Home Health & WellnessPhysical Wellbeing ඔසප් වීම

ඔසප් වීම

by LADY.LK

මොකක්ද මේ ඔසප් දිනය කියන්නෙ ?
පිටරට වල වැඩිපුර කතා කරන්නෙ My Periods කියල. ලංකාවෙ Menses date, dates, ආර්තවය වගේම මාස් ශුද්ධිය වගේ කියලත් කියනව. කෙනෙක්ට කියන්න බැරි උනාම “ මම ලෙඩ වෙලා ඉන්නෙ“, “ බඩේ අමාරුවක් තියෙනවා වගේ කියනවා.
සෑම වැඩිවිය පැමිණිනු ගැහැණු ළමයෙක්ටම ඒ කියන්නේ වයස 11-14 වයසක ඉදල, කාන්තාවකටම අවු 55 පමණ දක්වා ස්වභාවිකව සිදු වෙන ක්‍රියාවලියක්.
ඔසප් වෙන්න ආරම්භ උනා කියල කියන්නෙ, ගැහැණු දරුවෙක් මවක් වීමට සුදුසු බව කියවෙන දෙයක්. නමුත් ගර්භාෂය දරුවෙක් දරන්න සුදුසු වෙන්නෙ වැඩිවිය පැමිණුනු විගස නෙමෙයි. අවම තරමින් අවුරුදු 18ක්වත් උනාට පසුවයි. නීතිය අනුවත් ඒක එහෙමයි.

 

ඉතින් මේ ඔසප් වීම සෑම ගැහැණු ළමයෙක්ටම මාසයකට වතාවක් සිදු වෙන දෙයක්. ඔසප් වීම සතියක්, 2ක් මග ඇරුනොත් ඒකියන්නෙ  දරුවෙක්  පිළිසිදගෙන Pregnant) වෙන්න පුලුවන්. ඒනිසා ඒ ගැන ගෑණු ළමයින්ව හරියට දැනුවත් කරලා අවබෝධ කරන එක දෙමාපියන්ගෙ, සමාජයේ වගකීමක්. ලංකාව වගේ නිසි ලිංගික අධ්‍යාපනයක් නැති රටක මේ තත්වය බොහෝම ගැටළුකාරි වෙලා තියෙනවා. සාමාන්‍ය විදියට මේ මෙන්සස් සයිකල්/ චක්‍රයේ දවස් ගාන තමයි දවස් 28ක්. ඒකියන්නෙ ඔබ මැයි 20 උනා නම් නැවත වෙන්නෙ බොහෝවිට ජුනි 17-18 වෙන්න පුලුවනි. සමහර වෙලාවට ඊට ටිකක් කලින් හෝ පහු වෙලා වෙන්න පුලුවන්. සමහර අය බොහොම ස්ට්‍රෙස් එකකින් ඒකියන්නෙ පීඩනයකින් ඉන්නව නම්, එතකොට ඉක්මනට ආර්තවය සිදුවෙන්න පුලුවනි.

 


ඉතින් සෑම ගෑණු ළමයෙක්ම මේ ගැන මනා දැනුවත් භාවයකින් ඉන්න ඕන. ඒවගේම මේ මෙන්සස් දවස් වලට හැකි තරම් පිරිසිදුව ඉන්නත් ගුණදායක කෑම කන්නත් වග බලා ගන්න එකත් වටිනවා. ඒකට හේතුව ආර්තවයෙදි ඔබගේ ශරීයෙන් බොහොමයක් ගුණදායක දේවල් පිටවීම. විශේෂයෙන් යකඩ පවා පිටවෙනවා.
මේ දවස් වලදි ඉන්න ඕන විදිය වගේම මේ සම්බන්ධව පෝෂණය ගැන අදහසුත් ඉදිරි ලිපි වලින් ලබාදෙන්නට හිතනවා.

Related Articles