Home Health & WellnessSexual Wellbeing ඔබත් ස්වයංවින්දනයේ යෙදෙනවාද ?

ඔබත් ස්වයංවින්දනයේ යෙදෙනවාද ?

by LADY.LK
ස්වයංවින්දනය කිව්වාම එකපාරටම නුහුරු ගතියට වඩා ලැජ්ජාවක් දැනෙනවා වෙන්න පුලුවනි. ඒත් ස්වයංවින්දනය කියන්නෙ නරක දෙයක් නෙමෙයි. වැරදි දෙයකුත් නෙමෙයි.
ඒකට ඇබ්බැහි උනොත් මනෝ විද්‍යාත්මකව නම් තමන්ගෙ වැඩ අතපසු කෙරෙන දෙයක්. එහෙම හිතුවොත් තරමක් අවාසි සහගත දෙයක්. නමුත් ඇබ්බැහියකින් තොරව ස්වභාවිකත්වයට ඉඩ දුන්නොත් ඒක කායික විද්‍යාවට අනුව ස්වභාවයට එකඟ වීමක්.
පොදුවේ ගත්තාම, පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් ලිංගිකව උද්දීපනය තරමක් අඩුයි. නමුත් 70%ක් විතර කාන්තාවන් ස්වයංවින්දනයේ යෙදෙන බව පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනව.

 

ස්වයංවින්දනය තුලින් තමන්ට සතුටු වෙනවා වගේම, අනාගතයේ දවසක හෝ ලැබෙන ලිංගික සතුටෙදි හොඳින් ඒක විඳගන්නත්, ඒ ගැන අවබෝධයෙන් වැඩ කරන්නත් පුලුවන් වෙනව.
ඒනිසා ස්වයංවින්දනය වැදගත් දෙයක් විදියට සලකන්න අපිට සිද්ධ වෙනව.
ස්වයංවින්දනයෙදි මූලිකව තේරුම් ගන්න ඕන දෙයක් තමයි තමන්ට ඉක්මණින්ම හැඟීම් උද්දීපනය වෙන ස්ථාන මොනවද කියල. සරලව හිතුවොත් කණ එක තැනක්. එතන හැඟීම් ඉක්මණින් අවුස්සගන්න පුලුවන් තැනක්. ඒවගේම බෙල්ල. බෙල්ලෙන් ෆෙරමෝන නිපදෙනව. තමන්ගෙ විරුද්ධ ලිංගිකයාව ආකර්ෂණයට අදාලව. තවදුරටත් හිතුවොත් භගමණිය වගේ ස්ථානයක සිප ගැනීම, එතන ස්පර්ශය තුලින් සතුටු වෙලා සුරාන්තයකට එන්න පුලුවනි. කාන්තාවන්ට සුරාන්ත කීපයක් තියෙනවා. පිරිමින්ට වගේ නෙමෙයි. ඒකියන්නෙ ක්ෂණිකව හැඟීම් ආවෙ නැති උනාට, සතුටු වෙද්දි වෙලාව අරගෙන සතුටු වෙන්න පුලුවනි.

 

ඊලග ලිපි වලින් තවදුරටත් පැහැදිලි කරගමු මේව පිලිවෙලට…

Related Articles