිපදවා තිබෙන්නෙ.

මෙය ස්වයංක්‍රියව තිරිංග යෙදීමක් දක්වා වැඩිදියුණු කිරීම තමා මොවුන්ගේ මීළඟ අරමුණ වී තියෙන්නේ. මීට අමතරව Sensofoil හරහා සුක්කානම Touch Sensor එකක් බවට පත්වන බැවින් එයින් රථයේ Radio, Volume, A/c, Call, Play/Paues පහසුකම් පාලනය කිරීමටද ඔබට හැකියාව ලැබෙනවා.

Related Articles