Home Health & WellnessSexual Wellbeing ස්වයං වින්දනය ගැන මිථ්‍යාවෙන් ඉවත් වෙමු

ස්වයං වින්දනය ගැන මිථ්‍යාවෙන් ඉවත් වෙමු

by LADY.LK

මොකක්ද මේ ස්වයං වින්දනය කියන්නෙ ඇත්තටම ? මේ වචනයත් එකපාරට කියවද්දි කරදරකාරි හරි ඔබව අපහසුතාවයට පත් කරවන වචනයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා අහල තියෙන දේවල් අනුවයි. විශේෂයෙන් ලංකාව වගේ රටක ලිංගික අධ්‍යාපනයක් නැහැ. ඒනිසා වෙන බොහෝමයක් වැරදි අතර එක වැරදි මතයක් තමයි ස්වයං වින්දනය හොද නැති දෙයක් බව හිතන එක.

ස්වංය වින්දනය කියන්නෙ තමාව ස්පර්ශ කරගැනීමෙන් ලිංගික සතුටක් ලැබීමයි. මේකෙදි තමන්ම හෝ සමහර අවස්ථා වල විවිධාකාර ද්‍රව්‍ය වගේ දේවල් භාවිත කරලත් සිදු කරන අවස්ථා තියෙනවා. ගැහැණු අය ස්වයං වින්දනයේදි යෝනිය තුළට ඇඟිල්ලක් හෝ කීපයක් ඇතුළු කරනවා.  දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙනව. ඒවගේම අමතරව ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති ‘G ස්පොට්’ ඒකියන්නෙ මෑ ඇටය විදියට හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයටම සමාන වෙනත් උපකරණ භාවිතයෙන් ද සුරාන්තයට එළඹෙන්නට හැකියාව තියෙනවා. ගැහැණු අයට සුරාන්ත කීපයක් තියෙන බව, පිරිමි පාර්ශවය දැනගත යුතුයි, ඒක අතිශයින් වැදගත් ලිංගික එක්වීමකදි දෙදෙනාම සතුටු වෙනවා කියන කාරණයට.

 ස්වයං වින්දනය හිත මූලික කරගත්ත ලිංගික තෘප්තිය ලබන්නා වූ විදියකි. ඒකියන්නෙ හිතින් ලිංගික එක්වීමකට අදාළ අවස්ථා මවා ගැනීමෙන් සිදුකරන කායික ක්‍රියාවකි. මේක අස්වාභාවික දෙයක්.
සමාජයේ භීතියක් මැව්වත් ස්වයං වින්දනය කියන කාරණාව වැරදි දෙයක් නෙමෙයි. ඒක කායික විද්‍යාත්මකව නම් ස්වභාව ධර්මයට ඉඩ දීමක්. ගැටළුව වෙන්නෙ ඇබ්බැහි උනොත් කාලය නාස්ති වෙන එකයි. බුදු දහමේ නම් ස්වයං වින්දනය ගැන වරදක් විදියට දක්වලා නැහැ. නමුත් බොහෝමයක් ආගම් වල ඒක පවක් හෝ වරදක් කියන කාරණාව දක්වලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක වරදක් නැති බව.
ලංකාව වගේ රටක තියෙන මිථ්‍යා මත තියෙනවා ස්වයං වින්දනයේ යෙදුනාම,  ශරීරය කෙට්ටු වෙනවා, මානසික තත්ත්වය දුර්වල වෙනවා, මුහුණේ කුරුලෑ එනවා, අකලට මහළු වෙනවා, එම අවයව විකෘති වෙනවා, අප්‍රාණිකත්වය හටගන්නවා වගේ කාරණා සියල්ලම වගේ බොරු සහ වැරදි ප්‍රචාර බව මතක තියාගන්න. එහෙම වැරදි මත ප්‍රචාර කරන සමහර අයගේ උවමනාව තමයි ඒ තුලින් විවිධාකාර ඖෂධ විකුණගන්න එක.

ඔයා දන්නවද සමීක්ෂණ වාර්තා අනුව ගැහැණු අයගෙන් 70%ක් පමණ ස්වයං වින්දනයේ යෙදෙනවා. නමුත් පිරිමි ගත්තාම 98%ක්ම ස්වයං වින්දනයේ යෙදෙනවා. ගැහැණු අයට වඩා ලිංගික ක්‍රියාගැන අවදියකින් තමයි පිරිමි අය ඉන්නෙ.

මේ සම්බන්ධ තවත් කාරණා ඉදිරි ලිපියකින් දැනගමු.

Related Articles