Home LifestyleLove & Relationships කී දෙනෙක් නම් අපට නොගැලපෙන සබඳතාවල රැඳී ඉන්නවද?

කී දෙනෙක් නම් අපට නොගැලපෙන සබඳතාවල රැඳී ඉන්නවද?

by LADY.LK

අපෙන් කී දෙනෙක් නම් අපට නොගැලපෙන සබඳතාවල රැඳී ඉන්නවද?  ඔබගෙන් සමහරෙක් එය අත්විඳ ඇති තවත් සමහරු තවමත් බියකරු සිහින දකිමින් සිටියි. සම්බන්ධතාවයක් අවසන් කිරීම උභතෝකෝටිකයක ප්‍රශ්නයක්.  නරක සම්බන්ධතාවයකින් ඉවත් විය යුත්තේ කෙසේදැයි දැන ගෙන සිටිමෙන් මෙකී පීඩාකාරී තත්වයන්ගෙන් ඔබට ඈත් වී සිටින්නට පුළුවන්.

ගෞරවය යනු ශක්තිමත් සම්බන්ධතාවයක අනිවාර්ය අංගයකි.  අවිශ්වාසය , සැකය,  සොයා නොබැලීම, වගකීම් සහගත නොවීම යනාදී කරුණු නිසා ඔබට සම්බන්ධතාවයක් එපා වී යන්නට පුළුවන්. නමුත් එසේ වූ පමණින්ම සම්බන්ධතිවයක් බිඳ දැමීම සිදු කළ යුතු යැයි මා කියන්නේ නැහැ.

 මෙවැනි තත්වයන් වලදී අපි සිදු කළ යුත්තේ හැකි තාක් අනෙක් පාර්ශවයට මේ තත්වයන් සහ ඔබ ඔහුගෙන් සහ ඇයගෙන් බලාපොරොත්තුවන දේවල ගැන පැහිදිලි කර දීමයි.

නිරන්තරයෙන්ම අප සිහි තබා ගත යුත්තේ 100% සම්පූර්ණ වශයෙන්ම ගැලපෙන මිනිසුන් මෙලොව නොසිටිනා බවයි. එනම් සම්බන්ධතාවයක් යනු 90% ක්වූ නොගැලපීම් ඉවසා ගනිමින් 10% ක් තරම් වූ ගැලපීම් මත ජීවත් වීමයි. එසේ හෙයින් මෙවැනි ප්‍රශ්න ඇති වූ  සැණින් වෙන්වීමට තීරණ කිරීම නුසුදු බව තරයේ මතක තබා ගන්න ඕන කරුණක්.

නමුත් ඔබ මේ සියලූ දේ ඉවසමින් තම සම්බන්ධතාවය රැක ගන්න හැදුවත් මනි ්ඔබට සහනයක් ලැබෙන්නේ නැත්නම් වඩාත්ම සදුසු ඔබ එම සමබන්ධ තාවයෙන් ඈත් වීමයි.

ඔබ දෙනො අතර ඇති නොගැලපීම් තේරුම් ගනිමින් ඒවා  රණ්ඩුසරුවල් වීමකින් තොරව සාක්ච්ඡා කොට අනෙකාගේ ගෞරවය රැකෙන පරිදි දුරස්වීමට කටුයුතු කිරීම ඉතාමත් වැදගත්.

එහිදී අනෙකාගේ දොස් පරොස්  වෙනත් අය හා පැවසීම නොකළ යුතුයි. ඔබ ආදාරය කළ කෙනාට අාදරය කළ කාලය තුළදී ගෞරව කළා සේම ඔබේ වෙන්ව යාමෙන් පසුවත් ඔහුගේ හෝ ඇයගේ ගෞරවය ආරක්ෂා කිරීමට අමතක කරන්න එපා.

Related Articles