245
අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වගේ ගොඩනැගී තිබෙන්නේ ජලයෙන්. පේශි වලින් 75%ක්, අස්ථි වලින් 22%ක්, රුධිරයේ 83%ක් සහ මොළයෙන් සියයට 90ක් ම ජලය. ඉතිං ඔබ ජලය පානය කිරීමේ අවශ්‍යතාය කොතර ම්ද කියන එක එතනින්ම පැහැදිලියි. ඒ වගේම තමයි උදේ පාන්දරම හිස්බඩ වතුර වීදුරුවක් බිව්වොත් ඒක ගොඩක් ඇගට ගුණයි කියලා අපි අහලා තියෙනවනේ. ගොඩක් අය දන්නේ නැහැ ජලය පානය කිරීමේ වැදගත්කම ඒ නිසා ඔවුන් දවස පටන්ගන්නේ උදෑසන තේ හෝ කෝපි කෝප්පයෙන්. නමුත් එය සෞඛ්‍යට හිතකර නැහැ. උදෑසන හිස්බඩ ජලය පානය කිරීමෙන් ලැබෙන ප්රතිලාභ ගැන තමයි මේ කියන්න යන්නේ…
- රුධිර සංසරණය වර්ධනය කරයි.
උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් රුධිර සංසරණය වර්ධනය කර ශරීරය නිරෝගී කරයි. - ශරීරයේ විෂ ඉවත් කරයි.
වැඩියෙන් ජලය පානය කරන විට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වේ. එයින් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන අතර ශරීරය පිරිසිදු කරයි. - කුසගින්න වැඩි කරයි.
හිස්බඩ ජලය පානය කිරීම ඔබගේ ආහාර රුචිය වැඩි කිරීමට උපකාරී වේ. - වේදනාවට සහනය ලබාදෙයි.
උදෑසන වතුර වීදුරුවක් පානය කිරීම මගින් හිසරදය හා වෙනත් ඕනෑම වේදනාවකට සහනය ලබාදෙන අතර දවස පුරා හොඳින් ජලය පානය කිරීමෙන් හිසරදය ඇතිවීමේ අවදානම අවම කරයි. - වයස්ගත පෙනුම නැති කර නිරෝගී පෙනුමක් ලබාදෙයි.
ජලය පානය කිරීමෙන් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර සම නිරෝගී කර ප්‍රත්‍යස්ථ බව වර්ධනය කරයි. - ශක්තිය වැඩි කරයි.
හිස්බඩ ජලය පානය කිරීම මගින් රතු රුධිර සෛල වේගයෙන් වර්ධනය කරන අතර රුධිරයේ වැඩි ඔක්සිජන ප්‍රමාණයක් ඇතිවේ. එමගින් ඔබේ ශරීරයේ ශක්තිය වැඩි කරයි. - සිරුරේ බර අඩු කරයි.
ඔබ ආහාර පාලනය කරනවා නම් වැඩිපුර ජලය පානය කිරීම මගින් ශරිරය්ව් බර අඩු කරගත හැකියි. ජලයේ කැලරි අඩංගු නොමැති බැවින් ඔබට අවශ්‍ය තරම් පානය කරන්න පුළුවන්. - වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.
ජලය පානය කිරීමෙන් වකුගඩු පිරිසිදු කර එහි ක්‍රියාකාරිත්වය වර්ධනය කරන අතර ශරීරයේ සිනි මට්ටම පාලනය කිරීමටද උපකාරී වේ.