Home LifestyleLove & Relationships පිරිමි හැසිරීම් තේරුම් ගමුද ?

පිරිමි හැසිරීම් තේරුම් ගමුද ?

by LADY.LK

කලින් ලිපියකින් අපි තරමක් පැහැදිලි කලා, පිරිමි හැසිරීම ගැන තේරුම් ගන්න විදිය ගැන. හැබැයි ඒකෙ තිබුනු විදියට මුල ඉදලම නිසා ටිකක් බෝරිං ඇති, අනික අපි ගැහැණු හැසිරීම් වලට සාපේක්ෂව කාරණායි එතන කියල තිබ්බෙ.
මෙතනදි අපි පටන් ගන්නෙ කලින් ලිපිය නවතපු තැනින්, ඒකියන්නෙ පිරිමි අය ගැහැණු අයට වඩා 8 ගුණයකින් බොරු කියන තැන ඉදන්.

Image Source : New Health Advisor

සාමාන්‍ය විදියට ගැහැණු අය බොරු කියන්නෙ, අනිත් අයගේ හැඟීම් ආරක්ෂා කරන්න හරි අනිත් අය ගැන හරි. හරියට, “ ඔව් ඇය ඇත්තටම හොඳයි “ වගේ.
නමුත් පිරිමි අය බොරු කියන්නෙ, වඩා බලවත් හරි, වඩා සාර්ථකයි හරි නැත්නම් වඩා සිත්ගන්නාසුළු හරි කියන්නයි.

ඒවගේමයි ගැහැණු අය තැනකට යනව නම් වඩා සැලකිලිමත් වෙන්නෙ තමන්ගෙ ඇඳුම සහ විදිය ගැනයි. නමුත් පිරිමි අය වැඩියෙන් සැලකිලිමත් වෙනවා  සහභාගි වීම කියන කාරණයට, ඇඳුම හෝ විදිය කියන කාරණා වලට වඩා. ඒකියන්නෙ පිරිමි අය නිතර බලන්නෙ ඇඳුමට වඩා ඇය සූදානම්ද කතා කරන්න, සම්බන්ධයක් ගොඩනගා ගන්න කියන කාරණයට. ඔබ ඉන්නෙ අත් දෙක බැඳගෙන නම්, ඒවගේම මලානිකව වගේ නම් මොන තරම හොඳ ඇඳුමක් ඇදල, මේකප් දාගෙන  හිටියත්, ඔබ පිරිමියාගෙ හිත ගන්නෙ නැහැ. ඉතින් ඔබ සිත්ගන්නාසුළු විදියට හිනා නොවුනත්, හිනාවට සූදානම් මුහුණක් එක්ක ඉන්නව නම්, කතා කරන්න කැමති විදියට ඉන්නව නම් එතකොටයි ඔබ ගැන සුභවාදි හැගීමක් පිරිමි අයට ඇති වෙන්නෙ.


මතකනේ අඳින ඇඳුම වැදගත්, ෆේෂල් එක, කොණ්ඩා මෝස්තරය වැදගත් තමයි. ඒත් ඒ හැමඑකටම වඩා මඳ හිනාවකින් හොඳින් ඉන්නව නම් ඒක තමයි වඩා වැදගත්.

ඊලග වතාවක තවත් තොරතුරු එක්ක මුණගැහෙමු..

Related Articles