Home Health & WellnessSexual Wellbeing අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන් පරිස්සමින්

අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන් පරිස්සමින්

by LADY.LK

කාන්තා රෝග අතර ගැබ්ගෙල පිළිකාව මේ වනවිට බොහෝ කාන්තාවන්ට වැළඳෙන රෝගයක්  බවට පත් වෙලා. කාන්තාවන්ට වැළඳෙන රෝග අතරින් දෙවැනි ස්‌ථානයේ පසු වන්නේ මෙම ගැබ්ගෙල පිළිකා රෝගයයි. නමුත් මෙම දරුනු රෝගී තත්වයෙන් මිදීමට කාන්තා ඔබට හැකියාව පවතිනවා. පූර්ව පිළිකා අවධියේ දී එම තත්ත්වය හඳුනාගතහොත් ඔබට එමගින් අත්මිදීමට පුළුවන්.

වෛද්‍යවරන් සඳහන්  කරන ආකාරයට ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ්ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇති වන රෝගී තත්වයක්.

ගැබ්ගෙලපිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිලිකා අවධියක්‌ තිබෙනවා.පූර්ව පිළිකා අවධියේදී රෝග ලක්‍ෂණ දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් පැප් පරීක්‍ෂණයක්‌ මගින් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක්‌ බවට පත්වීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.

ගැබ්ගෙල පිළිකාවක රෝග තත්වයේ රෝග ලක්ෂණ අපට මෙලෙස හඳුනා ගැනීමට පුළුවන්
යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
ලිංගික සංසර්නයට පසු රුධිර වහනය
යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයක්‌ පිටවීම
මාස්‌ ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.

මෙම රෝගී තත්වයේ වැඩි අවධානවමක් පවතින්නේ
හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට
අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට
බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට
බහුස්‌ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයින් සමග ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට
අක්‍රියව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට
විවිධ රෝග සඳහා ප්‍රතිශක්‌තීකරණය හීනකරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට
ලිංගිකව බෝවන රෝග සෑදි ඇති කාන්තාවන්ට

මෙම රෝගී තත්වය  වැළඳීමේ  අවදානමක සිටින බව කලින් දැනගත හැකි ක්‍රම කිහිපයක්ම ඇති බව වෛද්‍යවරුන් පවසනවා. ඒ අනුව ගැබ්ගෙල පිළිකාව සෑදීමට පෙර (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්‍ෂාවකින් හඳුනාගත හැකියි.පැප් පරීක්‍ෂාවක්‌ යනු ගැබ්ගෙල ආශ්‍රිතව සිදු කරන සරල පරීක්‍ෂණයක්.මේ සඳහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධ වීම නොමැති දිනයකයි.මෙහිදී ඔබට වේදනාවක්‌ හෝ අපහසුවක්‌ ඇති වන්නේ නැහැ. මෙමගින් ගැබ්ගෙලෙහි පූර්ව පිළිකා සෛල හඳුනාගන්න පුළුවන් වෙනවා.

පැප් පරීක්‍ෂණය නිරෝගී කාන්තාවන් වෙනුවෙන් තිබෙන එකක් වගේම  මෙම පරීක්‍ෂණය අවුරුදු 35 හෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී සිදු කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about sex life . You can read the article and put your feedback on it.

Related Articles