Home LifestyleLove & Relationships විවාහක පිරිමියෙක් ගැන ආදරයක් ඇති වුණොතින් මොකද කරන්නේ?

විවාහක පිරිමියෙක් ගැන ආදරයක් ඇති වුණොතින් මොකද කරන්නේ?

by LADY.LK

කෙනෙකුගේ හිතේ ආදරයක් ඇති වෙන්න මහ ලොකු වෙලාවක් යන්නේ නැහැ. එය ඕනෑම අවස්ථාවක, ඕනෑම මොහොතකදී ඇති වෙන්න පුළුවන්. ඒත් අපි ආදරය කරන්න තෝරා ගන්න පුද්ගලයා මොනවගේ  කෙනෙක්ද කියන එක ගැන නම් සැලකිලිමත් විය යුතුමයි. නිකමට හිතන්න ඔබට විවාහක පිරිමියෙකු කෙරෙහි ආදරයක් ඇති වුණොත් ඔබ මොකද කරන්නේ?

මේ සඳහා ඔබේ පිළිතුර කුමක් වුවත් ඔබට රටේ තොටේ බැණුම්වල නම් කිසිම අඩුවක් වෙන එකක් නැහැ. ඒත් ආදරයේදී ඔබට මේ කිසිම කතාවක් අදාළ වෙන එකක් නැහැ. එත් එවැනි ආදරයක් ඔබේ හිතේ ඇති වුණොතින් එක් වරක් නොව සිය දහස් වාරයක් හෝ ඒ ගැන සිතා නිසි තීරණයක් ලබා ගත යුතුමයි. . ඒ නිසා මේ ප්‍රශ්නෙට විසදුමක් සොයාගන්න පුළුවන් ඔබට විතරයි. ඒ නිසා මේ දේවල් ගැනත් හොදින් හිතලා බලන්න ඔබ තීරණයක් ගන්න කලින්.

  1. යථාර්තයට මුහුණ දෙන්න

බහුතරක් විවාහක පිරිමින් වෙනත් කාන්තාවන් සමග සබදතා ඇතිකර ගත්තත් ඔවුන් කිසිම දවසක තමන්ගේ බිරිද හෝ දරුවන් අත්හැර ඒ කාන්තාවන් සමග විවාහ වෙන්නේ නැහැ. ඔවුන් නිතරම උත්සහ කරන්නේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න දෙදෙනාත් සමගම සබදතා පවත්වන්න. මේ නිසා හොදින් කල්පනා කරන්න ඔබට අවශ්‍ය මේ විදිහේ ජීවිතයක්ද කියලා.

  1. ඔබත් බිරිදක් ලෙස සිතා බලන්න

ඔබේ සැමියා ඔබට රහසින් වෙනත් කාන්තාවක් සමග සබදතා පැවැත්වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබට පුලුවන්ද එය දරාගන්න. ඔබේ සැමියා ඔබව තනිකර වෙනත් කාන්තාවක් සමග සබදතාවයක් පවත්වාගෙන ගියොත් ඔබට උදාවෙන තත්වය ගැන හිතන්න. එවිට ඔබට පුළුවන් තවත් කාන්තාවකට අසාධාරණයක් නොකර ඉන්න.

  1. ඔහුව විශ්වාස කරන්න පුලුවන්ද කියා සිතා බලන්න

ඔහු ඔහුගේ බිරිදව හැරදා ඔබත් සමග පැමිණියා නම් ඔහු ඔබව තනිකර නොයාවි කියා ඔබට සහතික වෙන්න පුලුවන්ද? මේ නිසා ඔබ කාරණාවන් තුනක් ගැන සිතා බලන්න.

– ඔහුට කලින් කල දෙය නැවතත් කිරීම අපහසු දෙයක් නොවෙයි.
– ඔහු එක්වරක් ලබාගත් නිදහස නැවතත් ලබා ගැනීමට අනිවාර්යෙන්ම උත්සහ කරනවා.
– ඔහු නැවතත් ඔහුගේ කලින් බිරිද වෙත යාමට ඇති ඉඩකඩ වැඩියි.

මේ නිසා මේ ගැන හොදින් සිතා බලන්න.

  1. ඔබට ඔබටම සමාව ලබාදෙන්න පුළුවන් වේවිද?

ඔබ ඔහුත් සමග සබදතාවයක් ආරම්භ කර විනාශ කලේ තවත් කාන්තාවකගේ පවුල් ජිවිතයක්. ඔබ බිරිදකට සැමියෙක් වගේම දරුවන්ට පියෙකුත් අහිමි කරලා. මොහොතකට සිතා බලන්න මේ වැරැද්දට ඔබට ඔබටම සමාව ලබාදෙන්න පුලුවන්ද කියල.

  1. ඔබේ වටිනාකම ගැන සිතන්න

ඔබ තවමත් වටිනාකමක් තිබෙන කාන්තාවක්. මේ නිසා ඔබට කිසිදු අපහසුතාවයක් නැහැ ඔබට ගැලපෙන සහකරුවෙක් සොයාගන්න. මේ නිසා තව දුරටත් ඔබ මේ වගේ සබදතාවයක පැටලී සිටිය යුතු නැහැ. ඔබේ ජීවිතයට ලැබිය යුතු වටිනාකම ලබාදෙන්න.

  1. අත්දැකීම් වලින් ඉගෙන ගන්න

හැම කෙනෙක් අතින්ම වැරදි සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. ඔබ අතිනුත් මේ සිදු වුනේ වැරද්දක්. නමුත් ඔබ ඒ ගැන තව දුරටත් පසුතැවිලි විය යුතු නැහැ. ඔබේ වැරැද්ද හදාගෙන ඔබ ජීවිතේ ඉදිරියට ගෙන යන්න.

 

 

[dt_gap height=”10″ /][dt_divider style=”thin” /][dt_gap height=”10″ /]

www.Lady.lk is a website dedicated to Sri Lankan Women. It consists of inspirational and educational contents related to Sri Lankan female beings. It also covers lifestyle, health and vast variety of other topics. Regardless of the type of women you are, you’re sure to find something of interest on lady.lk. This article is about loving to a married man. You can read the article and put your feedback on it.

Related Articles