Home Health & WellnessBeauty Care කුරුලෑ ඒම සහ රූමත් බවට බාධා වීම ? පිලියම් තිබේද ?

කුරුලෑ ඒම සහ රූමත් බවට බාධා වීම ? පිලියම් තිබේද ?

by LADY.LK

කුරුලෑ කියන්නෙ බොහෝමයක් ගෑණු ළමයින්ට ජිවිතේ යම් කාලෙකදි ප්‍රශ්නයක් – හිසරදයක් වෙන දෙයක් බව දැන් හොයාගෙන තියෙනව. විශේෂයෙන්ම නව යොවුන් වියට එළඹෙන ගෑණු දරුවන්ට තියෙන ගැටළුවක් තමයි කුරුලෑ ඇවිල්ලා මුහුණේ තියෙන රූමත් බවට ගැටළු එන එක.
මේකට ඉතින් විවිධාකාර දේවල් කරනවා. ඇත්තටම මේකට හේතුව කායික විද්‍යාත්මකව නම් හෝමෝන වල ක්‍රියාකාරිත්වයක්. නමුත් ජ්‍යොතිෂ්‍යය අනුව මේකට හේතුව මොකක්ද ? මේ වෙනුවෙන් කල යුතු දෙයක් තියෙනවද ?

මේ අපි කියන්නෙ දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදින් විසින් පර්යේෂණාත්මකව හොයපු ඒ අනුව තහවුරු කරගත්ත  ජ්‍යොතිෂ්‍යය දැනුම. මෙහෙම තත්වයක් තියෙනවද කියල කේන්දරේ බලන්න. එහෙම තියෙනව නම් ඒකට කරන්න ඕන දේවලුත් මේ ලිපියෙම සදහන් වෙනව.

 ඔයාල දන්නවද කේන්දර ශාස්ත්‍රයට අනුව මුහුණට හානි කරන ප්‍රබලම ග්‍රහයා කවුද කියල ?
ඒ තමයි රාහු ග්‍රහයා
යම් කෙනෙක්ගෙ රාහු ග්‍රහයා 2 කොටුවේ හිටියොත් කුරුලෑ එනවා. කුරුලෑ එන එක ඕනම කෙනෙක්ට වෙන දෙයක්නෙ. ඒ උනාට මුහුණ ගැන කියවෙන 2 වැන්නෙ රාහු හිටියාම ටිකක් සැරට, නැත්නම් කාලයක්ම මුහුණේ තියෙන විදියට, නැත්නම් කැළැල් පිහිටන විදියට කුරුලෑ එන්න ලොකු ඉඩක් තියෙනව.
ඒවගේම  ශුභ ග්‍රහයෝ ( ඒකියන්නෙ සදු, සිකුරු, ගුරු) 5, 9 හෝ ලග්නයේ/ 1 වැන්නේ නැත්නම් තරමක් හෝ මුහුණ රූපසම්පන්න කමෙන් අඩුවෙන්න ඒක හේතු වෙනව.
තව දෙයක් රාහුයි – චන්ද්‍රයි 2 කොටුවෙ හිටියොත් කොස් කට්ට වගේ මුහුණ විකෘති වෙන්නත් දන්තාබාධ වගේම දත් අක්‍රමවත්ව පිහිටන්නත් හේතු වෙන්න ඉඩ තියෙනව.
කුජ-කේතු 2 හිටියොත් කැළැල් සහිත මුහුණක්. දත් උල් දත්, ඒවිතරක් නෙමෙයි නපුරු ඇස් 2ක් හිමිවෙන්න ඉඩ වැඩියි එහෙම අයට.
ඒවගේම තමයි අවපස නීච සඳු 2වැන්නේ ඉන්න අයට. බොහෝ වෙලාවට තුලා ලග්න අයට, මූණ හරි රෞද්‍ර ස්වභාවයක් ගන්න පුලුවන් එතකොට.
 ඒවගේම කේතු ග්‍රහයා 2 හිටියොත් සුදුමැලි වෙච්ච, කැළැල් සහිත පෙනුමක් ඇති කරනව.
ඉතින් මේ කියල තියෙන්නෙ පොදුවේ මෙහෙම වෙන්න හේතු තමයි. අපිට කුරුලෑ වගේම ඕනෑම දෙයකට වෛද්‍ය ප්‍රතිකාර වගේ දේවල් වලින් යම් හෝ වෙනසක් ඇති කරගන්න පුලුවන්.
ජ්‍යොතිෂ්‍යය අනුව හිතුවාම, කෙනෙක්ට ලස්සන වෙන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද දන්නවද ?

ඒ තමයි මල් පූජාව. තමන්ගේම ගෙදර, තමන් හිටවපු, සාත්තු කරපු මල් ගස් වලින් මල් කඩලා, පැන් ඉහලා පැහැදුනු සිතින් යුක්තව බුදුන්වහන්සේ ප්‍රමුඛ සද්ධර්මයට පූජා කරනව නම් පෙර කල අකුසල් ගෙවිලා ඔබට රූපසම්පන්න වෙන්න වාසනාව ලැබෙනවා.
හැකිතරම මල් පූජාව කරන්න. බෝධි පූජා කරන්න. උත්පලවණ්ණා තෙරණියගේ කතාව කියෙව්ව නේද ? ඒ ප්‍රාර්ථනාව මතකද ? එනිසා හැකි තරම් ඒ විදියට වැඩ කලොත් ඔබට රූමත් වෙන්න වාසනාව තියේවි.

Related Articles